
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලෝක වෙළෙඳ පොලේ බොරතෙල් මිල, ගෑස් මිල අඩු වීමෙි සහනය රජය ලබා ගනිද්දී අහිංසක දුප්පත් ජනතාවගේ දරුවාට පාඩම් කරන්න බල්බ් එකක් පත්තු කරගන්න විදියක් නැතැයි පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අද විදුලි පරිභෝජනය බින්දුවටම බැස තිබෙන බව කී වීරක්කොඩි මහතා විදුලිය මිල අඩු කරන්න හොඳටම හැකියාව තිබෙන නමුත් ආණ්ඩුව එසේ කරන්නේ නැතැයි පැවසීය. රෝහල් වල වෛද්‍යවරුන්,හෙදියන් මෙන්ම රෝහල් කම්කරුවන්ගේ දැඩි හිඟයක් තිබෙන බවද වීරක්කොඩි මහතා කීය.
සංචිත බිලියන තුනක් දක්වා වැඩිවී ඇති බවත් බදු ආදායම වැඩිවී ඇති බවත් ආණ්ඩුව කියන බව පැවසූ චන්දිම වීරක්කොඩි මහතා ආණ්ඩුව රටේ සල්ලි නැතැයි කියන්නේ ඡන්ද ගැන කතා කළොත් පමණක් බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිල් මාරුකළාම ඡන්දෙ ලැබෙනවා කියලයි ඔහේ හිතන් ඉන්නේ? හබරාදුවේ මිනිස්සු එච්චරම මෝඩ නෑ... වීරක්කොඩි උන්නැහේ...
අපේ බදු සල්ලි වලින් කාලා මෙයාගේ මුහුණ දිලිසෙනවා..
ඇත්ත තමයි, බොරු වැඩවලට ආණ්ඩුවට සල්ලි නැහැ. මොකෝ ඔබලා දින්නා කියලා රටට වැඩක් තිබෙනවද? කාලකන්නි...!