IMG-LOGO

‘‘කාබනික පොහොර ජනප්‍රිය කරන්න පක්ෂ විපක්ෂයේ හැමෝම එක් වෙමු‘‘

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

කාබනික පොහොර ජනප්‍රිය කරවීමේ වැඩපිළිවෙළ දේශපාලනීකරණය නොකර ඒ ජනහිතකාමී වැඩපිළිවෙලට සහාය දෙන්නැයි තමා විපක්ෂයෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඇමතිවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී අමාත්‍යාංශ නිවේදන යටතේ ප්‍රකාශයක් කරමිනි .

රටේ කිසිදු පොහොර හිඟයක් නැති බවත් සමහර කූට වෙළඳුන් පොහොර සඟවාගෙන සිටින බවත් ඇමැතිවරයා සඳහන් කරයි

අවශ්‍ය තරම් පොහොර ගබඩාවල පවතින බවද ඔහු කීවේය .

රටේ රසායනික පොහොර භාවිතය සියයට 300 කින් වැඩිවී ඇතැයි කී අලුත්ගමගේ මහතා පොහොර භාවිතය වැඩි වුවත් ඊට සාපේක්ෂව නිෂ්පාදනය වැඩි වී නැතැයි ද ඔහු චෝදනා කළේය .

රටේ රසායනික පොහොර අවභාවිතා වන තත්වයක් පෙනෙන්නට තිබෙන බවද ඊළඟ මහ කන්නයට අවශ්‍ය පොහොර ගොවි ජනතාවට ලබාදෙන බවද ඇමැතිවරයා කියා සිටියේය.



අදහස් (14)

‘‘කාබනික පොහොර ජනප්‍රිය කරන්න පක්ෂ විපක්ෂයේ හැමෝම එක් වෙමු‘‘

Nuwan Tuesday, 08 June 2021 02:26 PM

කොවිඩ් වසංගතය අස්සේ එක රැයකින් කාබනික පොහොරවලට මාරුවෙන්න දඟලන රට මොන පොහොරවත් නැති මට්ටමට ගේනවා. කොවිඩ් ඉවරවුණු හැටියේ එන්නේ සාගතේ... මේ මිනිස්සුන්ගේ මොලේ තියෙන්නේ කොහේද මන්දා..?

:       64       53

nimalTuesday, 08 June 2021 04:32 PM

වර්තමාන විපක්ෂය ශක්තිමත් නොමැති නිසා සායනික පොහොර යොදා ශක්තිමත් කරන්න.

:       0       19

කෝසල Tuesday, 08 June 2021 03:04 PM

අදහස හොඳයි. ඒත් ඔවුන් කිසිම දිනක කාබනික පොහොරවලට ගොවියා උනන්දු නොකරනු ඇත.. ඒ ඔවුන්ට කරන්න බැරි වූ දේ වෙනත් යමෙක් කරනවාට ඔවුන් කැමති නොවනු ඇති නිසායි...

:       10       91

Nemash Tuesday, 08 June 2021 03:08 PM

පක්ෂ විපක්ෂ එකතු කරන්න දඟලන්න ඉස්සෙල්ලා.. ගොවීන් හමුවෙලා ඒ ගොල්ලෝ පොහොර හිඟය නිසා මුහුණු දී ඇති අපහසූතා හොයලා බලා පිළියම් යෙදුවොත් නරකද? බලෙන් සාගතයක් නිර්මාණය කරන්නේ නැතිව..

:       2       54

රට වැසියා Tuesday, 08 June 2021 03:39 PM

මෙතන තියෙන කථාව කාබනික පොහෝර ජනප්‍රිය කරනවාද නැද්ද කියන එක නෙවෙයි!, අද රසායනික පොහෝර අයින් කරලා, හෙට ඉඳලා කාබනික පොහෝර පාවිච්චි කරන්නේ කොහොමද කියලා!...අනේ මන්දා

:       45       24

ලක්වැසියාTuesday, 08 June 2021 05:24 PM

මුලින් ගැටලු ඇති වෙන්නට පුලුවන්. නමුත් මෙය හොඳ විප්ලවීය තීරණයක්. පස කාබනික පොහොරට හුරු වූ පසුව සියල්ල ම යහපත් වේවි . එතෙක් බලා සිටිමු......

:       51       38

Sri Lanka Tuesday, 08 June 2021 04:54 PM

ඔව්, අපිත් උදව් කරන්න ලෑස්තියි. හැබැයි ගොයියෝ මේ පාරත් අපිව ගොනාට අන්දලා පිටරටින් ගෙනාවොත්,.. රනිල් වික්‍රමසිංහට කරපුදේ කරනවා...!!!

:       9       67

ලලිත් එම් Tuesday, 08 June 2021 05:14 PM

නොකළ හැකි වැඩක් නැහැ. ඒත් කරන විදිහ ගැන දැනුවත් නෑ. එක පෑන් පහරින් සිංහල රජ බස කරල ඇනගෙන ඉන්න එක හිතමු. ටිකින්ටික එක එක කෙටි කාලීන බෝග වර්ග සඳහා කාබනික පොහොර ව්‍යාප්ත කරමු. දිගුකාලීන වතු වගාව සඳහා වඩා සුදුසු මිශ්‍ර පොහොර... කාබනික සහ රසායන ද්‍රව්‍ය එකතුවක්...

:       30       2

chandima Tuesday, 08 June 2021 06:45 PM

නරි කවද්ද මහත්තයෝ ඩෝල ගැහැව්වේ? මළාට විපක්ෂය ඕකට එකතු වෙන්නේ නැහැ.

:       3       3

fairoos Tuesday, 08 June 2021 06:53 PM

එතකොට චන්දිමාල් - පියුමි කේස්එක ඉවරද? මොනවාහරි අලුතින් ගෙනැල්ලා මිනිස්සු නොමග යවන එකනේ වැඩේ..

:       2       3

BamanuarachchiWednesday, 09 June 2021 08:11 AM

ඒ ගොල්ලොත් එක්කම බුදිය ගන්න....

:       1       3

Bamunuarachchi Wednesday, 09 June 2021 08:07 AM

එතකොට මේ ගොල්ලන්ගේ බිස්නස් කඩා වැටෙනවනේ. රසායනික පොහොර ගෙන්වන්නන් වෙනුවෙන් මේ ගොල්ලෝ පෙනීසිටින්නේ...

:       14       5

ranjith Wednesday, 16 June 2021 06:34 AM

ඉතා පරෙස්සමෙන් කළමනාකරණය කළයුතු දෙයක්. වැරදුණොත් දරුණු සාගතයක් ඇතිවෙන්න පුළුවන්. මේවාට වගකියනවා නම් ගැටලුවක් නැ. දැන් අනාගතය ගැන හැම ආකාරයෙන්ම බියක් ජනතාවට තියෙනවා. ඒ නිසයි මේවා කියන්නේ...!!!

:       0       1

mp Wednesday, 16 June 2021 01:21 PM

කාබනික පොහොර හොඳයි. ඒත් ඒවා නිෂ්පාදනය කරලා ඉවර වෙලා තමයි, රසායනික පොහොර නවත්වන්න ඕනේ... දැන් වෙලා තියෙන්නේ කහ වවලා නිෂ්පාදනය කරන්න කලින් කහ ගෙන්වීම නැවැත්තුවා වගේ වැඩක්. ඒකෙන් මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය කුළුබඩුවක් වූ කහ අවුරුද්දක් විතර තිබුණේ නැහැ. මේ තීරණ ගන්න මිනිසුන්ගේ මොළේ අඩුවක් තියෙනවා. වළවේ ලඟට හත්ගව්වක් තියෙද්දී අමුඩ ගහනවා...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site