
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව, ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා යන ගමනේදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිළිදීම සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය.
සාමකාමී විරෝධතා මගින්, කලා නිර්මාණ ඔස්සේ සිදු කරන ප්‍රකාශන මගින් හෝ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශන මගින් අදහස් ප්‍රකාශ කිරීම සිදු විය හැකි බව ඇය පෙන්වා දුන්නාය.
ජාත්‍යන්තර සාම දිනය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභා ශාලාවේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඇය මෙම අදහස් පැවසුවාය.මෙම උත්සවය අධිකරණ අමාත්‍යංශය විසින් සංවිධානය කර තිබිණ.
ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ශ්‍රී ලංකාවේ ඇති වීම පිළිබඳව මෙන්ම නව්‍යකරණයෙන් රට ගොඩ නැගීම පිළිබඳව දැඩි බලාපොරොත්තුවක් සියලු දෙනාටම තිබෙන බවත් එසේම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් දූෂණයට එරෙහි වීම සඳහා ක්‍රමානුකූල වෙනසක් පද්ධතිය තුළ සිදු වෙතැයි සියලු දෙනාම දැඩි බලාපොරොත්තුවකින් පසුවන බවත් ජූලී චන්ග් මහත්මිය පෙන්වා දුන්නාය.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චංග් මහත්මියගේ සහභාගිත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී ඊයේ(22 ) පෙරවරුවේ පැවැත්විණ.
සාමය ලෝකයටම වැදගත් කරුණක් බවත් සාමය, සංහිඳියාව ඇති කළ යුත්තේ ග්‍රාමීය මට්ටමේ සිට බවත් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.ඒ හේතුවෙන් මේ වන විට සියලු ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි සංහිදියා කමිටු 14022 ස්ථාපිත කර තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු ඇමරිකානු නිකායේ පූජ්‍ය පාද චැන්ග් ඔය නිදහසට චීනය රුසියාව සමග ගනුදෙනු කිරීම අයිති නැත්තේ ඇයි?
මෙයාගේ මේ කතා අපේ දේශපාලකයින් වගේ... අපට ඇහෙන්නයි මේ කියන්නේ... රැවටෙන්න එපා... යටින් ගේම...!
කුමන්ත්‍රණකාරී අරගලත් බිලි නොදිය යුතුද?
චීනය, රුසියාව අපිට වැඩක් නෑ. අපට තියන ප්‍රශ්නේ අපේ රට පාලනය කරන නරුම හැත්තක් ගැනයි. ඔවුන් අපේ සාරය හූරන් කනවා. ඒ ප්‍රශ්නයට ඔබතුමිය කතාකරන එක අපට ලොකු හයියක්...
සාමකාමී විරෝධතා මගින්, කලා නිර්මාණ ඔස්සේ සිදුකරන ප්‍රකාශන මගින් හෝ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශන මගින් අදහස් ප්‍රකාශ කිරීම සිදුවිය හැකියි. නමුත් සමාජ මාධ්‍ය මගින් ඔවුන්ගේ පුද්ගලික මතය, වෛරි අදහස්, පුද්ගලයින්ගේ පුද්ගලිකත්වය විවේචනය කිරීම, ප්‍රජතන්ට්‍රවාදී නොවන අදහස් සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා ජනතාව පෙළඹවීම් සිදුකිරීම නැවතිය යුතුවේ. ලෝකයේ බොහෝ දියුණු රටවල ඇමෙරිකාව ඇතුළුව සමාජ මාධ්‍යයට අවශ්‍ය ආකාරයට අදහස් ප්‍රකශ කිරීමට නොහැක. සමාජ මාධ්‍ය සඳහා මාධ්‍ය නීතිමාලාවක් තිබේ. දියුණු රටවල සමාජ මාධ්‍යවේදීන් අදහස් ප්‍රකාශ කරනුයේ facts මත පදනම්ව වුවත් ලංකාවේ සමාජ මාධ්‍ය අදහස් ප්‍රකාශ කිරීම ඍජුවම සිදුවන්නේ එම අදහස් ප්‍රකාශ කරන්නා වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ මතය අනුව මිස facts මත පදනම්ව නොවේ...
අලිසබ්රිගේ ඇමෙරිකාවේ අධ්‍යාපනය ලබන පුත්‍රයා ලංකාවේ දුත පිරිසට එක්කිරීම පිළිබඳව නිහඩව සිටියි.
ලෝකෙ කිසිම රටකට නිදහසින් ඉන්න නොදී ප්‍රශ්න ඇති කරන, ලෝක ත්‍රස්තවාදීයාගේ නියෝජිතයා අපට බණ කියන්න ඇවිත්...
මගේ අදහස නම් මේ පනත හිතුවක්කාර ලෙස තමන්ට ඕනෑ විදියට රජය සම්මත කරගන්න හදනවා නම් මේ සමාජ ජාලා පරිශීලනය කරන සියලු රටවැසි ජනතාව එක්ව කටයුතු කරලා ඔවුන්ටත් එරෙහිව යම්කිසි ක්‍රියා මාර්ගයක් ගත යුතු බවයි. මේ අනුව මෙම අසාධාරණ පනතට පක්ෂව ඡන්දය දෙන සියලු මන්ත්‍රීන්ගේ සමාජජාලා පරිශීලන ගිණුම් අත්හිටුවන ලෙසත් ඔවුන්ට කිසිදිනක ඔවුන්ගේ නමින් සමාජ ජාලා පරිශීලනයට ඉඩ නොදෙන ලෙසට ඉල්ලා දැවැන්ත පෙත්සමක් පොදු ජනතාව විසින් ඒ ආයතනවලට ඉදිරිපත් කළ යුතුයි...
දෙවෙනි පින්තුරේ ඩීල්දාසගේ බැලිල්ල නම් අප්සට්?
කතාකිරීමේ නිදහස හොඳයි, මිනිස්සුන්ට අපහාස කරන්න නිදහස දෙන්න බැහැ නන්ගි...
ජූලි චන්ග් නෝනා, ඔබතුමිය ලංකාවේ ප්‍රවෘත්ති බලන්නකෝ...! දේශපාලන කසල ගොඩවල් බලෙන් මිනිස්සුන්ගේ ඔලුවට දානවා හොඳින් බලන්න පුළුවන්... එයාලා මිනිස්සුන්ගේ මොල හෝදලා තියෙන්නේ. සිතීමේ නිදහසත් නැති කරලා...
කතාකිරීමේ නිදහස කියන එකේ තේරුමවත් දන්නේ නෑ වගේ... මේකෙ දාලා තියෙන සමහර මෝඩ අදහස් දැක්කාම... ඔක්කොම ඔස්තාර්ලා වගේ ඒක විවේචනය කරනවා. ඒත් දේශපාලකයෝ ජනතාවට තඩි බොරු කියනකොට මේ අපතයින්ට කිසි ගාණක් නෑ. මෙහෙමත් කාලකණ්ණි.
කළු ජූලි අවුරුදු 30ක යුද්දෙකට පාර කැපුවා. සුදු ජූලිත් රඟනවා වැඩියි.. හරියට ලංකාවේ නිල නොලත් ජනාධිපති වගේ දැන්... මාර කැක්කුමක් තියෙන්නේ අපි ගැන...