
(ජේ.කේ.එල්. චාමින්ද සහ සිරිනිහාල්ගමගේ)
ජනාධිපතිවරණයේ දි පරදින ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් යම් කුමන්ත්‍රණයක් ඇතිකිරිම සදහා සුදානමක් තියෙනවා නම් එය වැලැක්විම සදහා ජාතික ජන බලවේගය කටයුතු කරනවා මෙන්ම ව්‍යවස්ථානුකුලව පැවරි ඇති බලතල අනුව පොලිසිය, හමුදාව, විශේෂකාර්ය බලකාය, ඇතුළු සියලු දේනා තම වගකිම ඉටුකරාවි කියා තමන් තුල දැඩි විශ්වාසයක් ඇතැයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතා පවසයි.
ගාල්ල කරාපිටිය, වදුරඹ, අම්බලන්තොට යන ප්‍රදේශවල පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළි අමතමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සදහන් කළේය.
අනුර කුමාර දිසානායක මහතා මෙසේද කිවේය.
ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදිව ආණ්ඩුවක් මාරු කිරිමේ අවස්ථාව උදාවි ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිම සදහා පොලිසිය, හමුදාව,විශේෂ කාර්ය බළකාය ඇතුළු සියලු දේනා බැදි සිටිනවා.
දුෂිත ප්‍රභු පාලක කණ්ඩායම අතින් පාලන බලය පොදුජනතාව අතට මාරු කර ගැනිම සදහා අනගි අවස්ථාවක් ලැබි තියෙනවා. ජනතාව එය කිසිසේතම් මග හරින්නේ නැහැ. අත්හරින්නේ නැති අවස්ථාවක් තමයි මේ අවස්ථාව. මෙක අපි මග හරින්නෙත් නැහැ.අත්හරින්නෙත් නැහැ.දැන් අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් හොදටම කලබල වෙලා ඉන්නේ. රිදිලා ඉන්නේ. සැලකිය යුතු ප්‍රමාණයක් වියරු වැටිලා ඉන්නේ ඒ අයගෙන් ගිලිහි යන බලය ආරක්ෂාකර ගැනිම සදහා මොනවා මොනවා කළයුතු ද කියා ඒ අය මේ දිනවල කල්පනා කරණවා. ඒ අය මොනව කළත් ජාතික ජනබලවේගයේ මැතිවරණ ව්‍යාපාරය තියෙන්නේ අපේ අතේ නෙවෙයි මේ රටේ පොදුජනයාගේ අතේ. මේ ජයග්‍රහණය ආපසු හරවන්න බැහැ.
අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් කියනවා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයෙන් පසු මහා කලබලයක් කරන්න හදනවලු. මෙක දිනන හා ආණ්ඩු හදන ඡන්දයක්. අපිට ඕන සාමකාමි ඡන්දයක්. පරදින අයට තමයි කලබල හා ගැටුම් ඕන. සමාජ අස්ථාවරත්වයක් ඕන. දිනන අපිට ඕන. සාමකාමිත්වය.ඒ නිසා ඒ වෙනුවෙන් මැතිවරණය දක්වා, මැතිවරණ දිනය හා මැතිවරණයෙන් පසුවත් උපරිම ලෙස මැදිහත්වන ව්‍යාපාරයක් තමයි ජාතික ජනබලවේගය. මේක නැවත නැවත කියන විට මෙක පිටුපස යම් කුමන්ත්‍රණයක් තියෙනවාද කියන සැකය අපිට තියෙනවා.
අපේ කිසිදු සාමාජිකයෙක් ගල්කැටයක්වත් මේ දිනවල අතින් ගන්න එපා. මේ රටේ ජනතාවගේ කැමැත්ත හරහා ආණ්ඩුවක් මාරකර ගැනිමේ අවස්ථාව තියෙනවා. එක සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදිව. අපේ රටේ පොලිසිය, අපේ රටේ හමුදාව විශේෂ කාර්ය බලකාය, සියලුදේනා බැදි සිටිනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂකරගන්න. ඒ නිසා පරදින පාර්ශවයන් විසින් යම් කුමන්ත්‍රණයක් ඇතිකිරිම සදහා සුදානමක් තියෙනවා නම් ව්‍යාපාරයක් හැටියට එය වැලැක්විමට ජාතික ජනබලවේගය කටයුතු කරණවා වගේම, ව්‍යවස්ථානුකුලව පැවරි තියෙන කාර්යය අනුව පොලිසිය හමුදාව, විශේෂ කාර්ය බළකාය ඇතුළු සියලු දේනා ඒ වගකිම ඉටුකරවි කියා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා.
ජාතික ජනබලවේගයේ බලයට පත්වු විට ආණ්ඩුව වැටේනවාලු. ආර්ථිකය වැටෙන්න තියෙන්නේ කොහෙටද? ලෝකයේ ණය ගෙවන්නේ නැති රටක්. ලෝකයෙන් ණයක් දෙන්නේ නැති රටක්. රෝහල්වල බෙහෙත් නැති රටක්.තරුණ තරුණියන්ට රැකියා නැහැ, තුන් වේල කන්න නැති රටක්. රට වැටිලා ඉවරයි. වැටුණු රට ගොඩගන්නයි. අපි බලයට එන්නේ.ඩොලර් බිලියන 12 මාරක් තියෙනවා ස්වෛරිත්ව බැදුම්කර ණය. මෙවා රනිල්ගේ වසර හතරහමාරේ ගත්තු ණය. අපි හදන්නේ ලංකා ඉතිහාසයේ ශක්තිමත්ම හා ජනතාවගේ වැඩිම කැමැත්ත තියෙන ආණ්ඩුවක්. මෙක මාස හයෙන් වැටෙන ආණ්ඩුවක් නෙවෙයි. රටට අවශ්‍ය ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කර ගන්න. රටේ තිරණාත්මක හා ථෛතිහාසික දිනය වෙනවා 21 වැනිදා උදාවෙනවා..
මේ වතාවේ ඡන්දය කවදාද කියා ගැන ගැන ඉන්නේ මේ රටේ ජනතාව මේ ඡන්දය දිගු කාලයක් මේ රටේ ජනතාවගේ බලාපොරෝත්තු වු ඡන්දය. දිගුකාලයකට පස්සේ ජනතාවට අවස්ථාවක් ලැබිලා තියෙනවා ජනතාවගේ ආණ්ඩුවක් හදාගන්න. අපේ රටේ දේශපාලනය කේන්ද්‍ර වෙලා තිබුණේ දුෂිත ප්‍රභුන් අතලොස්සක් අතේ. පොදුජනයා අතේ නෙවෙයි. දේශපාලනය තිබුණේ පවුල් කිහිපයක් අතේ. රටේ සම්පත් සාරයම ඒ පවුල් කිහිපය අතර කෙන්ද්‍රකරගත්තා. ඒ පවුල් කිහිපය රටේ මහජනතාවගේ ධනය කෝටි ප්‍ර කෝටි ගණන් සොරකම් කරගත්තා. පසුගිය කාලයේ මේ රටේ දේශපාලන වේදිකාව සමන්විත වුනේ ජාතිය ආගම රට බේරාගැනිම යන කරුණුයි. මහින්ද ආවේ නැත්නම් ජාතිය, ආගම,රට, අනතුරේ මුස්ලිම් ජනයා අපේ රට මේ විදියට ආක්‍රමණය කරණවා. දෙමල ජනයාගෙන් මෙහෙම ව්‍යසනයක් අපිට තියෙනවා. ඒ නිසා මේ රට අනතුරට වැටිම වැලැක්විම සදහා මහින්ද, ඝෝඨාභය ගෙන්න ඕන. ඒ අයගේ මුළු දේශපාලන ව්‍යාපාරය ජාතිවාදි බවින් ගැබ්වෙලා තිබුනා.
ජාතික ජනබලවේගය අපේ ශිෂ්ඨාචාරය, සංස්කෘතින්, ආරක්ෂා කරලා අනාගත පරම්පාරව වෙනුවෙන් රැක බලාදිම දිම සදහා මැදිහත්වන දේශපාලන ව්‍යාපාරයක් බවද අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේය.
මෙම ජන රැළි අමතා දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරුන් වන රත්න ගමගේ, නලින් හේවගේ, අතුල වෙළෙන්දාව, යන මහත්වරුන්ද කථා කළ අතර මෙම ප්‍රචාරක රැළි සදහා විශාල පිරිසක් එක්ව සිටියහ.




COMMENTS
අපිට තියෙන බය ජයග්‍රහණයේදී කලබල කරන එක නෙමෙයි අධිතක්සේරුවෙන් ඉඳලා පරාජය වුණාට පස්සේ හොර කරා කියලා රට පුරා උද්ඝෝෂණ ඇති කරයිද කියන එක තමයි...
මේ කියන කතාවලින් ඡන්දෙන් පැරදුණොත් රට පුරා තමන්ගේ ගෝලයින් සහ විශ්‍රාමික හමුදාවන් උසිගන්වලා මහ කලබලයක් ඇති කරයි කියන සැකය අපට ඇතිවෙනවා...!
අනේ පින් සිද්දවෙයි... 21න් පස්සේ ඔයා ගෙදෙට්ට වෙලා ඉන්න. අපි පුළුවන් විදියට බදු ගෙවලා රට හදන්නම් 2022 වැටුණාම ඔයාලා කොහේවත් හිටියේ නෑනේ... අපි තමයි බදු ගෙවලා මේ තරමට හරි රට ඉස්සුවේ... ඒක කන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න...
චාමර, රනිල් කියන ඒවා මෙතැන කියවන්න එපා. ස්වාධීන අදහස් දාන්න, 2022 රට වැට්ටුව අයම රට ගොඩ ගනී කියල හිතන අය ගැන කවර කතාද, ඔය කියන රට ගොඩ ගන්න කව්ද ආරාධනා කළේ? ඒවා රනිල් සහ ගෝඨාභයටම කියන්න.
මාලිමාවට පරාජය වීමට දෙයක් නැත. මාලිමාව පරාජය වුවහොත් නැවතත් වලව් වල ඉඳුල් කන්න වෙන්නේ රටේ පහළ පන්තියේ රැවටෙන ජනතාවටමයි..!
අනුර ජයග්‍රහණය කරාට පස්සේ සිදුවන බල හුවමාරුව ගැන සැකයක් තියා ගන්න අවශ්‍ය නැහැ. මුළු ලෝකයම බලාගෙන ගෙන ඉන්නේ අපේ රට දිහා මේ දවස් වල. අපිට යුද, නාවික, ගුවන් හමුදා, පොලිසිය සහ විශේෂකාර්යා බලකාය ගැන හොඳටම විශ්වාසයි. ඒ ගොල්ලන්ගේ රාජකාරිය ඉටු කරාවි කියලා...!
අනුර කුමාර වගේ වලව් තුනේම දන්කුඩ කාපු කෙනෙක්ගෙන් අපිට පොඩ්ඩක් විස්තර අහගන්න පුළුවන් වෙයිද?
කවුරුන් හෝ දිනාවි. එයින් කම් නැත. රටට සෙතක් වෙනවා නම් ඊට අකමැති වන රටට ආදරය කරන කිසිවෙකුත් නැත. මාලිමාවට තම කැමැත්ත පලකිරීමට මෙන්ම අනෙක් පක්ෂයකට කැමැත්ත පල කිරීමට කෙනෙකුට ඇත්තේ. සම අයිතියකි. අන්ධව පක්ෂ බදාගෙන, බොරු සිහින දැක දැක සල්ලි තියෙන එකා කෙරෙහි කුහකව බලමින් ඉන්න ව්‍යාජ සමාජවාදීන්ට බලයක් ලැබුණහොත් බූරුවාට අං ලැබුණා සේ වේදෝයි මට නිකමට හිතුනේ 89 භීෂණයේ ගිනි රස්නය හොඳින්ම දැණුනු අයෙක් නිසාවෙනි...!
අනුර කුමාර දිසානායක මහතා දැන, උගත්, බුද්ධිමත් තරුණ දේශපාලන නායකයෙක්. ඇත්ත ඇති සැටියෙන්ම රටට හෙළි කරන, හොර බොරු වංචා දූෂණ කප්පම් මිනිමැරුම් චෝදනා නැති එකම නායකයා.
අනුර කුමාර දිසානායක ඔය කතාවම කිව්වා 2019 ඡන්දේ ලං වෙලත්. බලාපොරොත්තු තබා ගැනීමේ කිසිම වරදක් නෑ ඒත් ඒවා ඉෂ්ඨ වෙන ඉතිහාසයක් නම් එයාලට නෑ. කොහොම උනත් දැනටමත් චන්ද ව්‍යාපාරයේ ත්‍රස්තවාදය පතුරුවා තියෙන්නේ මාලිමාවයි.
මොනම හේතුවක් මත හෝ ජ. වී. පෙරමුණේ මාලිමාව මැතිවරණය ජයග්‍රහණය කළහොත් එයට අකුල් හෙලන කිසිම කුමන්ත්‍රණයක් නොකර බලය ඔවුන්ට දිය යුතුයි. ඔවුන් ගේ දේශපාලනය තුල කිසිම ප්‍රජාතන්ත්රවාදයකට ඉඩක් නොමැති අතර ඔවුන්ට කල හැකි ආණ්ඩුවක්ද නැත. එය ගොටාගේ ප්‍රෝඩාව මෙන් ජනතාව විසින් දැනගත යුතුය. එවිට නැවත කිසි දිනෙක ජනතාව මුල කල නොහැකිවනු ඇත.