IMG-LOGO

‘‘ඊ.ටී.එෆ් ප්‍රතිලාභ අඩු කිරීම අසාධාරණයි - සියයට 77 කියයි

(විමුක්ති එස් රුද්‍රිගු)

සේවක අර්ථසාධක අරමුදල තැන්පත් කර ඇති විශ්‍රාමික ඉතුරුම්වලට ලැබෙන ප්‍රතිලාභයන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය යටතේ අඩු කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය අනවශ්‍ය හෝ සාධාරණව / අනවශ්‍ය සහ සාධාරණව සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 77කගේ මතය බව නවතම සමීක්ෂණයකින් හෙළි වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

විශ්‍රාමික ඉතුරුම්වලට ලැබෙන ප්‍රතිලාභයන් අඩු කිරීමට ගත් තීරණය අත්‍යාවශ්‍ය මෙන්ම සාධාරණ අයුරින් සිදුකර ඇතැයි වැඩිහිටි ජනගහනයෙන් සියයට 10 කගේ මතය බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

එසේම වැඩිහිටි ජනගහනයෙන් සියයට 13කට මේ පිළිබඳ කිසිඳු අදහසක් නොමැති වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ගෙවුණු සැප්තැම්බර් මාසයේ දී, ශ්‍රී ලංකාව සුවිශේෂී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් සම්පූර්ණ කළේ ය.

එහිදී, රුපියල්වලින් ගෙන ඇති දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පූර්ණ බර පැටවුණේ සේවා නියුක්තිකයන්ගේ විශ්‍රාමික අරමුදල්වලට ය.

බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රවල සේවා නියුක්තිකයන්, පෞද්ගලික ණය හිමිකරුවන් සහ බහුතරයක් රාජ්‍ය සේවකයින් (රජයේ වෙනම විශ්‍රාමික වැඩසටහනක සිටින) මෙම පිරිසට අයත් වූයේ නැත.

ශ්‍රී ලංකාවේ මෙම ක්‍රියාව, ගෝලීය මට්ටමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන්වලට නව පූර්වාදර්ශයක් වීමට ඉඩ ඇත. ශ්‍රී ලංකාව සිදුකර ඇත්තේ, විශ්‍රාමික අරමුදල් සම්බන්ධයෙන් පොදුවේ සියලුදෙනාට සම-සමව සැළකෙන ප්‍රතිපත්තියක් නොව එකිනෙකාට වෙනස්ව සැළකෙන හානිකර ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ය.

 



අදහස් (11)

‘‘ඊ.ටී.එෆ් ප්‍රතිලාභ අඩු කිරීම අසාධාරණයි - සියයට 77 කියයි

City Wednesday, 06 December 2023 05:51 AM

බංකොලොත් භාවයේ අරුත ශ්‍රී ලාංකිකයන් තවමත් අවබෝධ කරගෙන නැත. ඕනම දෙයක් කරන්න අපි සනීප වෙන්න ඕන.

:       2       5

Perera Wednesday, 06 December 2023 05:59 AM

ඔය 10% ආණ්ඩුපක්ශේ දේශපාලුවෝ වෙන්න ඕන

:       2       4

Bamunuarachchi Wednesday, 06 December 2023 07:19 AM

ඔව් අපිත් කියනවා ප්‍රතිලාභ අඩු කරන්න. රට යන්නේ හොම්බෙන් එහෙනම් උඹලත් ටික දුරක් හොම්බෙන් පලයල්ලා. ජෙප්පෝ හදන්නේ ඇත්ත වසංකරලා උඹලාගේ කරපිටින් බලයට එන්න.

:       11       6

Rohana Thilakarathna Wednesday, 06 December 2023 08:53 AM

නිදහසින් පස්සෙ වත් කිසිම මෙ රටෙ පාලකයෙක් රට ගැන හිතුවෙ නෑ. එහෙම හිතුව නම් මෙහෙම මෙ රටෙ මිනිස්සු දුක් විදින්න ඕනත් නෑ.

:       1       12

Nimal Wednesday, 06 December 2023 09:11 AM

ඔකට කැමති කිවුව 10%තමා හොරා කාපු උන් ටික.

:       3       10

අරවින්ද මොනරවිල Wednesday, 06 December 2023 01:03 PM

රාජපක්ෂ වික්කම සිංහ හොර කල්ලියට රටේ තියෙන ඡන්ද ප්‍රතිශතය තමයි ඔය 10% නියෝජනය කරන්නේ, ඔවුන් හොරාකාලා රට විනාශ කෙරුවා නම් ඒවායේ පාඩුව, අලාභය ඒ අයගෙන් අයකර ගන්න ඕනෑ කියලා මෙතන තප්පුලන බමුණාට මතක්කරලා දෙන්න ඕනෑ...!

:       1       7

Bamunuarachchi Wednesday, 06 December 2023 04:50 PM

බමුණාට මතක්කර දෙන්න එපා... බමුණා මතක්කර දේවි... ජෙප්පෝ 1965 මැයි මාසේ ඉඳන් අදවෙනතුරු රට කාපු හැටි. 1971,1989,2022, ජෙප්පෝ රට ගිනිතිබ්බා, මංකොල්ල කෑවා, මිනී මැරුවා. අනාගතෙත් ඔය ටිකම සිද්ද වේවි. 2005 මහින්ද බලයට ආවේ නැතිනම් රට කන්නේ ප්‍රභාකරන්. මේ රටේ රැකියා නැති කලේ, නිෂ්පාදන නැතිකලේ පාහර ජෙප්පන්. එහෙම නේද මොනරවිල...? පුළුවන් නම් මම කියන ඒවා බොරුයි කියන්න...

:       3       1

Dinesh Wednesday, 06 December 2023 06:59 PM

රාජපක්ශට කඩෙ යන වහල්ලුන්ට හෙන ගහනව.

:       0       1

අරවින්ද මොනරවිල Wednesday, 06 December 2023 07:17 PM

2005 මහින්ද ජනාධිපති වනවිට රටේ සමස්ථ ණය ප්‍රමානය බිලියන 11 ක් අද වනවිට එය බ්‍රිලියන 80ක් ඉක්මවා තිබෙනවා එහෙම උනේ ජෙප්පෝ රටගිනි තිබ්බ නිසාද මංකොල්ල කෑව නිසා මිනි මැරුව නිසා එහෙම නැත්නම් රාජපක්ෂ වික්‍රමසිංහ හොර කල්ලිය මාරුවෙන් මාරුවට හොරා කෑව නිසාද කියලා ඊළග මැතිවරණයේදී රටේ මහජනතාව මේ හොර කල්ලියට මෙන්ම ඔවුන්ට ආවඩන මෝඩ ගැත්තන්ටත් කියලා දේවි, ඒක ඉක්මනට දැන ගන්න උවමනා නම් ඡන්දයක් තියලා බලා ගන්න පුළුවන්.

:       0       1

Prasanna Wednesday, 06 December 2023 08:01 PM

Jvp ලඟ ලඟම එනවා .බයද ?

:       0       0

නන්දන Wednesday, 13 December 2023 11:13 PM

මේ රටට සැබෑවටම ආදරය කරන මිනිසුන් තමයි මේ රටේ සුළු ජාතීන්. දෙමළ, බර්ගර්, මැලේ ජාතිකයින් මෙරටේ රාජ්‍ය තන්ත්‍රයේ තනතුරු දරන වකවානුවේදී මේ රට මීට වඩා බොහෝ සීලාචාර රටක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 193 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 703 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1100 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site