(සුජිත් හේවාජුලිගේ )
ඉන්දිය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයාගෙන් වයිරසය සමාජයට පැතිරීමේ අවදානමක් නැතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි.
මෙම ආසාදිතයා රෝහලක සති දෙකක් ප්‍රතිකාර ලබා පසුව දින හතක් නිරෝධායනයට ලක්වූ පුද්ගලයෙකු යයිද ඇය සඳහන් කරයි .
මේ තැනැත්තා පිටරට සිට පැමිණි අයකු බවත් සෞඛ්‍ය අංශ විමසිල්ලෙන් සිටි නිසා ඔහු හඳුනා ගැනීමට හැකි වූ බවත් රාජ්‍ය ඇමතිවරිය කියයි .
මොහු දින විසි එකක්ම වෙන්ව සිටි අයකු හෙයින් ඔහුගෙන් සමාජයට පැතිරීමේ හැකියාවක් නැතැයි පැවසූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමසිල්ලෙන් සිටින බවද ප්‍රකාශ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා... කොහොමත් සමජගතවෙලා නැහැ මෙයාලට අනුව.
ඔය කවුරු හරි දේශපාලනය කාරයෙක් කියන්න කියපු එකක් නේද කියන්නේ ?
ඔව් ඉතින් ඔබතුමිය කියන එක කවුරුත් ගණන් ගන්නේ නැහැ.
බ්‍රිතාන්‍ය ප්‍රභේදයට සමාන බව නම් කිව්වා...
ඔව් ඉතින් ලංකාවේ කවදාවත් සමාජගත වෙලත් නෑ වෙන්නෙත් නෑ. මාර ලොජික් තමයි. තාම යන්නේ පෑලියගොඩ පොකුර කියල කියන්නේ. කොහෙන්ද දන්නෑ මේවට හිනා වෙන්න ඕන...
ඉන්දීය එක විතරක් නෙවෙයි කිසිම ප්‍රභේදයක් සාමාජ ගතවෙලා නැතිව ඇති.
මෙයාලා උඩිනුයි යටිනුයි දෙකෙන්ම කතා කරන අය.බබාලට සීනී බෝල කවනවා වගේ.කාට කියන්නද ?.
තව කෙතරම් ඉන්දීය ජාතිකයන් පිරිසක් ලංකාවට එන්න ඇත්ද...? එතකොට ඔවුන්ගෙන් මේ රටට බෝවීමක් වෙන්න බැරිද..? ඇයි මෙතරම්ම වගකීම් විරහිත ප්‍රකාශ මේ වගේ උගත් ඇමතිවරියක් වෙලත් පවසන්නේ...?
අන්න දෙහිඅත්තකන්දිය රෝහලේ ඉන්දියන් තරුණයෙක් ඉන්නවලු කෝවිඩ් හැදිලා. පච කෙලින්නේ නැතිව ගිහින් බලන්න.
අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක නිරෝධායනය වෙමින් සිටියදී කොරෝනා ආසාදිත ඉන්දීය ජාතිකයකු ප්‍රතිකාර සඳහා කැබිතිගොල්ලෑව මුලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. මේ ගැන කළ විමසීමේදී අනුරාධපුර මහා නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයම්පත් බණ්ඩාර මහතා සඳහන් කළේ 27 හැවිරිදි මෙම ඉන්දීය ජාතිකයා දින අටකට පෙර මෙරටට පැමිණ සංචාරක හෝටලයේ නිරෝධායනය වෙමින් සිටි අයකු බවයි. කොරෝනා රෝගයට ගොදුරු වූ තවත් ඉන්දීය ජාතිකයකු කැබිතිගොල්ලෑව මූලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඔවුන්ගෙන් තමන්ට ඉන්දියා වයිරසය ආසාදනය වනු ඇති බවට එහි ප්‍රතිකාර ලබන සෙසු කොරෝනා රෝගීහු බිය පළ කරති. කොතනින්ද ඔය කතා කරන්නේ...?
දේශපාලකයෝ කවද්ද ඇත්ත කීවෙ...?
වයිරසය සමාජගතවීම කෙසේවෙතත්, මෙහෙම ගියොත් ජනතාව අස්ථානගත වෙයි.
අන්න අනුරාධපුර රෝහලට ඉන්දීය ජාතිකයෙක් ඇතුළත් කරලාලු. අනුරාධපුර සමාජයේ කොටසක් නෙවෙයිද?
අපි තවමත් දුප්පත් රටක් වෙලා තියෙන එක කරුණක් නම්, අපිටම බොරු කියා ගැනීමයි.