IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘සිව් දෙසටම ඩයලොග්’ අනුරාධපුරයේ ගෝනපතිරාවට නව කුලුනක්

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් රට පුරා පිහිටි අති දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල සම්බන්ධතාව පුළුල් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහනේ තවත් පියවරක් ලෙස පසුගියදා අනුරාධපුරයේ ගෝනපතිරාව ප්‍රදේශයේ නව සන්නිවේදන කුලුනක් ඉදිකිරීමට කටයුතු කරන ලදී.

‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහන යටතේ නව සන්නිවේදන කුලුනු ඉදිවීමත් සමඟම රටපුරාම වැඩිදියුණු වූ සබැඳියාවක් සමඟින් එහි ප්‍රතිඵලයක් ලෙස වඩා හොඳ සන්නිවේදන පහසුකම්, අධ්‍යාපනයට ප්‍රවේශවීම සඳහා අවශ්‍ය තාක්ෂණික සම්පත් සහ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය වඩා උසස් මට්ටමකට ගෙන ඒමට ද මහඟු පිටිවහලක් වූ බවට සමාගම කියයි. ගෝනපතිරාව ප්‍රදේශයේ ඉදිකළ සන්නිවේදන කුලුනට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංගත්තෑව සහ ලබුනොරුව ප්‍රදේශවල, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හබරණ - ගල්ඔය, හබරණ - මින්නේරිය සහ මගුල්පොකුණ ප්‍රදේශවල ද කුලුනු හා සන්නිවේදන කුලුනු ද ඉදිකර ඇත.

මෙවැනි අභියෝගාත්මක කාලසීමාවන්වල දී සන්නිවේදන ආවරණය පුළුල් කරමින් පාරිභෝගිකයන්ට සහාය වීමට අඛණ්ඩව ගන්නා උත්සාහය යටතේ ඩයලොග් සමාගම 2022 අවසන් වන විට ඩයලොග් ජාලය රටපුරා ග්‍රාම නිලධාරී වසම් 180කට අධික සංඛ්‍යාවක් ආවරණය කරමින්, 4G මොබයිල් කුලුනු 4,700 කට අධික සංඛ්‍යාවක් ඉදිකර ඇත. එය ශ්‍රී ලංකාවේ ඉදිකර තිබෙන වැඩිම සන්නිවේදන කුලුනු සංඛ්‍යාව ද වේ. 

එමෙන්ම සියයට 95 කට වැඩි ජනගහනයකට 4G ආවරණ පහසුකම් සලසාදීමට ද ඩයලොග් සමාගමට හැකිවී තිබේ. තවද අති දුෂ්කර ගම් ප්‍රදේශවලට සන්නිවේදන පහසුකම් සැලසීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා ඩයලොග් සමාගම Green Field කුලුනු උපයෝගී කරගත් අතර, ජනාකීර්ණ ප්‍රදේශවල අවශ්‍යතාව වෙනුවෙන් Lamp Pole විසඳුම හරහා සේවාවන් ලබා දී ඇත.

ඩයලොග් ජාලයේ ආවරණය ඉහළ නැංවීම, ජාල අධීක්ෂණය කිරීමෙහි නිරත අන්තර්ජාතික සමාගම්වල ප්‍රශංසාවට ලක්ව තිබෙන අතර Open Signal සමාගම විසින් ‘හොඳම 4G ආවරණය’ / වේගවත්ම Upload සහ Download අත්දැකීම් වෙනුවෙන් ඩයලොග් ආයතනය සම්මානයට පාත්‍ර කර තිබේ.

595



අදහස් (0)

‘සිව් දෙසටම ඩයලොග්’ අනුරාධපුරයේ ගෝනපතිරාවට නව කුලුනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 45 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site