IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


‘මහජන සේවාව සපයන නිලධාරීන් මානුෂීයව ගනුදෙනු කළ යුතුයි‘

  (යොහාන් භාසුර)
මහජන සේවාව සපයන පිරිසක් ලෙස නිලධාරීන් මහජනතාව සමග මානුෂීයව ගනුදෙනු කළ යුතු බවත් පාසල් දරුවන්ගේ යහපත මූලික කරගත් දත්ත මත පදනම්ව  ප්‍රතිපත්ති සැකසීම සහ තීන්දු තීරණ ගැනීමට කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (11) පැවසුවාය.

‘පවතින අධ්‍යාපන ක්‍රමය පරිවර්තනීය වෙනසකට ලක් කිරීමට අදාල උපායමාර්ග සකස් කිරීම’ වෙනුවෙන් කොළඹ පදනම් ආයතනයේ අද (11) පැවති වැඩමුළුවට එක්වෙමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය මෙන්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එසේ සඳහන් කළාය.

අධ්‍යාපනය කියන්නේ පරිවර්තනීය දෙයක් යැයි වටහාගෙන දැනුම ලබා ගැනීමට එහා ගියා පුද්ගල පරිවර්තනයක් වගේම සාමූහිකයක් හැටියට සමාජ පරිවර්තනයකුත් විය යුතු බවත්  ඒ පරිවර්තනය ගොඩනැගිය හැකි ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් එතුළින් දරුවන්ට ලෝකයට විවෘත වන අවස්ථා තියෙන්නේ යැයි දැකිය හැකි බවත් ඇය කීවාය.



අදහස් (7)

‘මහජන සේවාව සපයන නිලධාරීන් මානුෂීයව ගනුදෙනු කළ යුතුයි‘

පම්පෝරි ජනක Wednesday, 11 December 2024 07:14 PM

ඔක්කෝටම කලින් වෙලාවට වැඩක් කරන්න, තැනකට යන්න ඉගෙන ගත්තොත් නරකද?

:       0       0

බද්රානි Wednesday, 11 December 2024 08:59 PM

මහජනතාවගේ පීඩාව, මහජන සේවය සපයන නිලධාරීන්ගේ සතුට හා ජොලිය බවට පත්වී ඇති රටක, ඔබතුමියගේ කතාව "ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා" වගේ වැඩක් කියලයි මට නම් හිතෙන්නේ... තරගයට කටපාඩම් කොට, ගිරා පෝතක අධ්‍යාපනයෙන් සහතිකයක් ලබා අමන්දානන්දයට පත්ව මඩ ගොහොරුවේ බඩ පිනුම් ගහන උගත් යයි හිතාගෙන සිටින මෝඩයින්ට කොහෙද සහකම්පන හැඟීම්..? ගෝත්‍රික හා අයහපත්, අධම, විෂම සමාජ ආකල්ප වලින් පිරුණු මේ රටේ උගත්, මෝඩයින්ව නිවැරැදි යහපත් ධර්මිෂ්ඨ මාර්ගයට යොමු කිරීම වර්තමාන රජය මත පැවරෙන විශාල අභියෝගයක්...!

:       0       0

වික්ටෝරියා Wednesday, 11 December 2024 09:31 PM

ඔබතුමිය ඔහොම කිව්වාට වත්මනේ රාජ්‍ය සේවකයෝ මානුෂිකව කටයුතු නොකරන නිලධාරි වැඩියෙන්ම සිටින දෙපාර්තමේන්තුවක් කොළඹ 10 මාළිගාවත්තට හා ඒ දෙපාර්තමේන්තුවේ නිලධාරි අනුයුක්තව සිටින කාර්‍යාල වලට ගියොත් බලාගන්න පුළුවන්...

:       0       0

කම්මලේ ආචාරියා Wednesday, 11 December 2024 10:37 PM

හොර උපාධියක් හදා ගෙනත් පුළුවන්. හැබැයි ඒකට ඉතින් තෙල බෙදන්න, ස්ට්‍රයික් කරන්න, කොල්ලෝ කෙල්ලෝ මහ පාරේ දක්කන්න, නවකවදය දෙන්න වගේ අපත වැඩ පුළුවන් වෙන්න ඕනේ..!

:       0       0

Kamal Wednesday, 11 December 2024 10:51 PM

පොඩි ටෝක් එකක් දීලා යන්න ඇවිල්ලා... විසිල්වල සද්දෙත් දැන් නැහැ. බල්ටි කොහොමත් නැහැ.

:       0       0

රම්බොඩ Thursday, 12 December 2024 09:39 AM

සියලුම ගුරුවරුන්ට මනෝවිද්‍යාව වැඩමුළු පවත්වන්නට යොමු වේවා ! යැයි පතමි.

:       0       0

රේණුක කරුණාරත්න Thursday, 12 December 2024 09:45 AM

අනිවාර්යයෙන්ම, අඩුම ගානේ පිළිගැනීමේ නිලධාරියෙක් කාර්‍යාලයේ සිටිය යුතුයි. අදාල ලියවිලි එම නිලධාරීයා බාරගෙන අවශ්‍ය දේ අනෙකුත් අදාල නිලධාරීන් ලවා කරදිය යුතුයි 2. එදිනට ඉටුකර දිය නොහැකි කටයුත්තක් නම් නැවත එන දිනයත් දැනුවත් කළ යුතුයි... Documents බාරගන්නා විට අනිවාර්යයෙන්ම මේ දේවල් බාර ගත් බවට ලියවිල්ලක් බාර දිය යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1014 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1052 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site