
(යොහාන් භාසුර)
මහජන සේවාව සපයන පිරිසක් ලෙස නිලධාරීන් මහජනතාව සමග මානුෂීයව ගනුදෙනු කළ යුතු බවත් පාසල් දරුවන්ගේ යහපත මූලික කරගත් දත්ත මත පදනම්ව ප්‍රතිපත්ති සැකසීම සහ තීන්දු තීරණ ගැනීමට කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (11) පැවසුවාය.
‘පවතින අධ්‍යාපන ක්‍රමය පරිවර්තනීය වෙනසකට ලක් කිරීමට අදාල උපායමාර්ග සකස් කිරීම’ වෙනුවෙන් කොළඹ පදනම් ආයතනයේ අද (11) පැවති වැඩමුළුවට එක්වෙමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය මෙන්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එසේ සඳහන් කළාය.
අධ්‍යාපනය කියන්නේ පරිවර්තනීය දෙයක් යැයි වටහාගෙන දැනුම ලබා ගැනීමට එහා ගියා පුද්ගල පරිවර්තනයක් වගේම සාමූහිකයක් හැටියට සමාජ පරිවර්තනයකුත් විය යුතු බවත් ඒ පරිවර්තනය ගොඩනැගිය හැකි ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් එතුළින් දරුවන්ට ලෝකයට විවෘත වන අවස්ථා තියෙන්නේ යැයි දැකිය හැකි බවත් ඇය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කෝටම කලින් වෙලාවට වැඩක් කරන්න, තැනකට යන්න ඉගෙන ගත්තොත් නරකද?
මහජනතාවගේ පීඩාව, මහජන සේවය සපයන නිලධාරීන්ගේ සතුට හා ජොලිය බවට පත්වී ඇති රටක, ඔබතුමියගේ කතාව "ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා" වගේ වැඩක් කියලයි මට නම් හිතෙන්නේ... තරගයට කටපාඩම් කොට, ගිරා පෝතක අධ්‍යාපනයෙන් සහතිකයක් ලබා අමන්දානන්දයට පත්ව මඩ ගොහොරුවේ බඩ පිනුම් ගහන උගත් යයි හිතාගෙන සිටින මෝඩයින්ට කොහෙද සහකම්පන හැඟීම්..? ගෝත්‍රික හා අයහපත්, අධම, විෂම සමාජ ආකල්ප වලින් පිරුණු මේ රටේ උගත්, මෝඩයින්ව නිවැරැදි යහපත් ධර්මිෂ්ඨ මාර්ගයට යොමු කිරීම වර්තමාන රජය මත පැවරෙන විශාල අභියෝගයක්...!
ඔබතුමිය ඔහොම කිව්වාට වත්මනේ රාජ්‍ය සේවකයෝ මානුෂිකව කටයුතු නොකරන නිලධාරි වැඩියෙන්ම සිටින දෙපාර්තමේන්තුවක් කොළඹ 10 මාළිගාවත්තට හා ඒ දෙපාර්තමේන්තුවේ නිලධාරි අනුයුක්තව සිටින කාර්‍යාල වලට ගියොත් බලාගන්න පුළුවන්...
හොර උපාධියක් හදා ගෙනත් පුළුවන්. හැබැයි ඒකට ඉතින් තෙල බෙදන්න, ස්ට්‍රයික් කරන්න, කොල්ලෝ කෙල්ලෝ මහ පාරේ දක්කන්න, නවකවදය දෙන්න වගේ අපත වැඩ පුළුවන් වෙන්න ඕනේ..!
පොඩි ටෝක් එකක් දීලා යන්න ඇවිල්ලා... විසිල්වල සද්දෙත් දැන් නැහැ. බල්ටි කොහොමත් නැහැ.
සියලුම ගුරුවරුන්ට මනෝවිද්‍යාව වැඩමුළු පවත්වන්නට යොමු වේවා ! යැයි පතමි.
අනිවාර්යයෙන්ම, අඩුම ගානේ පිළිගැනීමේ නිලධාරියෙක් කාර්‍යාලයේ සිටිය යුතුයි. අදාල ලියවිලි එම නිලධාරීයා බාරගෙන අවශ්‍ය දේ අනෙකුත් අදාල නිලධාරීන් ලවා කරදිය යුතුයි 2. එදිනට ඉටුකර දිය නොහැකි කටයුත්තක් නම් නැවත එන දිනයත් දැනුවත් කළ යුතුයි... Documents බාරගන්නා විට අනිවාර්යයෙන්ම මේ දේවල් බාර ගත් බවට ලියවිල්ලක් බාර දිය යුතුයි...