IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘බුදු දහමට හානි වන කිසි තීරණයක් පිළි ගන්නේ නෑ‘

(අංජුල මහික වීරරත්න)

කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වල ඇතුළත් වන බවත්  එම කටයුතු වලට බාධා කිරීමට අධිකරණයට, විධායකයට,  ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අවධාරණය කළේය.

මෙරට කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් ලබාදීම රජයේ අරමුණ බව පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් තමන් කැපවී සිටින බවද අවධාරණය කළේය.

එසේම බුදු දහමේ පැවැත්මට හානි වන කිසිදු තීරණයක් රජය පිළි නොගන්නා බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂ නව ප්‍රතිසංවිධානය යටතේ පත් කරන ලද කලාප සංවිධායකවරුන්ට පත්විම් ලිපි ප්‍රදානය වෙනුවෙන් අද (18) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවය අමතමිනි. 

 

 



අදහස් (5)

‘බුදු දහමට හානි වන කිසි තීරණයක් පිළි ගන්නේ නෑ‘

Bamunuarachchi Wednesday, 19 June 2024 06:17 AM

බුදු දහමට හානි වන කිසියම් හෝ තීරණයක්‌ ආවොත් උඹලා ගැන අපි බලන්නේ නැහැ. ඊට කලයුතු දේවල් අපි කරනවා. සෙට් එකක් හලාල් ගෙන්න හැදුව තවත් හම්බයෙක් ෂර්යා නීතිය ඉල්ලුව. එව්වට විරුද්ද වෙච්ච බෞද්ධ ස්වාමින්වහන්සේව හිරගෙට දම්ම ගම්මිරිස් හොයාගෙන ආපු හම්බයෝ අන්තිමට බෞද්ධ ස්වාමින්වහන්සේලා හිරේ යවන්න තරම් බවත් උනේ මේ නිවට හිවල් පාලකයෝ ඉඩ දීපු නිසයි. ඒ නිසයි සිංහල බෞද්ධ චන්ද 69 ලක්ෂයක් ඝෝඨාභය මහත්තයාට දුන්නේ.

:       7       7

ranjith Wednesday, 19 June 2024 07:03 AM

බුදු දහම මිනිස්සුන්ගේ සිත් සතන් වල යහපත් ප්‍රාර්ථනා පෙරටු කරගෙන යන ගමනක් මිසක් දේශපාලනයක් නොවේ.

:       0       14

පිටරටවැසියා Wednesday, 19 June 2024 08:59 AM

ඒ කියන්නෙ මාමා වගේ පන්සල් වටේට කටුකම්බි වැටවල් ගහන්නෙ නෑ කියල වෙන්න ඇති ...

:       5       9

ගමේ එකාලා Wednesday, 19 June 2024 02:37 PM

බුදු දහමට හානි වෙන විදියේ වැඩ කරන්නේ සමහර චීවරදාරියෝ. ඒවාට උල්පන්දම් දෙන බලලෝභී, දූෂිත දේශපාලුවන් වගේම, මහලොකු බෞද්ධයින් කියලා හිතාගෙන ඉන්න අයත් ඉන්නවා.

:       0       3

Abiththaya Wednesday, 19 June 2024 03:14 PM

එහෙම නම් අර නටාෂා කියන කාන්තාවක් කතෝලික පාසලකදී සිදුහත් කුමරාට අපහාස කිරීමට ඉදිරිපත් කළා කියන මෝඩාභිමානය කියන ඉදිරිපත් කිරීමට විරුද්ධව පැවැරූ නඩුවෙන්... ශාක්ෂි නැහැ කියලා කරපු නිර්දේශ මත නිදහස් කිරීම ගැන මොකද කියන්නේ?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site