
(යොහාන් භාසුර)
කතෝලික සහ අනිකුත් ක්‍රිස්තියානි දේවස්ථානවල අහිංසක බැතිමතුන් සහ වෙනත් ස්ථානවල මිනිසුන් ඉලක්කර කරමින් 2019 වසරේ සිදුකළ ‘පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය’ පිළිබඳව ස්වාධීන සහ අපක්‍ෂපාතී විමර්ශනයක් සහතික කිරීම සඳහා වර්තමාන රජය යම් යම් ධනාත්මක පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ‘පාස්කු ඉරුදින’ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රජය ඒ සඳහා මේ දක්වා ගෙන ඇති උත්සහය අගය කරන අතරම කඩිනම් සහ යුක්තිය පිළිබඳ සාධාරණ ලෙස විමර්ශනවල අවසාන ඉලක්කය වියයුත්තේ අපරාධකරුවන් කවුරුන්ද යන්න සහ එම මෙලෙච්ඡ ක්‍රියාවට ආධාර අනුබල දුන්නවුන් කවුරුන්ද යන්න තහවුරු කරගැනීම බව ද එහි සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි උඹලට ඕනි උන් වැරදි කාරයෝ වෙනකම් බලාගෙන ඉන්න ?
මේක දේශපාලනීකරණය කරගෙන අන්තිමට වාසි වුණේ සැබෑ ත්‍රස්තවාදීන්ට.
සමාවන්න,අයියෝ රදගුරු සාමිනේ මොනවද මේ කියන්නේ.අගරදගුරු මැල්කම් රංජිත් ප්‍රධාන මුලු කතෝලික සභාවම ඵකතුවෙලා මුලු රටේම අහිංසක කතෝලික ජනතාවම රටවලා මුලාකරවලා අනුර කුමාර පචෝරිස් ජනපතිට පාවා දුන්නා.පාස්කු වින්දියයන් නැවත වතාවක් ඝාතනය කරා නේද?මේ පාපයේ සාපය කාටද?
21 වැනිදාට මහ මොලකරු කවුද කියලා කියනකල් අපි බලාගෙන ඉන්නවා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ බුද්ධි නිලධාරීන් ඉන්න තැනක්, ඒ යට නිල සහ නිල නොවන බුද්ධි තොරතුරු ලැබෙනවා, ඉතින් මම කල්පනා කරන්නේ පාස්කු කොමිෂන් සභාවේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්නා කියල මොකක්ද වෙන්නේ? ඔවුන් නොදන්නා දෙයක් ඔය ලේකනයේ තිබෙන්න පුලුවන්ද? එත් ඔය එක පොලිස් ලොක්කෙක් ඉන්නවා පාස්කු ප්‍රහාරය ගැන බුද්ධි වාර්තා මේසය උඩ තියෙද්දී ඒ ගැන නොසලකා හරි එකෙක්. ඔහුටම මේ පරීක්ෂණය භාරදෙනවද? එහෙම ඒවාට අපේ පරණ මිනිස්සු කිව්වේ හොරාගේ අම්මාගෙන් පේන ඇසීම කියල
අපොයි ඔව්. ඒකටත් පල්ලියේ දේශපාලනේ කරන පියතුමන්ලාට ඕන විදියට හෙන පචයක් ගහගෙන යනවා. ඒ පචේ ඇතුලේ ඊබ්‍රහිම් නෑ, සහරානුත් නෑ, මුස්ලිම් අන්තවාදීන් කියල කට්ටියක් ඉඳලා නෑ, ISIS ත්‍රස්තවාදයක් නෑ. එයාලා හරීම අහිංසක කට්ටියක්. පලාත් පාලන ඡන්දෙත් දිනල හිටපු රාජපක්ශලා තමයි වැරදි. දෙවියන් වහන්සේම මේ බොරු කාරයො ගැන බලා ගන්නා සෙක්වා! ජේසුනි අපේ කතෝලික ක්‍රිස්තියානි ජනතාවට සත්‍යයම පෙන්නාදෙන සේක්වා, පාස්කු ප්‍රහාරයේ උදව්වෙන් පාප් වෙන්න බලාගෙන බොරු කියන්නන් හෙලි කරනා සේක්වා.
දැන් මෙයාලා විශ්වාස කරන්නේ අර චැනල් 4 එකේ බොරු කියපු මුස්ලිම් කාරයගේ කතාවද? ඒ කියන්නේ ක්‍රිස්තියානි, කතෝලික මිනිස්සුන්ට ඇත්ත දැන ගන්න ඕන නෑ, එයාලට ඕන තමන්ම හදාගත්තු හිතලුවක ජීවත් වෙන්නද? අනේ මන්දා උඹල ඔහොම උඹලගෙම මිනිස්සු රවට්ටන එක හරිද පාදිලිතුමා? ඔයාලත් මාලිමාවටම හරියන පච පෙට්ටි ටිකක්නෙ.
කොච්චරක් නම් ගජබින්න ඇදබෑවද මේකට...? ඒක නම් කිය කිය වාසි ගත්තද?
එයා ඉන්නේ මහ පුටුවේ...!