
(යොහාන් භාසුර)
මාසයකට අවම වශයෙන් දුම්රිය කාලසටහන් තුනක් හෝ හතරක් නිකුත් කර නැවත අවලංගු කරන බවත් වාර්ෂික දුම්රිය කාලසටහනක් නිර්මාණ කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අසමත්ව ඇති බවත් දුම්රිය පාලක සංගමයේ සභාපති දීෂණ පටබැදිගේ මහතා අද (14) පැවසීය.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් කාර්යාලයෙන් දුම්රිය කාලසටහන් සකස්කර එම දුම්රිය කාලසටහන් දිනපතා අවලංගු කිරීම නිසා දුම්රිය පාලන කාර්යාලයේ සේවය කිරීම ඉතාමත් අපහසු කාර්යක් බවට පත්ව ඇති බව කී දීෂණ පටබැදිගේ මහතා පෙරවරුවේ හදන කාලසටහන හවස අවලංගු කරන බව ද සඳහන් කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ප්‍රශ්න රැසක් ඇති බවත් දුම්රිය දෙපාර්තමේත්ුවේ වංචා සෙවීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන්න ලෙස ඉල්ලා සිටින බවත් පටබැදිගේ මහතා වැඩි දුරටත් පැවසීය.
දුම්රිය පාලක සංගමයේ සභාපති දීෂණ පටබැදිගේ මහතා දුම්රිය ස්ථානධිපති සංගම් මූලස්ථානයේදී අද (14) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
COMMENTS
අපි දන්නවා උඹලට ඕව ටයිම් නෑ දුම්රිය කැන්සල් කරාම. යකෝ දුම්රිය පට්ට පාඩුයි උඹලගෙ ඕව ටයිම් හා සාමාන්‍ය වැටුප අඩු කරාම, තෙල් වියදම් ආවත් හොයාගන්න බෑ. උඹලා වගේ කුහක යූනියන් කාරයෝ හින්දා තමයි රට බංකොලොත්ම උනේ.
රාජ්‍ය සේවයක් ලෙස දුම්රිය පවත්වාගෙන යනතාක් දියුණුවක් බලාපොරොත්තු විය නොහැක. ඉන්න අයට වෙන සෙතකුත් නෑ. ජනතාවට වෙන සෙතකුත් නෑ....
රටක දුම්රිය සේවය කියන්නේ ඒ රටේ ජනතාවටත්, විදේශික සංචාරකයින්ටත් ඉතාමත්ම පහසු මෙන්ම ආකර්ෂණීය වූ අතිවිශේෂ වූ ගමනාගමන පහසුකම් සලසන ආයතනයක්... මේ දුම්රිය දෙපාර්මේන්තුවේ ඉන්න කාලකන්නින්ට ඕනඕන පිස්සු කර කර මේ සේවය විනාශ කරනවා. මේ රට පාලනය කරන අයට මේකේ තේරුම් ගන්න බැරි එක මාර කරුමයක්නේ. වහාම දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කරපල්ලා...
කෝච්චිකාරයෝ වැඩකරන්නේ නැතිනම් කාලසටහන වෙනස් නොකර වෙන මොන බම්බුවක් කරන්නද?
මේකත් පෞද්ගලික අංශයට දීලා දැම්මම ඉවරයි. හැබැයි දේශීය ව්‍යාපාරකයෙකුට. නැත්නම් ඔය මින්ස්සු බඩේ අමාරුවටත් වැඩ වර්ජන . අසිංසක සාමාන්‍ය ජනයා හැමදාම අමාරවේ
මේ කියන්නෙ දුරගමන් දුම්රිය අවලංගු කිරීම ගැන.. රියැදුරන් සහ නියාමක වරුන්ගේ හිඟය හෝ ඔවුන් එම සේවාවාර ප්‍රතිකේෂ්ප කිරීම මෙයට හේතුවයි. එසේ අවලංගු කිරීමට හේතුවන නිලධාරීන්ට නිසි දඬුවම් පැමිණවීම වෙනුවට ප්‍රධානීන් ඔවුන් හුරතල් කිරීම නිසා මේ තත්වය පැන නැගී තියෙනවා.