
(කේ බුද්ධික කුමාරසිරි)
ඉදිරිපත් කිරීමට නියමිත අයවැය දී කර්මාන්ත ක්ෂේත්‍රයේ සඳහා මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා හෝමාගම දී පැවසීය.
හෝමාගම පනාගොඩ ටෙම්පල්බර්ග් කර්මාන්ත පුරයෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා මෙම කරුණු අනාවරණය කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේ කීය.
ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැමිණ ඇති එකඟතා අනුව 15.1 % දළ දේශීය නිෂ්පාදිතයෙන් බදු ප්‍රමාණයක් එකතු කර ගැනීම සඳහා පියවර ගතයුතුයි.
විශේෂයෙන් තියෙන වක්‍ර බදුවල අඩුවීමක් කාලයක් එක්ක තමා කරන්න වෙන්නේ. මොකද මේ අවුරුද්ද ඇතුළත බදු අඩුකිරීමක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව සියයට 15.1ක දළ දේශීය නිෂ්පාදිතයෙන් යම් බදු ප්‍රමාණයක් එකතු කරගත යුතුයි.
නමුත් මෙම ක්‍රියාවලියෙන් අපි එළියට එද්දි ආදායම් එකතු කරගැනීමේ කාර්යක්ෂමතාවය වැඩිවෙද්දි ඒ සහන නැවත එම කාර්මාන්තවල නිෂ්පාදනවලට දෙන්න හැකියාවක් තියෙනවා.
එතැනින් එහාට ගියාම විශේෂයෙන් බැංකු කේෂ්ත්‍රයේ සහ කර්මාන්තවල තාක්ෂණික ආයෝජනවලට බදු සහන ලබාදීමට නව රජය බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සියල්ල 17 අයවැයෙන් අපිට බලන්න පුළුවන්. අයවැය හරහා විශේෂයෙන් කර්මාන්තවලට අවශ්‍ය පහසුකම් හා සහාය ලබාදෙන්න තමා රජය බලාපොරොත්තු වෙන්නේ. අනාගතයේ වසර කිහිපයක් තුළ කර්මාන්තවලට සුදුසු පරිසරයක් බිහිකිරීම තමා රජයේ අරමුණයි.
කර්මාන්ත සඳහා භාණ්ඩ ආනයනය කිරීමේ දී නව බදු ප්‍රතිපත්තියක් හඳුවාදීමට පියවර ගන්නවා. බදු ප්‍රතිපත්තියක් අපි අලුතින් ගේනවා ටැරිෆ් පොලිසි කියලා, ඒකෙදි නිෂ්පාදන යෙදවුම්වලට තියෙන බදු අඩු හෝ ඉවත් කිරීමට සඳහා තමා ඒ ප්‍රතිපත්තිය ගේන්නේ. හැම කර්මාන්තකරුවෙකුම තමන්ගේ ආනයනික නිෂ්පාදන යෙදවුම් මොනවාද කියන එක අවබෝධයක් ලබාගෙන තියෙනවා.
ඊළඟට අපේ කර්මාන්තවලට තියෙන ඊළඟ ගැටලුව තමා විශේෂයෙන් අපි කොච්චර මහන්සියෙන් මේ රටේ කර්මාන්ත, නිෂ්පාදන කළත් ඉතාමත් අඩු මිලට බදු නොගෙවා සමහර වෙලාවට ඉන්වොයිස් වැලියුව් එක පහළට දාලා ආනයනයන් සිදුවෙනවා. මේ සඳහා අපි ආරක්ෂණයක් ගේනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ඡන්ද පොරොන්දුවකට වදුරු ප්‍රහායක්.
එහෙම වුනොත් මධ්‍යම සහ මහා පරිමාණ කර්මාන්තකරුවන් ලංකාවේ අලුත් කර්මාන්ත සදහා ආයෝජනය කිරීමෙන් දැනට තිබෙන කර්මාන්ත පුළුල් කිරීමෙන් වැලකි සිටීවි , ලෝකයේ දැනුම සහ මුදල් තිබෙනවා නම් ආයෝජනයට හිතකර රටවල් බොහොමයක් තිබෙනවා ,ඔවුන් පිටරට ආයෝජනය කරවී එහෙම නැතිනම් මුදල් බැංකුවේ දමලා නිකන් ඉදිවී ,ලංකාවේ කුඩා පරිමාණ කර්මාන්තකරුවන් පමනක් ආයෝජනය කරවී ඔවුන් වැට් බදු එහෙම ගෙවන්නේ නැති නිසා ආණ්ඩුවට ඔය කියන ඉල්ලක්ක වලට යන්න බැරිවේවි , රටේ රැකියා ප්‍රශ්නය උග්‍රවේවි , මිනිස්සු පාරට බහීවි
ජනාධිපති තුමා ඡන්දෙට කලින් යුරෝපෙට ඇවිත් විදේශගත ශ්‍රී ලාංකිකයන් වන අපට ආයාචනයක් කලා , එතුමාගේ රජයක් යටතේ ලංකාවේ ආයෝජකයන්ට බදු සහන ඇතුළු වෙනත් සහන දෙනවය ලංකාවේ ආයෝජනය කරන්න කියලා. ජනාධිපති තුමා මේ අවස්ථාවේ විදේශ ගතවෙලා , රාජ්‍ය නායකයන් , මහා පරිමාණ විදේශ ආයෝජකයන් සමඟ සාකච්චා පවත්වනවා ඔහුගේ ප්‍රධාන ඉල්ලකය ලංකාවට ආයෝජකයෝ ගෙන්වාගන්න එක , ඔබතුමා මේ අවස්ථාවේ ඊට සම්පුරණයෙන් විරුද්ධ අදහසක් ඉදිරිපත් කරනවා , වැරදිලාවත් විදේශ මාධ්‍යවේදියෙක් මාධ්‍ය සාකච්චාවකදී ඔබතුමාගේ ප්‍රකශය හුවා දක්වමින් ජනාධිපති තුමාගෙන් ප්‍රශ්න කලොත් එතුමා සහ අපේ රට අපහසුතාවයට ලක්වෙනවා නේද ? ඔබතුම ඔය ප්‍රකාශය කරන්නේ වගකීමෙන්ද ?
අයවැයෙන් කාටවත් සහන ලැබෙන්නේ නෑ. ඡන්දෙට කලින් මොන බයිලා ගැහුවත් අයි.එම්.එෆ් උපදෙස් මත නන්දලාල් හදන බජට් එක තමයි ගිරව් වගේ කියවන්න වෙන්නේ.
සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ රාශියක් මලිල්මාවට ඡන්දෙ දුන්නා , කැන්වසින් ගිය අපි ඔවුන්ට පොරොන්දු වුණ ව්‍යාපාරවලට තිබෙන කප්පම් තර්ජන , නිලධාරීන්ගේ අල්ලස් කරදර වැනි දේවල් සම්පුර්ණයෙන් ඉවත් කරනවාය , බදු සහන දෙනවය කියල , අපි කොහොමද මිනිස්සුන්ගේ මුණ බලන්නේ , කප්පම්කාරයෝ තවම ඉන්නවා , නිලධාරිනුත් ගජ රාමෙට පගාව ගහනවා , දැන් මේ හරකත් ඇවිත් කියනවා. කර්මාන්තවලට බදු සහන දෙන්න නැත කියලා , යකෝ අයවැය එන්න ඉස්සරවෙලා අයවැයෙන් කරන්නේ කුමක්ද කියල ඇමතිලා මාධ්‍ය සාකච්ඡාවල කතා කරන්නේ නැති බව උඹ දන්නේ නැතිද හරකෝ.
මේ මනුස්සයා දන්නා දෙයක් නැහැ. ජනාධිපති තුමා ආයෝජකයින්ට ආයෝජනය කරන්න හොඳ පැකේජ් එකක් හදලා තියෙන්නේ... ව්‍යාපාර කරන්න සහන දෙනවා... අමුද්‍රව්‍ය සඳහා තීරු බදු අඩු කරනවාට IMF එකත් විරුද්ධ නැහැ. මොහුගේ ප්‍රකාශය ගැන කවුරුවත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. ජනාධිපති තුමාව විශ්වාස කරලා කවුරුත් ඉවසලා ඉන්න. මේ අයවැයෙන් බැරිවුණත් ලබන අයවැයෙන් හරි සහන ලැබෙනවා...
යකෝ අයවැය එන්න කලින් අයවැය ගැන කතා කරන්නේ මුදල් ඇමැතිද? මම හොයලා බැලුවා අයවැයෙන් අනිවාර්යයෙන් කර්මාන්ත කරුවාට සහන රැසක් ලැබෙනවා. කර්මාන්ත දියුණු වුණාම රටේ රැකියා අවස්ථා ඇතිවෙනවා. මේක ආණ්ඩුව දන්නවා. IMF එකත් දන්නවා ඔයා දන්නේ නැතිවුණාට.., IMF එක කැමැති රටක ව්‍යාපාර දියුණු වෙනවාට, නොදන්නා දේවල් ගැන කතා කරන්නේ නැතිව ඉන්න.
දැන් මේක දැක්ක ගමන් ආචාර්ය හර්ෂ බුරන්න පටන් ගනීවි.., නිදාගන්න සුනඛයෝ අවධි කරන්නේ මේවගේ බුරුවෝ තමයි, දේශපාලනේ දන්නේ නැති මිනිස්සු ඇමැතිකම් භාරගන්න හොඳ නැහැ. උගත්කම තිබුනට බුද්ධිය සහ තැනට සුදුසු නුවන නැහැ. කටට එන පලියට වාචාල කතා කියන්න හොඳ නැහැ. රටම අමාරුවේ වැටෙන බොරු කියන්න කලින් හිතන්න ඕනේ... කවුරුත් බය වෙන්න එපා..
2006 ජර්මනියේ ආර්ථිකය වැටුන වෙලාවේ මෙහෙ රජය පොලි අනුපාතය 1% මට්ටමට පහළ දැම්මා, විදේශ වලින් එන අමුද්‍රව්‍ය සහ කර්මාන්ත වලට අවශ්‍ය කරන වෙනත් දේවල් වලට ගහන තීරු බදු අඩු කළා, බදු සහන දුන්නු ව්‍යාපාරිකයෝ ආයෝජනය කළා. රටේ රැකියා අවස්ථා ඇතිවුණා. රටේ ආර්ථික වර්ධනයක් ඇතිවුණා... එම වර්ධනය 2020 කොවිඩ් දක්වාම සිදුවුණා. ලංකාවේත් කරන්න ඕනේ ඒක. කර්මාන්ත සඳහා ව්‍යාපාරිකයා දිරිමත් කරන එක...
ජනාධිපතිතුමා ඡන්දෙට කලින් කිව්ව විදිහට IMF එක පස්සෙන් ගිය කිසිම රටක් ගොඩ ඇවිල්ලා නැහැ. ඒත් තාම IMF එක පස්සෙන් යනවා. ඒකයි සහන දෙන්න බැරි...
එතකොට සිල්වා මහත්මයා 90 දශකයේ පතුළටම වැටිලා සිටි ඉන්දියාව ගොඩ ගියේ IMF නිසා නොවේද? අමතක කරන්න එපා IMF නැතිනම් ඔබලා තවම තෙල් පෝලිම්වල...
දැන් කළ යුත්තේ ඡන්දෙට කලින් කළ ප්‍රකාශ ගැන වාද විවාද කිරීම නොවේ , පරණ හොරු අල්ලන්න බැරිනම් වර්තමානයේ සොරකම් කරන පගාව ගන්න විවිධ දුෂණ වල යෙදෙන නිලධාරියෝ නීතියේ රැහැනට හසු කරගන්න කවුරුත් එකතු වෙන්න ඕනේ , විනිසුරුවරු අලුතෙන් බඳවාගෙන අධිකරණ පද්ධතිය ශක්තිමත් කරගෙන නඩු විසැදීමේ ක්‍රියාවලිය වේගවත් කරගන්න ඕනේ , රාජ්‍ය සේවකයෝ ප්‍රතිව්‍යුහ ගත කරගෙන කඩිනම් රජයේ සේවයක් ජනතාවට සපයන්න ඕනේ , ජනාධිපතිතුමා ප්‍රමුක රජයට මේවට අදාල මූලික සැලසුම් සකස් කර තව මාස 2-3 ඇතුලත ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න ඕනේ ,එසේ නොකර නිකරුනේ වාද විවිවද කරමින් කාලය ගතකලොත් රට විශාල අර්බුදයකට යනවා.
සිල්වා මහත්මයා IMF වැඩ සටහන යනු රටක් සින්නක්රේට ලියාගන්න වැඩසටහනක් නොවේ , යම්කිසි රටක් ආර්ථික අගාධයක වැටිලා සිටිනකොට IMF එකෙන් අත්‍යවශ්‍ය දේවල් කරගන්න සුළු නය මුදලක් දීල ආර්ථික සැලැස්මක් හදල දෙනවා එම රටවල් වංචාව , දුෂණය , අල්ලස , නාස්තිය පිටු දැක එම සැලැස්ම ඔස්සේ විවුර්ත ආර්ථික පිළිවෙතක් අනුගමනය කරමින් ඉදිරියට ගියොත් , ආර්ථික අගාධයෙන් එලියට ඇවිත් ආර්ථික වර්ධයක් ඇතිවෙනවා , ඊට පස්සේ එම ක්‍රියාපිළිවෙත දිගටම කරගෙන ගියොත් , ජෙර්මනිය , සිංගප්පුරුව වගේ දියුණු වෙනවා , අපිට හැමදාම IMF යන්න වෙලා තිබෙන්නේ අපේ හිටපු පාලකයෝ දුෂිත නිසාත් , ජනතාව සමහර අවස්ථාවලදී ජාතිවාදය ඔලුවට අරන් තුමුල්ලේ විමලේ , විගනේශ්වරන් වැනි හොරුන්ට සහ වාසුදේව වැනි ඊනියා කොමියුනිස්ට්වාදීන්ට චන්දෙ දීපු නිසාය , IMF වැඩසටහන් වලදී හොරු අමාරුවේ වැටෙන නිසා කුමන රටෙත් හොරු මේකට කැමති නැහැ
ඒකට කමන්නෑ අපි මාලිමාවට!