IMG-LOGO

2025 මාර්තු මස 17 වන සඳුදා


‘කර්මාන්ත ක්ෂේත්‍රයට අය වැයෙන් බදු සහන දෙන්න බැහැ ‘

(කේ බුද්ධික කුමාරසිරි)
ඉදිරිපත් කිරීමට නියමිත අයවැය දී කර්මාන්ත ක්ෂේත්‍රයේ සඳහා මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා හෝමාගම දී පැවසීය.

හෝමාගම පනාගොඩ ටෙම්පල්බර්ග් කර්මාන්ත පුරයෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා මෙම කරුණු අනාවරණය කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේ කීය.

ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැමිණ ඇති එකඟතා අනුව 15.1 % දළ දේශීය නිෂ්පාදිතයෙන් බදු ප්‍රමාණයක් එකතු කර ගැනීම සඳහා පියවර ගතයුතුයි.

විශේෂයෙන් තියෙන වක්‍ර බදුවල අඩුවීමක් කාලයක් එක්ක තමා කරන්න වෙන්නේ. මොකද මේ අවුරුද්ද ඇතුළත බදු අඩුකිරීමක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව සියයට 15.1ක දළ දේශීය නිෂ්පාදිතයෙන් යම් බදු ප්‍රමාණයක් එකතු කරගත යුතුයි.

නමුත් මෙම ක්‍රියාවලියෙන් අපි එළියට එද්දි ආදායම් එකතු කරගැනීමේ කාර්යක්ෂමතාවය වැඩිවෙද්දි ඒ සහන නැවත එම කාර්මාන්තවල නිෂ්පාදනවලට දෙන්න හැකියාවක් තියෙනවා.

එතැනින් එහාට ගියාම විශේෂයෙන් බැංකු කේෂ්ත්‍රයේ සහ කර්මාන්තවල තාක්ෂණික ආයෝජනවලට බදු සහන ලබාදීමට නව රජය බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සියල්ල 17 අයවැයෙන් අපිට බලන්න පුළුවන්. අයවැය හරහා විශේෂයෙන් කර්මාන්තවලට අවශ්‍ය පහසුකම් හා සහාය ලබාදෙන්න තමා රජය බලාපොරොත්තු වෙන්නේ. අනාගතයේ වසර කිහිපයක් තුළ කර්මාන්තවලට සුදුසු පරිසරයක් බිහිකිරීම තමා රජයේ අරමුණයි.
කර්මාන්ත සඳහා භාණ්ඩ ආනයනය කිරීමේ දී නව බදු ප්‍රතිපත්තියක් හඳුවාදීමට පියවර ගන්නවා. බදු ප්‍රතිපත්තියක් අපි අලුතින් ගේනවා ටැරිෆ් පොලිසි කියලා, ඒකෙදි නිෂ්පාදන යෙදවුම්වලට තියෙන බදු අඩු හෝ ඉවත් කිරීමට සඳහා තමා ඒ ප්‍රතිපත්තිය ගේන්නේ. හැම කර්මාන්තකරුවෙකුම තමන්ගේ ආනයනික නිෂ්පාදන යෙදවුම් මොනවාද කියන එක අවබෝධයක් ලබාගෙන තියෙනවා.

ඊළඟට අපේ කර්මාන්තවලට තියෙන ඊළඟ ගැටලුව තමා විශේෂයෙන් අපි කොච්චර මහන්සියෙන් මේ රටේ කර්මාන්ත, නිෂ්පාදන කළත් ඉතාමත් අඩු මිලට බදු නොගෙවා සමහර වෙලාවට ඉන්වොයිස් වැලියුව් එක පහළට දාලා ආනයනයන් සිදුවෙනවා. මේ සඳහා අපි ආරක්ෂණයක් ගේනවා.

 

 



අදහස් (17)

‘කර්මාන්ත ක්ෂේත්‍රයට අය වැයෙන් බදු සහන දෙන්න බැහැ ‘

සිල්වා Wednesday, 12 February 2025 01:07 PM

තවත් ඡන්ද පොරොන්දුවකට වදුරු ප්‍රහායක්.

:       12       33

sanath Wednesday, 12 February 2025 01:25 PM

එහෙම වුනොත් මධ්‍යම සහ මහා පරිමාණ කර්මාන්තකරුවන් ලංකාවේ අලුත් කර්මාන්ත සදහා ආයෝජනය කිරීමෙන් දැනට තිබෙන කර්මාන්ත පුළුල් කිරීමෙන් වැලකි සිටීවි , ලෝකයේ දැනුම සහ මුදල් තිබෙනවා නම් ආයෝජනයට හිතකර රටවල් බොහොමයක් තිබෙනවා ,ඔවුන් පිටරට ආයෝජනය කරවී එහෙම නැතිනම් මුදල් බැංකුවේ දමලා නිකන් ඉදිවී ,ලංකාවේ කුඩා පරිමාණ කර්මාන්තකරුවන් පමනක් ආයෝජනය කරවී ඔවුන් වැට් බදු එහෙම ගෙවන්නේ නැති නිසා ආණ්ඩුවට ඔය කියන ඉල්ලක්ක වලට යන්න බැරිවේවි , රටේ රැකියා ප්‍රශ්නය උග්‍රවේවි , මිනිස්සු පාරට බහීවි

:       3       22

de silva berlin Wednesday, 12 February 2025 01:34 PM

ජනාධිපති තුමා ඡන්දෙට කලින් යුරෝපෙට ඇවිත් විදේශගත ශ්‍රී ලාංකිකයන් වන අපට ආයාචනයක් කලා , එතුමාගේ රජයක් යටතේ ලංකාවේ ආයෝජකයන්ට බදු සහන ඇතුළු වෙනත් සහන දෙනවය ලංකාවේ ආයෝජනය කරන්න කියලා. ජනාධිපති තුමා මේ අවස්ථාවේ විදේශ ගතවෙලා , රාජ්‍ය නායකයන් , මහා පරිමාණ විදේශ ආයෝජකයන් සමඟ සාකච්චා පවත්වනවා ඔහුගේ ප්‍රධාන ඉල්ලකය ලංකාවට ආයෝජකයෝ ගෙන්වාගන්න එක , ඔබතුමා මේ අවස්ථාවේ ඊට සම්පුරණයෙන් විරුද්ධ අදහසක් ඉදිරිපත් කරනවා , වැරදිලාවත් විදේශ මාධ්‍යවේදියෙක් මාධ්‍ය සාකච්චාවකදී ඔබතුමාගේ ප්‍රකශය හුවා දක්වමින් ජනාධිපති තුමාගෙන් ප්‍රශ්න කලොත් එතුමා සහ අපේ රට අපහසුතාවයට ලක්වෙනවා නේද ? ඔබතුම ඔය ප්‍රකාශය කරන්නේ වගකීමෙන්ද ?

:       2       23

යෝගා Wednesday, 12 February 2025 01:43 PM

අයවැයෙන් කාටවත් සහන ලැබෙන්නේ නෑ. ඡන්දෙට කලින් මොන බයිලා ගැහුවත් අයි.එම්.එෆ් උපදෙස් මත නන්දලාල් හදන බජට් එක තමයි ගිරව් වගේ කියවන්න වෙන්නේ.

:       4       30

R.T. sarath Wednesday, 12 February 2025 01:43 PM

සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ රාශියක් මලිල්මාවට ඡන්දෙ දුන්නා , කැන්වසින් ගිය අපි ඔවුන්ට පොරොන්දු වුණ ව්‍යාපාරවලට තිබෙන කප්පම් තර්ජන , නිලධාරීන්ගේ අල්ලස් කරදර වැනි දේවල් සම්පුර්ණයෙන් ඉවත් කරනවාය , බදු සහන දෙනවය කියල , අපි කොහොමද මිනිස්සුන්ගේ මුණ බලන්නේ , කප්පම්කාරයෝ තවම ඉන්නවා , නිලධාරිනුත් ගජ රාමෙට පගාව ගහනවා , දැන් මේ හරකත් ඇවිත් කියනවා. කර්මාන්තවලට බදු සහන දෙන්න නැත කියලා , යකෝ අයවැය එන්න ඉස්සරවෙලා අයවැයෙන් කරන්නේ කුමක්ද කියල ඇමතිලා මාධ්‍ය සාකච්ඡාවල කතා කරන්නේ නැති බව උඹ දන්නේ නැතිද හරකෝ.

:       2       25

RasikaWednesday, 12 February 2025 02:26 PM

වැදගත් උත්සවයකට ගිහින් පැය දෙකක් සීරුවෙන් වාඩි වෙලා ඉන්න බැරි අය අයවැය වගේ දෙයක් සම්ප්‍රදායන් ආරක්ෂා කරන්න දන්නවා කියලා හිතන්නවත් පුළුවන්ද? හරයක්, විනයක්, සමාජ හික්මීමක් නැති සෙනඟකට රට දීලා දැන් අඬලා මොකටද?

:       3       15

පුෂ්කර ඈපාWednesday, 12 February 2025 02:28 PM

කප්පන් ගන්නේ JVP කම්කරු සංගම්...

:       2       14

sunil Wednesday, 12 February 2025 02:13 PM

මේ මනුස්සයා දන්නා දෙයක් නැහැ. ජනාධිපති තුමා ආයෝජකයින්ට ආයෝජනය කරන්න හොඳ පැකේජ් එකක් හදලා තියෙන්නේ... ව්‍යාපාර කරන්න සහන දෙනවා... අමුද්‍රව්‍ය සඳහා තීරු බදු අඩු කරනවාට IMF එකත් විරුද්ධ නැහැ. මොහුගේ ප්‍රකාශය ගැන කවුරුවත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. ජනාධිපති තුමාව විශ්වාස කරලා කවුරුත් ඉවසලා ඉන්න. මේ අයවැයෙන් බැරිවුණත් ලබන අයවැයෙන් හරි සහන ලැබෙනවා...

:       7       5

R.T.sarath Wednesday, 12 February 2025 03:15 PM

යකෝ අයවැය එන්න කලින් අයවැය ගැන කතා කරන්නේ මුදල් ඇමැතිද? මම හොයලා බැලුවා අයවැයෙන් අනිවාර්යයෙන් කර්මාන්ත කරුවාට සහන රැසක් ලැබෙනවා. කර්මාන්ත දියුණු වුණාම රටේ රැකියා අවස්ථා ඇතිවෙනවා. මේක ආණ්ඩුව දන්නවා. IMF එකත් දන්නවා ඔයා දන්නේ නැතිවුණාට.., IMF එක කැමැති රටක ව්‍යාපාර දියුණු වෙනවාට, නොදන්නා දේවල් ගැන කතා කරන්නේ නැතිව ඉන්න.

:       4       1

R.T.sarath Wednesday, 12 February 2025 03:22 PM

දැන් මේක දැක්ක ගමන් ආචාර්ය හර්ෂ බුරන්න පටන් ගනීවි.., නිදාගන්න සුනඛයෝ අවධි කරන්නේ මේවගේ බුරුවෝ තමයි, දේශපාලනේ දන්නේ නැති මිනිස්සු ඇමැතිකම් භාරගන්න හොඳ නැහැ. උගත්කම තිබුනට බුද්ධිය සහ තැනට සුදුසු නුවන නැහැ. කටට එන පලියට වාචාල කතා කියන්න හොඳ නැහැ. රටම අමාරුවේ වැටෙන බොරු කියන්න කලින් හිතන්න ඕනේ... කවුරුත් බය වෙන්න එපා..

:       6       2

de silva berlin Wednesday, 12 February 2025 03:29 PM

2006 ජර්මනියේ ආර්ථිකය වැටුන වෙලාවේ මෙහෙ රජය පොලි අනුපාතය 1% මට්ටමට පහළ දැම්මා, විදේශ වලින් එන අමුද්‍රව්‍ය සහ කර්මාන්ත වලට අවශ්‍ය කරන වෙනත් දේවල් වලට ගහන තීරු බදු අඩු කළා, බදු සහන දුන්නු ව්‍යාපාරිකයෝ ආයෝජනය කළා. රටේ රැකියා අවස්ථා ඇතිවුණා. රටේ ආර්ථික වර්ධනයක් ඇතිවුණා... එම වර්ධනය 2020 කොවිඩ් දක්වාම සිදුවුණා. ලංකාවේත් කරන්න ඕනේ ඒක. කර්මාන්ත සඳහා ව්‍යාපාරිකයා දිරිමත් කරන එක...

:       1       5

සිල්වා Wednesday, 12 February 2025 05:17 PM

ජනාධිපතිතුමා ඡන්දෙට කලින් කිව්ව විදිහට IMF එක පස්සෙන් ගිය කිසිම රටක් ගොඩ ඇවිල්ලා නැහැ. ඒත් තාම IMF එක පස්සෙන් යනවා. ඒකයි සහන දෙන්න බැරි...

:       2       9

de silva berlin Wednesday, 12 February 2025 05:47 PM

එතකොට සිල්වා මහත්මයා 90 දශකයේ පතුළටම වැටිලා සිටි ඉන්දියාව ගොඩ ගියේ IMF නිසා නොවේද? අමතක කරන්න එපා IMF නැතිනම් ඔබලා තවම තෙල් පෝලිම්වල...

:       3       5

සිල්වා Thursday, 13 February 2025 10:40 AM

ඉන්දියාවේ 90 දශකයේ IMF ගියා හැබයි ඔවුන් ඒමතම යැපෙන්න ගියේ නෑ. මන්මෝහන් සිං මහතා ශ්‍රි ලංකාව ආදර්ශය ට ගෙන වෙළෙද පොල ආර්ථිකය හදුන්වා දුන්න. විදේශ ආයෝජන ලබාගත්ත. ආකර්ෂණීය බදු ක්‍රමයක් හදුන්වා දුන්න.

:       0       2

de silva Wednesday, 12 February 2025 10:29 PM

දැන් කළ යුත්තේ ඡන්දෙට කලින් කළ ප්‍රකාශ ගැන වාද විවාද කිරීම නොවේ , පරණ හොරු අල්ලන්න බැරිනම් වර්තමානයේ සොරකම් කරන පගාව ගන්න විවිධ දුෂණ වල යෙදෙන නිලධාරියෝ නීතියේ රැහැනට හසු කරගන්න කවුරුත් එකතු වෙන්න ඕනේ , විනිසුරුවරු අලුතෙන් බඳවාගෙන අධිකරණ පද්ධතිය ශක්තිමත් කරගෙන නඩු විසැදීමේ ක්‍රියාවලිය වේගවත් කරගන්න ඕනේ , රාජ්‍ය සේවකයෝ ප්‍රතිව්‍යුහ ගත කරගෙන කඩිනම් රජයේ සේවයක් ජනතාවට සපයන්න ඕනේ , ජනාධිපතිතුමා ප්‍රමුක රජයට මේවට අදාල මූලික සැලසුම් සකස් කර තව මාස 2-3 ඇතුලත ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න ඕනේ ,එසේ නොකර නිකරුනේ වාද විවිවද කරමින් කාලය ගතකලොත් රට විශාල අර්බුදයකට යනවා.

:       0       7

de silva berlin Thursday, 13 February 2025 12:49 PM

සිල්වා මහත්මයා IMF වැඩ සටහන යනු රටක් සින්නක්රේට ලියාගන්න වැඩසටහනක් නොවේ , යම්කිසි රටක් ආර්ථික අගාධයක වැටිලා සිටිනකොට IMF එකෙන් අත්‍යවශ්‍ය දේවල් කරගන්න සුළු නය මුදලක් දීල ආර්ථික සැලැස්මක් හදල දෙනවා එම රටවල් වංචාව , දුෂණය , අල්ලස , නාස්තිය පිටු දැක එම සැලැස්ම ඔස්සේ විවුර්ත ආර්ථික පිළිවෙතක් අනුගමනය කරමින් ඉදිරියට ගියොත් , ආර්ථික අගාධයෙන් එලියට ඇවිත් ආර්ථික වර්ධයක් ඇතිවෙනවා , ඊට පස්සේ එම ක්‍රියාපිළිවෙත දිගටම කරගෙන ගියොත් , ජෙර්මනිය , සිංගප්පුරුව වගේ දියුණු වෙනවා , අපිට හැමදාම IMF යන්න වෙලා තිබෙන්නේ අපේ හිටපු පාලකයෝ දුෂිත නිසාත් , ජනතාව සමහර අවස්ථාවලදී ජාතිවාදය ඔලුවට අරන් තුමුල්ලේ විමලේ , විගනේශ්වරන් වැනි හොරුන්ට සහ වාසුදේව වැනි ඊනියා කොමියුනිස්ට්වාදීන්ට චන්දෙ දීපු නිසාය , IMF වැඩසටහන් වලදී හොරු අමාරුවේ වැටෙන නිසා කුමන රටෙත් හොරු මේකට කැමති නැහැ

:       0       1

අරුණී Thursday, 13 February 2025 01:07 PM

ඒකට කමන්නෑ අපි මාලිමාවට!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

දියත

අකුණ දෙදෙනකු රෝහලට යවයි
2025 මාර්තු මස 17 1 0

හැටන් දිඹුල පතන පොලිස් වසමට අයත් අර්ගිල් වතුයායේ නුග ගසකට අද පස්වරුවේ අකුණු සැර වැදිමත් සමග එම ගස කඩා වැටිමෙන් තිදෙනෙකුට තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


හිටපු ඇමැති මර්වින් යළි රිමාන්ඩ්
2025 මාර්තු මස 17 46 0

කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයට අයත් ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව රිමාන්ඩ් බාරයේ සිටි හිටපු ඇමැතිවරයකු වන ආචාර්ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනා මේ ම


සංචාරක යටිතල පහසුකම් ගැන හොඳට හිතන්න
2025 මාර්තු මස 17 82 0

ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බැවින් මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුණාත්මක යටිතල පහසුකම් සහ සේව


සංජීවගේ ආරක්ෂාවට සිටි ජේලර් රාජකාරි පැහැර හැරි යැයි රිමාන්ඩ්
2025 මාර්තු මස 17 255 0

කොළඹ අලුත්කඩේ අධිකරණයේ විත්ති කූඩුවේදී වෙඩි වැදීමිය ගිය පාතාලි කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව බාරව පැමිණි බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයා ලබන 21 දින දක්ව


ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට
2025 මාර්තු මස 17 1038 0

පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස


බදුල්ලේ පවුල් 4034ක් මරු කටේ
2025 මාර්තු මස 17 242 0

බදුල්ල දිස්ත්‍රික්කයේ නාය යෑම් අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වන පවුල් සංඛ්‍යාව 4034 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වැවිලි කර්මාන්ත සහ ප්‍රජා යටිතල පහසුකම් අම


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 349 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 811 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 306 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site