IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ආණ්ඩුව එක්ක තවත් සාකච්ඡා නෑ’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වත්මන්  ආණ්ඩුව සමග තවත්  ප්‍රතිසංස්කරණවාදී සාකච්ඡා නැතැයි ජාතික ජන බලවේගයේ පත් කළ මන්ත්‍රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සියයට 51 කින් අඩු කර තිබෙන මොහොතක ඔවුන්ගේ පෝෂණ, සෞඛ්‍ය සහ මානසික තත්වය කඩා වැටී තිබෙන මොහොතක ඒ  වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් හඬ නඟමින්  සාමකාමී අයුරින් උද්ඝෝෂණය කර එය අවසන් කරන මොහොතේනිරායුධ සාමකාමී කාන්තා පිරිසකට පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කළ බව ද අමරසූරිය මෙනවිය කීවාය.

පත්වෙලා ඉන්න පොලිස්පති ආණ්ඩුවේ බලධාරීන් සතුටු කරන්නට නිරායුද සාමකාමී කාන්තා පිරිසකට ජල ප්‍රහාරයක් එල්ල කරන්නට ඇතැයි කී මන්ත්‍රීවරිය එක අතකින් ආණ්ඩුවේ හෙලුව ජනතාවට පෙන්නන එක ගැන සතුටු විය යුතුයැයිද පැවැසුවාය.

 

 



අදහස් (7)

‘ආණ්ඩුව එක්ක තවත් සාකච්ඡා නෑ’

ක්රිෂ්ණා Monday, 04 December 2023 02:00 PM

මෙයාලාගේ තියෙන ප්‍රතිසංස්කරණවාදි අදහස් මොනවාද..? තාමනම් අපි දන්නේ නෑ...

:       30       28

Aravinda MonarawilaMonday, 04 December 2023 02:44 PM

රාජපක්ෂ වික්‍රමසිංහ කල්ලියේ වහලුන් රටෙන් තුරන් කිරීම, ඒක හොඳ නැද්ද මෙයා...?

:       21       16

Lal Monday, 04 December 2023 02:36 PM

ඔය ගොල්ලන්ටත් සාකච්ඡා පුරුදු නෑනේ... පුරුදු තුවක්කුව ගමු දැන් කාලේ හරි..!

:       35       30

Aravinda MonarawilaMonday, 04 December 2023 03:23 PM

බටලන්දේ ඕ.අයි.සී. ගේ ක්‍රමයද?

:       6       18

සෙනෙවිරත්න Monday, 04 December 2023 02:42 PM

මෙයාලගේ කතා හරියට අහනවා නම් ඔයාට පිළිතුරු තියෙනවා. හැබැයි මේ නාලිකාවල ඒවා යන්නේ නැහැ...

:       23       18

Nalin Monday, 04 December 2023 04:24 PM

ජූලියා අක්කා එක්ක විතරයි කතාව...!

:       4       10

බොක්කෙන්ම ජෙපි Monday, 04 December 2023 06:26 PM

අපේ අනුර සහෝදරයා පසෙකටලා ඉදිරියට පැමිණීමට මාන බලන මැයට කාඩ්බෝඩ් සහ කීබෝඩ් මොනරවිලා හැර අනෙක් අය මනාප නොවනු ඇත...

:       5       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site