IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


‘අපි ලබාදුන් නිදහස ටික කාලයකින් ජනතාවට තේරේවි’

(නිමල කොඩිතුවක්කු)
 
“කවදාහරි ලූණු වල රහ දැනෙන්නේ හොද්දට ලූණු අඩුවුන දවසටයි.  ලූණු තියෙනවනම්  කවදාවත් ලූණු ගැන කතා කරන්නේ නැහැ හොද්දේ රහ ගැනයි  කතා කරන්නේ. ඒවගේ තව ටික දවසක් යනවිට අපි ලබාදුන්නු නිදහසේ රඟ ජනතාවට තේරෙයි’’ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා පැවැසීය.
 
වත්මන්  රජය යන දිශාව පිළිබඳ නිර්වචන ලබාදීමට දැන්ම ඉක්මන් නොවන බවත් පැවසූ මන්ත‍්‍රීවරයා  ජනතාව ලබාදුන්  ජනවරම අයුතු විදියට පාවිච්චි කරන්න එපා කියා රජයෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කලේය.
 
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද(02) පැවති   මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා මෙසේද කීය.
           
‘‘2015 ඉඳලා අපේ රජයේ යම් යම් දුර්වලතා තිබුණත් අපි මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළ බවට සියලූම  දෙනා පිළිගන්නවා. අපි මිනිස්සුන්ට  බියකින් සැකයකින් තොරව නිදහසේ ජීවත්විමේ අයිතිය ලබාදුන්නා. ඒක  දකුණට පමණක් නෙමෙයි උතුරටත් ඒ විදියටම ලබාදුන්නා.  තුන්වැනි එක තමයි  අපි මිනිස්සුන්ගේ අයිතිවාසිකම් තහවුරු කළා.
 
ස්වාධීන අධිකරණය මගින්, ස්වාධීන කොමිෂන් සභා මගින් අපි මේ දේවල් ලබාදුන්නා. ඒ වෙනුවෙන් අපේ රජය විශාල වැඩකොටසක් කළා. දැන් පහුගිය  මැතිවරණය ප‍්‍රචණ්ඩක‍්‍රියාවලින් තොරව සාමකාමීව සිදුවුණා.  වෙනදා මැතිවරණ පවත්වද්දී මෙච්චර ප‍්‍රචණ්ඩක‍්‍රියා සිදුවුණා කියලා පුවත්පත්වල වාර්ථා කරනවා.  කොච්චර හරි ජනතාවට තේරුනෙත් නැහැ මැතිවරණයක් පවත්වනවා කියලා. ඒ තරම් සාමකාමී තත්වයක් රටේ පැවතුණා.

ඒ වගේම උතුරේ එදා බියෙන් සැකෙන් ජීවත් වූ  ජනතාව අපේ ආණ්ඩුවට විරුද්ධව  පාරට බැහැලා විරෝධතා, උද්ඝෝෂණ කළා. අවුරුදු 35කට පමණ පස්සේ තමයි ඒ ජනතාවට නිදහස ලැබුණේ.
මේ රජය බලයට පත් වෙලා මේ කෙටිකාලය තුළදීම කියනවා  මේ නිදහස ලබාදුන් ක‍්‍රමවේදය අපි වෙනස් කරනවලු.  ඊළඟට කියනවා මේ දේශපාලන පත්වීම්වලට අපි  එකඟ නැහැ අපි වෙනම කමිටුවක් දාලා  වෘත්තීයවේදීන් තෝරනවලූ. මේකම තමයි අපි 19 වැනි සංශෝධනයෙන් කළේ.
 
අපි ලබාදුන් මේ නිදහස මේ රටේ මිනිස්සු අවුරුදු පහකට කිට්ටු වෙන්න භුක්තිවින්දා. නමුත් කතාකළේ වෙන වෙන දේවල් නිසා  න්‍යායපත‍්‍රය වෙනස් වුන නිසා අපි පරාද වුණා. ජනතාව  ඒවා ගැන එච්චර  තැකීමක් කළේ නැහැ.
 
දැන් පහුගිය දිනවල මම සුදුවෑන් වල පිරිසක් ඉදිරිපත් කළාමත් ඒවා බොරුයි කිව්වා. 2015න් පස්සේ සුදුවෑන් නොතිබූ නිසා අපේ මිනිස්සුන්ට සුදුවෑන් සංස්කෘතිය සම්පූර්ණයෙන්ම අමතක වුනා. දැන් මේ ආණ්ඩුව  පත්වෙලා සතියක් යන්න කලින් සුදුවෑන් එක ආවා.
 
සුදුවෑන් එකකින් ඇවිත් කාන්තාවක් ගෙනල්ලා ප‍්‍රශ්න කරලා තියෙනවා. අග‍්‍රාමාත්‍යතුමා  කිව්වා ඒ අයට ඇවිත් කටඋත්තරයක් දෙන්න කියලා. දැන් ඒ කාන්තාව  මානසිකව කඩා වැටිලා කතා කරගන්න බැරුව ඉන්නවා. එයාට කටඋත්තර දෙන්න තියා ගෙදර ඉන්න අයත් එක්කවත් කතා කරන්නේ නැහැ.
 
මේ ගැන ස්විට්සර්ලන්ත තානාපති කාරයාලය පැහැදිලි විමරශණයක් ඉල්ලුවා විතරක් නෙමෙයි ඒ මුළු පවුලම ස්විට්සර්ලන්තයට  යවන්න හදනවා. අපේ අවුරුදු පහේදී  කිසිම පුරවැසියෙකුට මේ වගේ තත්වයක් ඇති වුනාද කියලා අපි අහනවා.  අපේ ආණ්ඩු කාලයේදී අපිට බයයි කියලා රට දාලා කවුරු හරි යන්න හැදුවද? කිසි දවසක එවැනි තත්වයක් ඇති වුනේ නැහැ.
 
අද සුදුවෑන් එනවා,  වෙබ් අඩවි වලට පැනලා පරීක්ෂා කරනවා. හතරවෙනි තට්ටුවට කාන්තාවන් ගෙනිහින්  ප‍්‍රශ්න කරනවා. මෙතනින් කරන්නේ රස්තියාදු කරලා යම් බියක් ඇති කිරීමයි.

මේ ජනාධිපතිතුමා පෙන්වන  සරල භාවය ගැන අපි සතුටු වෙනවා.  එතුමා අඳින ඇදුම්, විදේශ සංචාර වගේ මේ දේවල් හොඳයි.  නමුත් මට තියෙන බිය තමයි මේවා එතුමන්ගේ මේ ක‍්‍රියාදාමය වසා ගැනීමට  අඳින ඇඳුම් පැළඳුම්ද දන්නේ නැහැ.
 
එහෙම නැත්නම්  එතුමා මේ වගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව යන්නේ නැතුව, 19 වැනි සංශෝධනයෙන් ලැබුනු නිදහස වෙනස් කරන්නේ නැතිව  සුදුසුකම් සහිත පුද්ගලයන්  ඒ තැනට පත්කිරීමේ ක‍්‍රියාදාමයේ ඉඳලා ඒ ලබා දුන් නිදහස දිගටම ක‍්‍රියාත්මක කරමින්  නව රජයක් ගොඩනගනවනම් ඉතා හොදයි. එහෙම  නැතුව ඒක පිරුවටයක් කරගෙන වෙනත් ක‍්‍රියාදාමයක් කරන්න යනවනම් ඒක මේ රටට ඉතාම නරකයි.
 
එහෙම දේශයක් ලෝකයා පිලිගැනීමට සූදානම් නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිදහස වෙනුවෙන් අපි ගෙනගිය වැඩසටහන ලෝකයා පිලිගත්තා.
රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියෙකුටවත් පාරේ බැහැලා යන්න බැරි තත්වයක් ආවයි කියන  මතය ජාත්‍යන්තරව ගියොත් නැවත අපි 2015ට කලින් තිබූ තත්වයට පත්වෙනවා.  රටේ තිබුණු ආර්ථික තත්වයත්  එක්ක එවැනි තතත්වයකට පත්වුනොත් අපිට විශාල අර්බුදයකට පත්වෙනවා.
 
මේ රජය යන දිශාව මේ පැත්තට කියලා  අපි දැන්මම කියන්නේ නැහැ. ඒකට ඉක්මන් වැඩියි. නමුත්  තමුන්ට දුන්න ජනවරම අයුතු විදියට පාවිච්චි කරන්න එපා කියලා අපි රජයට කියනවා’’  යැයිද ඔහු එහිදී පැවැසීය.



අදහස් (0)

‘අපි ලබාදුන් නිදහස ටික කාලයකින් ජනතාවට තේරේවි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 665 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 847 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 366 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site