IMG-LOGO

ෆේස්බුක් සාදය වටලා එස් අයි ඇතුළු 6ක් අල්ලයි

(ගයාන් සූරිය ආරච්චි) 

මහවෙල ප්‍රදේශයේ  හෝටලයක  පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා  මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි  පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත  උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු 6 දෙනෙකු ඊයේ (1) අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකාය කඳවුරට අනුයුක්තව  විශේෂ යතුරුපැදි  අංශයේ  රාජකාරී කරන නිලධාරියකු බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන්  මාතලේ, මහවෙල, කටුගස්තොට, මහනුවර, රත්තොට ප්‍රදේශවල පදිංචි අවුරුදු 25 ත් 35 ත් වයස්වල පසු වන පිරිසකි.

මෙම සාදයට ඇතුළු වීම සඳහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 3000ක මුදලක් අය කරගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය  උප පොලිස් පරීක්ෂකවරයා විසින් එම සාදය සංවිධානය කර තිබූ අතර  ඔහු සන්තකයේ තිබී ගංජා මිශ්‍ර මෝදක ග්‍රෑම් 22ක්, හෑෂ් මිලිග්‍රෑම් 620 ක්, මත්ද්‍රව්‍ය සහිත ටැබ්ලට් මිලිග්‍රෑම් 660 ක් පොලිසිය සොයාගෙන ඇත.

එම සාදය පිළිබඳව  ෆේස් බුක් සමාජ මාධ්‍ය හරහා  දැනුවත් කිරීමෙන් අනතුරුව 40 අධික පිරිසක් එම සාදයට සහභාගි වී සිටි බව පොලිසිය පවසයි.

 

 

 



අදහස් (3)

ෆේස්බුක් සාදය වටලා එස් අයි ඇතුළු 6ක් අල්ලයි

ලුම්බිණි Sunday, 02 March 2025 09:24 AM

පව් වැඩේ...

:       2       3

රම්බොඩ Sunday, 02 March 2025 09:33 AM

මෙවැනි දේ නම් නිතරම කළ යුතුයි. නැත්නම් අපේ සමාජය විනාශම වෙලා යනවා. එන එන ඕනෑ දෙයක් බදාගන්න හිස් තරුණ කොටසක් ඉන්නවා දැන්...

:       2       6

Deshabandu Monday, 03 March 2025 09:12 AM

සමාජය සුමඟට ගෙනියන්ඩ දිවුරුම් දීලා තියන එවුන්ම මෙහෙම කරනවා නම් තව මොන කතාද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2097 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 649 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 728 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site