
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ෆෙරාරි වාහනය පදින කෙනා අල් ජසීරාවේ හැපී කුඩුපට්ටම් වී ගිය බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ පැවසුවේ එම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය ආරම්භ කරමිනි.
ෆෙරාරි පදින කෙනාට තියෙන්නේ හොර ලයිසන් එකක් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය.
ඇත්තටම කතානායකතුමනි, අද අපට විවාදය පටන් ගන්න වෙන්නේ කනගාටුදායක ප්‍රවෘත්තියකින්. ඒක තමයි ළඟදි සිද්ධ වෙච්ච මාරක රිය අනතුරක් ගැන දැනුම්දීමෙන්. අර ෆෙරාරි ලයිසන් එකක් තියෙනවා කිව්ව කෙනා අල් ජසීරා එකේ හැප්පිලා කුඩු පට්ටම් වෙලා තියෙන්නේ. එතුමගෙ මං හිතන්නේ මොළයට සෑහෙන්න ඩැමේජ් වෙලා තියෙනවා. ඒ නිසා එතුමා මේ දවස්වල විකාර කියවනවා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීයට කවමදාකවත් ලයිසන් තිබුනේ නෑ. අනුන්ගේ ටෙම්පරියක් කර කර හිටියේ... තිබිච්චි ලයිසනුත්, ඇති බහුතර ජනතා මනාපයෙන් කැන්සල් කරලයි, දෙවෙනි වරටත් ගෙදරටම ගාල් කලේ...
කොටි කොහෙන් හරි ගොඩ එන එකට හරි සන්තෝසයි නේද? මාලිමාවේ කට්ටියට? වෙන රටක නම් ආණ්ඩුව ඉන්නේ රටේ බෙදුම්වාදය අවසන් කරපු එක හරි කියන මතයේ. මේ ත්‍රාඩ රස්තියාදුකාරයෝ ඉන්නේ බෙදුම්වාදය පැත්තේ...!
හොයාගෙන ගිහින් ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමයි
මේ එල් බෝඩ්කාරයා මොනවා කිව්වත් ෆෙරාරි ඩ්රයිවර් රට කොටින්ට පාවා නොදී දක්ෂ විදියට උත්තර දුන්නා. මෙයාගේ ලොක්කට වගේම මෙයාටත් ඉංග්‍රීසි දැනුම මදි වගේ. එතැනදී කියපු දේවල් තේරුම් ගන්න අපහසු වෙන්න ඇත්තේ ඒකයි.
කොටි මතවාදයට නතු වුණු අල් ජසීරාවේ න්‍යාය පත්‍රයට හසු නොවුණු රනිල් වික්‍රමසිංහ මහතාට ඔච්චම් කිරීමට හැක්කේ එල්ටීටීඊයට ලෙන්ගතුකම් දක්වන, ලන්ඩනයේ බීබීසී ගුබ්බෑයමේ දී ලංකාව සිංහල බොදු රටක් නොවේ යයි පවසමින් උදම් ඇනු බිමල් වන්නකුට පමණි.
ඔහෙලගේ ලොක්කව යවන්න තිබ්බේ... ගියා නම් එතැනින් නැගිටලා රෙදිත් හෝදගෙන බිමත් හෝදලා තමයි එන්න වෙන්නේ. මම සහතික කරලා එක දෙයක් කියන්නම්. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා.
බලාගෙන හිටපල්ලා ෆෙරාරිය නොවෙයි... ඔබලාගේ කබල් JVP ලොරිය හැපෙන්නේ කුඩු කුඩු වෙන්න. මහ ගල් පරයක තඹුත්තේ ගමට යන ගමන්.
රනිල් සීයා ගැන නේද මේ කියන්නේ?
රනිල්ගේ කරත්තේ දක්කාගෙන යන ගමන් රනිල්ට මඩ ගහනවා, කරත්තෙට නැග්ගාට තාම ගොනාවා හරියට පාලනය කරගන්න තරම් පණක් නම් නෑ... එක හොඳක් තියනවා කරත්ත කාරයා බුලත්විට කනවා හැබැයි කෙළ ගහන්නේ නෑ...
ජවිපෙ උද්දච්චයින් විසින් මේ රට ගෙන ගොස් හප්පන්නේ දෙවියන්ට වත් කිසිත් කළ නොහැකි යයි වහසි බස් කියා ගමන් ආරම්භ කළ ටයිටනික් නැව අයිස් කන්දේ හප්පපු ආකාරයටයි....
බිමල්, රනිල්ගේ නියපොත්තක තරම් මොලයක් තිබ්බත් ඒකත් පුදුමයක්...
කවුද කියන්නේ රනිල් එතැනදී නෑවා කියලා, අර මාධ්‍යවේදියා (වැරැදි යෙදුමක්) කලේ හරකෙක් වගේ බෙරිහන් දෙන එක, කතා කරන්න නොදී බෙරිහන් දීලා බාධා කරනකොට මම හිටියා නම් අරූගේ හොම්බ තලනවා.
ජොලි සීයාට මාර වැඩේ වුනේ.... වධකාගාර ගැන අහනකොට. මෙතැන කතාකරපු භාෂාව හෝ ජාතිය ආගම පිළිබඳව ගැටලුවක් නේමයි තියෙන්නේ... අඩුම තරමේ ඒකවත් තේරුම් ගන්න ඕනෑ... පාට, පක්ෂ නෙමේ හොඳ ශ්‍රී ලාංකිකයෙකු වන්නට උත්සාහ කරන්න...
අහපු ප්‍රශ්නවලට සංයමයෙන්, රාජ්‍යතාන්ත්‍රිකයෙක් වගේ ලිස්සලා යන්න හරි උත්තර දුන්නා නම් මේ වගේ අකරතැබ්බයක් වෙන්නෑ. භූමිතෙල් ගැරඬියෙක් වගේ හැසිරිලා තමන්ගේ ගෞරවය නැතිකර ගත්තා. මේ ළඟදී ඉන්දියාවේ ජායි ශංකර්ටත් ඔය වගේ සාකච්ඡාවකට ගියාම කැනඩාවේ සීක් ජාතිකයින්ගේ ඝාතන ගැන ඇහැව්වා. ඔහු උත්තර දුන්නු විදිහ යූටියබ් එකෙන් හොයාගෙන බලන්න. වෙනස රටවල් දෙකේ ක්‍රිකට් ටීම් දෙකේ වෙනස වගේ...
පරදේශක්කාරි ගොබ්බ බිමලෝ ඔයා 15 වෙනිදා උදේ 8 ට කාටවත් නොදන්වා කාගේවත් වත්තකට නොයන්න. ඵහෙම නොවුනොත් ඵ් වත්තේ මිනිස්සු ඔයාව රිළවාට ගනියිද? අලු වඳුරාට ගනියිද දන්නෙ නැහැ. අගරදගුරු Nonsense Talks දෙනවා කියලයි..!
කුහක ජෙප්පෝ කියන්නේ ඒකනේ... කාට හරි මොනවා හරි වෙනකල් ඉන්නේ... සන්තෝෂය ලබන්න. රනිල් හොඳට කියලා දීලා ආවේ.
අපට එනවා ජනාධිපති කෙනෙක්, රාජතාන්ත්‍රික විදිහට පිටරටදී ඔලුව හොල්ලනවා, හිනා වෙනවා. ලංකාවට ආවහම මෝඩ තුන්වෙනි පන්තිය එදිරිපිට සිංහලෙන් මයික් පලනවා