IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ෆෝන් එකෙන් සිත්තම් මැවූ දරුවන්ට තිළිණ

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ජංගම දුරකථනය භාවිතා කොට නිර්මාණාත්මක ඡායාරූපකරණයට යොමු කිරීමේ අරමුණින් ගෝනපල ඔලබොඩුව සොයිසා විද්‍යාලයේ සිසුන් හා ගුරු භවතුන් අතර සංවිධානය කළ  "ප්‍රතිමාණ" ඡායාරූප කරන තරගාවලියේ ජයග්‍රාහකයන්ට තිළිණ හා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයක් හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා කමනී ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී ඉකුත්දා පැවැත්වුණි.

පාසල් සිසුන් පොතපතින් ඈත් වී ජංගම දුරකථනයට ඇබ්බැහි වී ජංගම දුරකථනය අවභාවිතා කිරීමෙන් සිසුන්ගේ මානසික ඒකාග්‍රතාවය බිඳවැටී ප්‍රදර්ශනය කෙරෙන විෂම ක්‍රියා අවම කිරීමේ අරමුණින් එම ජංගම දුරකථනයම භාවිතා කර නිර්මාණාත්මක ඡායාරූපකරණයට යොමු කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.

එහිදී ජංගම දුරකථනය භාවිතා කිරීමෙන් සිදුවිය හැකි අයහපත් ප්‍රතිඵල හා එය භාවිතා කිරීමෙන් සිදු කළ හැකි යහපත් ක්‍රියාවන් සම්බන්ධයෙන් මාස දෙකකට ආසන්න කාලයක් පාසලේ 6 -11 ශ්‍රේණි වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීමෙන් අනතුරුව මෙම තරගාවලිය පැවැත්වුණි.

මීට සමගාමීව පාසලේ ආචාර්ය මණ්ඩලය අතර වෙනම තරගයක් පැවැත්වූ අතර ඉන් ජය ලැබූ ගුරු භවතුන්ට හා සිසු සිසුවියන්ට තිළිණ හා සහතික පත් බෙදාදීම මෙහිදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා කමනි ප්‍රියදර්ශනි,විදුහල්පති ඒ.ඩී.සී.රොහාන් "කුමෙරා" ජාතික සංවිධානයේ නිර්මාතෘ අචාර්ය දීපාල් ප්‍රසන්න ගුණවර්ධන,රසායනික තාක්ෂණ විද්‍යාවේදී නිදහස් ඡායාරූප ශිල්පී ජාලිය නිමංක,Camera LK අලෙවි විධායක, ඡායාරූප ශිල්පි, මලිදු චතුරංග,කහතුඩුව මිතුරු මිතුරියෝ සංසදයේ සභාපති ප්‍රදීප් නිශාන්ත මහතා ආචාර්ය මණ්ඩලය සෙසු දරු දැරියන් දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.



අදහස් (0)

ෆෝන් එකෙන් සිත්තම් මැවූ දරුවන්ට තිළිණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2439 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site