
(අංජුල මහික වීරරත්න)
ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයකින් යුත් බහු - ආංශික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025-03-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලද නව රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි ' සුරක්ෂිත ළමා ලෝකයක් - නිර්මාණශීලී අනාගත පරපුරක් ' යන ප්‍රතිපත්තිමය බැඳියාවෙහි ප්‍රධාන මූලධර්මයක් වශයෙන් දරුවන්ට සිදුවන අපයෝජන සහ සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ගෙන් දරුවන් ආරක්ෂා කිරීම හඳුනාගනු ලැබ ඇත.
දරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විවිධ අයුරින් මැදිහත් වන පාර්ශ්වයන් කිහිපයක් රාජ්‍ය යාන්ත්‍රණය තුළ දැනට ක්‍රියාත්මක වේ.
ඒ අතුරින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලීසිය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබයි.
දරුවන්ට සිදු වන අපයෝජන සහ සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් පැය 24 පුරාම පැමිණිලි බාර ගැනීමේ පහසුකම් සලසා ඇත.
එසේ වුවද, විධිමත් අයුරින් පැමිණිලි ඉදිරිපත් නොවන අවස්ථාවන් ද බහුල වශයෙන් පවතින බව පෙනී ගොස් තිබේ. එවැනි අවස්ථා වලදී කඩිනමින් මැදිහත්ව කටයුතු කිරීමට හැකි වන පරිදි පහත සඳහන් පියවර ගැනීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වය යටතේ අදාළ අනෙකුත් ආයතන වල නියෝජනයන්ගෙන් සමන්විත ස්ථාවර ජාතික කමිටුවක් පත් කිරීම.
*දරුවන්ට එරෙහි කායික දණ්ඩනය තුරන් කිරීමට හැකි වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහයට කඩිනමින් සංශෝධන හඳුන්වා දීම.
*දරුවන්ට සිදු වන අපයෝජන සහ සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් පිළිබඳව වාර්තාකරණයේදී වින්දිත දරුවන් නැවත නැවත වින්දිතයන් බවට පත් වීම වැළැක්වීමට හැකි වන පරිදි යෝග්‍ය විධි විධාන ඇතුළත් කරමින්, දැනට කෙටුම්පත් කෙරෙමින් පවතින මාධ්‍ය ආචාරධර්ම පද්ධතිය කඩිනමින් ප්‍රකාශයට පත් කිරීම.
*වින්දිත දරුවන්ගේ අනන්‍යතාවට හානි වන අයුරින් ජනමාධ්‍ය ආයතන හා සමාජ මාධ්‍ය සන්නිවේදකයින් විසින් සිදු කරනු ලබන කටයුතු නියාමනය කිරීම සඳහා අපරාධ සහ සාක්ෂිකරුවන්ගේ වින්දිතයින් ආරක්සා කිරීමේ ජාතික අධිකාරියේ, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලයේ සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ක්ෂණික මැදිහත්වීම් ලබා ගැනීම.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ළමා අපයෝජන වළක්වන්න අලුත් වැඩක් අරඹයි
සුදු ඇඳගෙන කලු ඇවිදින් Tuesday, 27 May 2025 04:56 PM
දරුවන්ට නම් වන සෙතක් නැහැ. ඔය ආයතන වල අය නම් ගොඩයයි.