
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියකු සිය හෝමාගම ගලවිල වත්ත ශාන්ති මාවතේ නිවස ඉදිරිපිටට එළිය වැටෙන ආකාරයෙන් හොර රහසේ විදුලිය ලබාගෙන තිබිය දී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.
සැකකාර එම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීවරයා මහරගම ප්‍රාදේශීය ප්‍රබල දේශපාලනාඥයකුගේ පියකු බවද පැවැසෙයි. එම දේශපාලනාඥයා පදිංචිව සිටින්නේ ද එම නිවසේ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
බොහෝ අවස්ථාවල පස්වරුවේ සිට පසුදින පහන්වන තුරු නිවස ඉදිරිපිට විදුලි කණුවලට සවිකර තිබෙන අධි බලති විදුලි බල්බ දැල්වෙමින් තිබෙන බවට දින කීපයක සිට ලද පැමිණිලි සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී මාර්ගයේ තිබෙන විදුලි කණුවලින් අධිබලැති විදුලි බල්බවලට හොර රහසේ විදුලිය ලබාගෙන ඇති බවට අනාවරණය වූ බව වැටලීම සිදුකළ නිලධාරියෙක් පැවැසීය.
සැකකාර විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියා නිත්‍යානුකූල විදුලි සැපයුමක් නිවසට සපයා තිබියදී අමතර වයරයක් යොදා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි කණුවලින් විදුලිය ලබා ගෙන අමතර ලාම්පු දැල්වීම සම්බන්ධයෙන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
පිටිපස්සේ දේශපාලුවෙක්... නිදොස් කොට නිදහස් තමයි උත්තරේ...
මෙවැනි තෙවැනි පෙළ (පළාත් පාලන ආයතන ) වල දේශපාලුවො පමණක් නොවෙයි දෙවැනි පෙළ පළමු පෙළ දේශපාලුවො හිතා ඉන්නෙ උන්ට සුලු කාලෙකට බලයක් ලැබුනම රජයේ සියලු දේවල් උන්ට අයිතියක් තියෙනවා කියලා .මේ හොරකම කලාට අප්පටයි (හිටපු පොලිස් කාරයෙක් රජයේ දේපලක් හොරා කෑවම පොලිසියට නම්බුද) පුතාටයි (නගරාධිපතියෙක් රජයේ දේපළ මෙහෙම අයිතියක් තියෙනවා කියනවානම් නගර සභාව අයත් දේ මොනවා කරයිද )උපරිම දඩුවම් දීමට කටයුතු කල යුතුය
පොහොට්ටුවෙ නම් ගොඩ. එහෙමත් නැත්නම් දඩත් සමග හිරේ.
පොහොට්ටුවේ නම් හිතාමතාම වැරදි පනතකින් නඩුව ගොනු කරනවා... අන්තිමට චූදිත නිදොස් කොට නිදහස්... ඔන්න නඩු තීන්දුව දැන්මම දුන්නා...
ඔයා මහරගම ඉන්න නගරාධිපති කෙනෙක්ගේ පියෙක්නේ...!
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසන් ඒ අමාරුව...
දේශපාලකයාගේ නම කියන්න බැරි එකයි ප්‍රශ්නේ...
නියම පක්ෂ නායකයෙක් නම් පියාට දඬුවම් කිරීමටත් පෙර පුතාව පක්ෂයෙන් එළවිය යුතුයි...
මේවා අපේ නායකයින්ට වරප්‍රසාද යටතේ කල හැකි දේවල්.
නමක් නැද්ද? හෝමාගම ගලවිල පැත්තේ ඉන්නේ ඔක්කොම හොර කරන අයද?