
(ගයාන් සූරියආරච්චි)
නීති විරෝධීව කන්ටේනර් රථයකින් මෙරටට රැගෙන ආ කෝටි 4ක් පමණ වටිනා මොන්ටීරෝ ජීප් රථයක් සමග හෝටල් සමූහයක කෝටිපති ව්‍යාපරිකයෙක් ඊයේ (11) පැලවත්ත, ජපන් මිත්‍රත්ව පාර අසලදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු හිටපු ජනාධිපතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු සහ මහර ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයකු ලෙස ද කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇත.
අත්අඩංගුවට ගත් මෙම මෝටර් රථයේ ලියාපදිංචි අංකයෙන්ම විදුලි කාර් රථයක් 2018 වර්ෂයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර 2019 වර්ෂයේදී ද එම අංකයෙන්ම මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද මෝටර් රථයක් තලංගම ප්‍ර දේශයේ ධාවනය වන බවට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම ජීප් රථය වලාන මධ්‍ය දූෂණ ප්‍රහාරක බළකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ භයනේ මෙව්වට කියන්න. ඒවා පේන්නේ සන්දර්ශන කියලද? මේවා හොරකම් වංචාවල් නෙවෙයි වෙන්න ඇති නේද?
ඔය වගේ හොර වැඩ කරන අංක එකේ හොරෙක් තමයි නාරම්මලත් ඉන්නවා. පුලුවන්නම් ඒව ගැනත් හොයපල්ලා.මෝටර්‍රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලොක්කොත් එක්කම එකතු වෙලා වැඩේ දෙන්නෙ.
මුන් දෙමාපියන්ට හොරෙන් මොනව කරල ඇතිද?
අපිටත් කම්මලේ බාසා එක්ක එකතු වෙලා මොකක් හරි අටවාගන්න තමයි වෙන්නේ, නැත්නම් ලක්ෂ 40 දීලා ත්‍රී වීල් එකක් කෝටියක් දීලා කාර් එකක් ගන්න සල්ලි නැහැ අපිට.
මෙක KA අන්කයක් කියන්නෙ වසර 15ට වඩා වඩා පරනයි.කොහොමද කෝටි 4ක් කියන්නෙ?2025 හදපු සීරෝ මයිලේජ් මොන්ටෙරෝ එකක් වෙන්නෙත් මිලියන 49.5ක්.එතකොට මේක කොහොමද මිලියන 40ක් වෙන්නෙ?
කන්ටේනර් 26 වරායෙන් පිටවුණා කියා වැළලෙන්න හදනවනේ. දැන් මේවා පිටවෙලා තියෙන්නේ අහසින්ද?