IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


හේලිස් ඇග්‍රිකල්ච වෙතින් අති නවීන ගොයම් කැපීමේ යන්ත්‍රයක් එළි දැක්වේ

හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ග්ස් ලිමිටඩ් නවතම තාක්‍ෂණය අනුසාරයෙන් නිමවුණු  ජාත්‍යන්තර නිෂ්පාදන සන්නාමයක් වන  Kubota හි නවතම Kubota DC-93Gගොයම් කපන යන්ත්‍රය පසුගියදා වෙළෙඳපලට හඳුන්වා දුන්නේය. මෙම එළිදැක්වීමට සමගාමීව හේලීස් ඇග්‍රිකල්ච ආයතනයේ පාරිභෝගිකයකු වන පොළොන්නරුවේ ඩී. සරත් ජයරත්න මහතා වෙත  එහි  පළමු යන්ත්‍රය පිරිනැමීය.

කුඹුරේ ස්වභාවය අනුව මෙම Kubota DC-93G ගොයම් කපන යන්ත්‍රය මඟින් දිනකට අක්කර 15ක පමණ උපරිම අස්වැන්නක් නෙළා ගත හැකි අතර වැටුණු ගොයමේ සහ එරෙන කුඹුරුවල ද  පහසුවෙන් ගොයම් කැපීමේ හැකියාව සහිතය. වෙළෙඳපොළේ ඇති අනෙකුත් සියලු‍ම මාදිලි වලට සාපේක්ෂව Kubota DC-93Gගොයම් කපන යන්ත්‍රය නවීන පහසුකම් වලින් සමන්විත වේ. මෙම නවතම නිමවුමෙහි ඇති  ශක්තිමත් නිමාව  තුළින් යන්ත්‍රයේ  දිගු කාලීන පැවැත්ම  සහතික කරන අතර පුළුල් කැපුම් තල මඟින්  වැඩි  කාර්යක්ෂමතාවයක් ලබා දෙයි. එමෙන්ම අලෙවියෙන් පෙර හා පසු විශිෂ්ට සේවාව සමඟින් මෙම යන්ත්‍රයට අවශ්‍ය කුබෝටා නියම අමතර කොටස්  ලබා ගැනීමේ පහසුකම් ද හේලීස් ඇග්‍රිකල්ච ආයතනය විසින් සලසා දී ඇත.  අශ්ව බල 93ක ධාරිතාවක් සහිත ටර්බෝ එන්ජිමකින් බලගැන්වෙන මෙම යන්ත්‍රය මඟින් වැඩි ඉන්ධන පිරිමැස්ම සහ වේගවත් බවක් ලබාදෙන අතර මෙය අවම කාලයක් වැය කොට ඉහළ ආදායමක් උපයා ගැනීමට ඉවහල් වන කදිම ආයෝජනයක් වනු ඇත.

මෙම නවතම යන්ත්‍රය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් හේලීස් ඇග්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ්හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශයෙහි අධ්‍යක්ෂ / ව්‍යාපාර ඒකක ප්‍රධානී සුමිත් හේරත් මහතා මෙසේ පැවසුවේය. “ Kubota DC-93G ’’ ගොයම් කැපීමේ යන්ත්‍රය ගොවි ප්‍රජාවට හඳුන්වා දීමට අවස්ථාව ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. කෘෂිකාර්මික ඉංජිනේරු විද්‍යාවේ ඉහළම තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කර තිබෙන මෙම යන්ත්‍රය මඟින් ශ්‍රී ලංකාවේ ඕනෑම කුඹුරක පහසුවෙන් සහ වැඩි කාර්යක්ෂමතාවකින් ගොයම් කපා ගැනීමේ අවස්ථාව හිමි කර දෙනවා. Kubota සමඟින්, තිරසාර සහ සමෘද්ධිමත් කෘෂිකර්මාන්තයක් කරා ගමන් කරන ගොවි ප්‍රජාවට සහාය වෙමින් ගොවිතැන් කටයුතු ඉහළ නැංවීම අපගේ අරමුණයි.”‍

595



අදහස් (0)

හේලිස් ඇග්‍රිකල්ච වෙතින් අති නවීන ගොයම් කැපීමේ යන්ත්‍රයක් එළි දැක්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site