IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


හිටපු ලොක්කෙක් දුවටත් මැතිසබේ වාහනයක් දීලා

 (සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු නැගෙනහිර විශ්ව විද්‍යාලයේ  සිය දියණියගේ ගමනාගමන කටයුතු සඳහාද කාලයක් තිස්සේ  එහි වාහනයක් සහ  ඉන්ධන  යොදා ගෙන ඇතැයි  පාර්ලිමේන්තු වාහන සම්බන්ධයෙන්  කෙරෙන විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.

පාර්ලිමේන්තුවේ වාහනයක් අම්පාර ප්‍රදේශයට නිතර ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු කළ සොයා බැලීමකදී මෙම තොරතුරු අනාවරණයවී ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම ප්‍රධානියා පසුගිය වසර දහයේදී  සිය නිල බලය පාවිච්චි කරමින් වාහන දෙකක් පරිහරණය කර ඇති බවටත්   සිය වාහන වෙනුවෙන් සීමාවකින් තොරව ඉන්ධන පාවිච්චි කර ඇති බවටත්  විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු හෙළිවී ඇත.

පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරුන් නියෝජ්‍ය කතානායකවරුන් නියෝජ්‍ය කාරක සභා සභාපතිවරුන් සහ මහ ලේකම්වරුන් පසුගිය වසර දහයේදී වාහන සහ ඉන්ධන පාවිච්චි කළ ආකාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නියෝගයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇත.

මෙම විමර්ශනයේදී පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානීන් පාවිච්චි කරන ලද වාහන සහ ඉන්ධන සම්බන්ධයෙන් තොරතුරු රැසක් දැනටමත් අනාවරණයවී ඇතැයි දැනගන්නට ඇත.

 



අදහස් (5)

හිටපු ලොක්කෙක් දුවටත් මැතිසබේ වාහනයක් දීලා

vernon Tuesday, 25 March 2025 10:23 AM

ඔය වාහනය නිල බලයෙන්ම අදාළ ලොක්කාට හිමියි නම් ඒ වාහනය පුද්ගලික ගමන් එක්කටත් එක්ක නම් දීලා තියෙන්නේ මොකක්ද කරන්නේ?

:       26       11

අරවින්ද මොණරවිල Tuesday, 25 March 2025 02:25 PM

වර්නන්, කට පියාගෙන ඉන්නා තුරු මෝඩයාත් පණ්ඩිතයෙක් කියලා කතාවට කියනවා. ඒක එහෙම අහලා නැතුව ඇති නේද?

:       2       8

vernonTuesday, 25 March 2025 03:22 PM

ඒක තමයි, ඒක කට ඇරපු ඔයාට දැන් පෙනිලා ඇති.

:       4       2

පිටරටවැසියා Tuesday, 25 March 2025 10:38 AM

මේ අමු අමුවේ ජනතාවගෙ බදුමුදල් අවභාවිතා කිරීමක්. මේවා හෙව්වා වගේම, කෙටිකලක් ඇතුලත නැවත අයකරගැනීමට සහ රාජ්‍ය දේපළ, මුදල් අවභාවිතා කිරීම් නතර කිරීමට පුද්ගලික දේපළ කෙටිකලක් ඇතුලතරාජසන්තක කිරීම වැනි නීති කඩිනමින් සම්පාදනය වෙන්න ඕන. අර අනිවාර්යය නිවාඩු ඇරලා බන්ධනගරවෙලා ඉන්න හිටපු පොලිස්පතිතුමාගේ නමට කිසිදෙයක් නෑලු. ඒ ගැනත් අවධානය යොමුකරමින් තමයි නව නීති-රීති සම්පාදනය වෙන්න ඕන. මොකද, රට ගැන කිසිම හැඟීමක්, කැක්කුමක් නැති, මෙවැනි වංචා දුෂණවලට ආවඩන සුළුතරයක් තාමත් අපි අතරම ඉන්න නිසා...

:       5       35

පොඩිඑකා Tuesday, 25 March 2025 06:51 PM

යෝගා වර්නන් වෙලා…..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 726 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 890 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site