
(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය පවසයි.
මෙසේ තවමත් බාරදී නැත්තේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාටත් හිටපු රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා මහතාටත් හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාටත් හිටපු විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතාටත් දී තිබූ බංගලාවන්ය.
මොහාන් පී ද සිල්වා මහතා පාවිච්චි කළ බංගලාව හෙට (5) බාරදෙන බව ඔහු දැනුම් දී ඇතැයි අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.
හිටපු රාජ්‍ය අමාත්‍ය අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාට රජය දුන් බංගලාවේ ඔහුගේ බිරිඳ ඇතුළු දරුවන් පදිංචිව සිටින අතර ඔවුන්ට අවස්ථා ගණනාවකදීම සිහිකැඳවීම් කර ඇතත් ඉන් ඉවත් නොවී තවමත් රැඳී සිටින බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡා කර ඉදිරියේදී සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
රජය කොළඹ 7 ප්‍රදේශයෙන් මෙම බංගලා ලබාදී අැත
2025 දෙසැම්බර් මස 04
567
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
494
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
422
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිටපු දේශපාලකයන් 4ක් රජයේ බංගලා බාරදී නෑ
Yass Tuesday, 05 November 2024 06:25 AM
නීතිය කාටත් පොදුයි පව් දුවයි මොනවාත් නෑ නේ බාර දීලා යන්න තමයි තියෙන්නේ
ලුම්බිණි Tuesday, 05 November 2024 08:58 AM
එලියට ඇදල දාන්න .