
(ගයාන් සූරියආරච්චි)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 32 කට වැඩි වැය බරක් දරන බව පොලිස් මූලස්ථානය පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවන පොලිස් නිලධාරීන්ගේ වැය ශීර්ෂය වාර්ෂිකව රුපියල් කෝටි 110 ක් පමණ වන බවද පොලිස් මූලස්ථාන වාර්තා සඳහන් කරයි.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 ක් දක්වා සංශෝධනය කර පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව පොලිස් මුල ස්ථානය කියයි.
ශ්‍රී ලංකා පොලිස් සේවයේ සාමාන්‍ය රාජකාරිය සඳහා නිලධාරීන් 24,000 කගේ ඌණතාවක් පවතින බවත් ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සහ අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ ප්‍රභූ ආරක්ෂක රාජකාරිය යොදවා සිටි 2000 ක පමණ නිලධාරීන් සංඛ්‍යාවක් සාමාන්‍ය රාජකාරී සඳහා මීට පෙර යොදවා ඇති බවද පොලිස් මූලස්ථානය කියයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව හමුදා නිලධාරීන්ද යොදවා සිටින බැවින් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාවේ කිසිදු බිඳ වැටීමක් සිදුවී නොමැති බව නිරීක්ෂණය වන බවද පොලිස් මූලස්ථානය පවසයි.
COMMENTS
ඉතින්..?
ජෙප්පන්ට ඩයස්පෝරා එක සහතිකයක් දීලාද අපේ මහින්ද ජනාධිපති මරන්නේ නෑ කියලා… කොහොමද ජෙප්පෝ මේ තරම් විශ්වාස ඩයස්පෝරා අය… කමල් පෙරේරා...!
60ත් හොඳටම වැඩියි. මන්ත්‍රීත් නෙවෙයි. නිල රාජකාරි මුකුත් නෑ නේ? පුද්ගලික වාහනේකින් බහිද්දි වටේට හයක් හිටියත් හොඳටම ඇති. බොරු සෝබන. මහජන මුදල්...
මේ මහජනතාවගේ බදුමුදල්, ඒකනිසා ආරක්ෂාවට 5 දෙනෙක් දීලා මේ මුදල අවුරුද්දකට රුපියල් ලක්ෂ 50කට විතර අඩුකරන්න. පිනට කකා ඉන්න කොල්ලන් තුන් දෙනෙක් ඉන්නේ ඔවුන්ට මේ සුනාමි ආධාර හොරාවයි, ගෑනිවයි... බලාගන්න කියන්න..
කොයි එකත් ගණන් හදන්න හරි බලන්න හරි ඉතිරි වෙලා ඉන්නේ ඒ මනුස්සයාට පින් සිද්ධ වෙන්නට කියලා කොටි සල්ලි වලින් පක්ෂවරු නඩත්තු කරපු එව්වොත් එක්කම දැන්ගන්නවා හොඳයි...
මේ වියදම් විදිහට පෙන්නන්නේ ඔවුන්ට ගෙවන වැටුප් සහ දීමනා නේද? කෙසේ වෙතත් ඔහු ජීවත්ව සිටින තාක්කල් අවශ්‍ය ආරක්ෂාව නොඅඩුව සැපයිය යුතුයි.
දෙවියනි…, හැකි ඉක්මණින් අපිව මේ බරින් මුදවා දෙනු මැනේ.
පව්. තාම මැරෙන්න බයයි. හැබැයි පෝයට බණත් අහනවලු...
ආරක්ශක වියදම 2008 ඩොලර් බිලියන 9 ඉඳලා 2023 ඩොලර් බිලියන 1.9 ඉඳලා අඩු වුනේ මෙතුමාට පින්සිද්ද වෙන්න කියලා ගොඩක් අයට අමතකයි. යුද්දෙ තිබුණා නම් හොඳයි නේද මෙහෙම ගුණමකු ජාතියකට...?
හැට්ට කටු, කොන්ඩ කටු ගහනවා කියන එක අඩුක්කු සප්පායම් වෙන්න කලින් කවුරුහරි ඒවාට මීපාසානං මිශ්‍ර කරලාද කියලා බලන එක නැත්තන් ඇද වැටෙන්න යනකොට හයියෙන් අල්ලාගෙන ඉන්න එක තුට්ටු දෙකකින් කරන්න ඇහැකි වැඩක් නෙවේනේ අප්පා..?
පිටිගලයාගේ කන්නලව්ව අසා අදින් දින තුනක් ඇතුළත එය ඉෂ්ඨ සිද්ධ කරනු මැන දෙවියනේ… රූපයට රනින් කළ රූපයක් බාර වෙමි දෙවියනේ...!
කියන්න තියෙන්නේ නොදකින් කියලා තමයි.
මේ නම් ශාපයක්. අපායටම යන්න...
කමක් නෑ.. එක මනුස්සයෙක් රුපියල් 16ක් අවුරුද්දකට.. ඒ කියන්නේ දවසකට රුපියල් සත 30ක් පමණ... අපි ජීවත් වෙලා ඉන්නේ එල්.ටී.ටී.ඊ. එක නැතිකළ මහින්ද නිසා.
සමහරක් අයගේ කමෙන්ට්ස් දක්කාම හිතෙනවා ඔවුන්ට කෙළෙහි ගුණයක් තියනවාද කියලා...!
දැන් ඉතින් මේ අයට මීට පස්සේ පඩි ගෙවන්න ඕනෑ නැද්ද? එම කෝටි 32 භාණ්ඩාගාරයට එකතු වෙනවද?