
(විජේරත්න රත්නායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බස්නාහිර පළාතේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුගේ මස්සිනා පරිහරණය කළේ යැයි කියන රුපියල් කෝටි හතක් පමණ වටිනා ව්‍යාජ අංක තහඩුවක් යොදා තිබූ සුඛෝප භෝගි ජීප් රථයක් බදුල්ල ලුණුගල පෞද්ගලික විදුලි බලාගාරයක සඟවා තිබියදී සොයාගත් බව බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පවසති.
ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් වූ එම රථයට සවිකර තිබී ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් මෝටර් රථයකට අයත් අංකය බව මූලික පරික්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි
බදුල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාට ලැබුණු තොරතුරක් අනුව බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ලුණුගල පෞද්ගලික විදුලි බලාගාරයක් සෝදිසි කර මෙම ප්‍රාඩෝ ජීප් රථය සොයා ගනු ලැබීය.
පොලිස් භාරයට ගත් මෙම ජිප් රථය පරිහරණය කර ඇත්තේ හිටපු අමාත්‍යවරයාගේ මස්සිනා කෙනකු බවට තොරතුරු හෙළිවීයැයි පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමත් එක්ක දැම්මා නම් හොඳයි. අපි ආසයි හොරුන්ගේ නම්ගම් දැනගන්න.
මේ වගේ තක්කඩි හඳුනා ගන්න ඕනෑ. නම ප්‍රසිද්ධ කරන්න... අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ නැතිවුණු වාහන 4000 එකක් වෙන්න ඕනෑ.
තමා බයද නැතිනම් දාන්න...?
බුලත් පුවක්ද?
හොයා ගත්තා නම් නම රටට කියන්න... ඉදිරියට දෙන දඬුවම් ගැනත් අපි ආසාවෙන් බලා ඉන්නවා. බත් වේලක් කන්න නැතිව අසරණ ජනතාව දුක් විඳිද්දී ඔවුන්ගේ ලේ උරා බොන මේ වගේ අයව ගල් ගහලා මරන්න ඕනේ...
සමහර විට මුතියංගන විහාර වන්දනාවේ යද්දී පූජාව සඳහා ගෙනියන්න අවශ්‍ය දෙයකට සම්බන්ධ කෙනෙක් වෙන්නත් පුළුවන්...!
මෙහෙම අසාධාරණ වැඩ කරන්න හොඳ නෑ. මේ අයිති කෙනා කොච්චර නම් මහන්සි වෙන්න ඇතිද? අමාරුවෙන් හම්බකරලා මේ පොඩි වාහනේ ගන්න. අනික ඒ ඥාතියා රටට පුදුමාකාර සේවයක් කරපු කෙනෙක් වෙන්න ඕනෑ.
නන්නත්තාරයි….! මේ ගොල්ලන්ව ආයෙත් පත්කර ගමුකෝ…!
අපේ දේවල් ගැන හොයන්න එපා. අපි ඔබලාගේ දේවල් හොයන්නෙත් නෑ. 2005 සිට තක්කඩි රාජපක්ෂලාගේ ක්‍රමවේදය ඕකයි.
මීට අවුරුදු 3කට පෙර ප්‍රාඩෝ 150 ඩීසල් වර්ගය ලක්ෂ 160ක් 200ක් වෙලා තිබිලා තවත් අවුරුදු 3ක් පරණ වුනාම ලක්ෂ 700ක් වෙන එකම ඇති අපි කොච්චර කරුමයක් ගෙවනවා ද කියලා පෙන්වීමට. වෙන රටවල මේවා අයින් කරලා පළමු අයිතියෙන්...!
කියන්නකෝ කවුද මේ හොරදෙටුවා...?
නම් ගම් නැති නම් කිසිම ඵලක් නැහැ.
මේ අසරණ මනුස්සයෙක් ප්‍රාඩෝ එකක යනකොට තමයි ඔක්කොම නීති .අර ඇල්ටෝ වල යන සල්ලිකාරයින්ට ඔය නීති මුකුත් නැහැ
මට හිතෙන්නේ රිශාද්ගේ මස්සිනා කියලා තමයි .මොකද ඔහුට සිටියා මස්සිනෙක් බලගතු