
(අංජුල මහික වීරරත්න)
හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
අර්ජුන රණතුංග මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබුණු බවත් එය බාරගත් බවත් පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආමන්ත්‍රණය කරමින් ඉල්ලා අස්වීමේ ලිපිය ලියා ඇති හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කරන්නේ දැවැන්ත පරාජයක් ලැබූ පසු වත්මන් සහ අනාගත අභියෝග ජය ගැනීමට සුදුසු වැඩපිළිවෙළක් සකස් කළ යුතු වුවත් එවන් වැඩපිළිවෙළක් ඇතිවන බවක් පෙනෙන්නට නැති හෙයින් තවදුරටත් පක්ෂයේ රැඳී සිටීම ඵලක් නොවන බව හැඟී යන හෙයින් සාමාජිකත්වයෙන් ඉවත් වන්නට තීරණය කළ බවයි.
රටේ යහපත සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකට කළ නායකත්ව ගුණාංග බෙහෙවින් අගය කරන බවද අර්ජුන රණතුංග මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් පක්ෂයක් හදයි ඉම්රාන් ඛාන් වගෙ.
හිටපු ඇමැති අර්ජුන එජාපයට පමණක් නොව පක්ෂ කිහිපයකට මේවන විට සමුදී ඇත.
ඒ පාර කාටද හේත්තු වෙන්න යන්නේ?
මල්ලිගේ කරෙන් ගොඩ යන්න හිතාගෙන ඇති
පළමු පියවර හරි. දැන් දෙවෙනි පියවර හරියට ගන්න
හොරකම් නොකරනවා නම්, ඇත්ටම ඕන රට හදන්න නම් ජවිපෙ එක්ක එකතු වෙන්න. කාටවත් දෙකට නැවි නැවි ලොකුකම් බලන්නේ ඇයි?
අනාගත සැලසුම් නායකයාට පමණක් කරන්න බැහැ. මෙයත් පක්ෂයේ ඉහළ තනතුරක් දැරූ අයෙක්.. එහෙනම් අඩුපාඩුවලට මොහුට වගකීම තියෙනවා. දුකේදී පිටුපාන්නේ හොඳ මිත්‍රයෙක් නොවෙයි කියලයි මම අහලා තියෙන්නේ.. !
කරණමක් ගහන්න වගේ හදන්නේ... පොහොට්ටුවටද? සමගි ජනබලවේගයටද?
එදා මෙතුමාත් සඳහන් කළා පහුගිය ආණ්ඩුව සමයේ දූෂිතයින්ට දඬුවම් දෙන්න අසමත් වුණා කියලා. දැන් කියනවා පක්ෂ නායකයාගේ ගුණාංග බෙහෙවින් අගය කරනවාලු.
බැරිද අනේ දේශපාලනයටම සමුදෙන්න...? ඒකත් මේ වෙලාවේ හැටියට රටටම කරන ලොකු උදව්වක්...
දැන් ඊළඟට කොහාටද? මට මතකයි කිව්වා එජාපයින් ගහපු කාලේ බැට් පමණක් අරගෙන ගෙදරින් එළියට බැහැලා ගියා කියලා. රටේ යහපත සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකට කළ නායකත්වය බලාගන්න තිබුණා 2005 රනිල් බලයට ආවා නම්... එහෙනම් මේ වෙනකොට රට පාලනය කරන්නේ ප්‍රභාකරන්...
අර්ජුන එජාප නායක හෝ ජවිපෙ නායකයන් සමග එක්විය යුතුයි. දැනට තියෙන හොඳම වෙකල්පේ ජවිපෙ. (ආරංචි හැටියට ජවිපෙත් බිම් මට්ටමේ පගා කාරයෝ ඉන්නවා ,හිටිය , ජවිපෙ නායකයට මේවා සුද්ධ කරන්න වෙනවා )
සුද්ද කරන්න? නායකයාගේ පුතා ස්විට්සර්ලන්තේ සැපට ඉන්නවා. ඒ ළමයි සැපට තියන්නේ අපේ ළමයි තාප්පවල පාප්ප ගානවා. පඩිය පක්ෂෙට දීලා ළමයි ස්විට්සර්ලන්තේ තියාගෙන නායකයාට සැපට ඉන්න සල්ලි ලැබෙන්නේ කොහෙන්ද? අන්න ඒක හොයපල්ලා ඉස්සෙල්ලා.