IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


හිටපු ඇමැතිගේ ඉන්ධන පිරවුම්හල මැර කල්ලියකට

(පුෂ්පකුමාර ජයරත්න)

හිටපු අමාත්‍යවරයකුට අයත් කුරුණෑගල ඉන්ධන පිරවුම්හලකින් සාමාන්‍ය ජනතාවට පෝලිමේ ගොස් ඉන්ධන ලබා ගැනීමට නොහැකි ආකාරයට එම ස්ථානයේ පාලනය එක්තරා මැර කල්ලියක් අතට පත්ව ඇති බවට ජනතාව චෝදනා කරති.

මෙම ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් සහ හමුදා සාමාජිකයන් පිරිසක් යොදවා සිටියද එම මැර කල්ලිය ආරක්ෂක අංශ නිලධාරීන් ගණනකටවත් නොගෙන රිසි පරිදි තම මැර බලය මෙහෙයවමින් සිටින බව වාර්තාවේ.

සාමාන්‍ය ජනතාව දින ගණන් පෝලිමේ සිටියද ඉන්ධන බවුසරයක් පැමිණි විගස එම ස්ථානයට පැමිණෙන මෙම මැර කල්ලිය පෝලිමේ සිටින ජනතාවට තර්ජනය කරමින් පෝලිමේ පාලනය සහ ඉන්ධන බෙදීම පවා ඔවුන්ට අවශ්‍ය පරිදි සිදු කරන බවට ජනතාව චෝදනා කරති.

කුරුණෑගල විල්ගොඩ සහ යන්තම්පලාව ප්‍රදේශ වල පදිංචි මෙම මැර කල්ලියට කාන්තාවන්ද ඇතුළත් බවත් ඔවුන් තම බලය පෙන්වමින් ඉන්ධන බූලි වලට ලබාගෙන ගොස් වැඩි මිළට විකිණීම, පෝලිමට පිටින් යතුරු පැදි ඇතුළු කිරීම සඳහා මුදල් ලබා ගැනීම ආදි නීති විරෝධී කටයුතු වල නිරතව සිටින බවද ජනතාව පෙන්වා දෙති.

කුරුණෑගල නගරයේ අනෙකුත් ඉන්ධන පිරවුම්හල් වල මෙවැනි තත්ත්වයක් නොමැතිව ඉතා සාධාරණ ක්‍රමවේදයකට ඉන්ධන නිකුත් කරමින් තිබෙන බවද ජනතාව පෙන්වා දෙති.



අදහස් (4)

හිටපු ඇමැතිගේ ඉන්ධන පිරවුම්හල මැර කල්ලියකට

swene Monday, 27 June 2022 04:14 AM

හිටපු ඇමතිගේ නමක් නැද්ද?

:       0       3

Demuni Uduwara Monday, 27 June 2022 06:51 AM

මිනිසුන් නිවටයන් නොවිය යුතුයි.

:       0       3

jagath Monday, 27 June 2022 10:39 AM

හිටපු ඇමතිගෙ නම දාන්න බරිනම් හො ‌හෝඩුවාවක් දෙන්න බැරිනම් මෙවගෙ නිවුස් කියවන ඒකේ තේම මොකද ?...... නිවුස් එකක් ජනාතවට දැනගන්න.... කෝ වහනකොට රටට, ජනතවට, කෙලවෙන්නෙ යකුනේ..............

:       0       6

sharm warn Monday, 27 June 2022 02:10 PM

කුරුණෑගලද ? එහෙනම් ජොනියගෙ වෙන්න ඔන..කතා දෙකක් නැතුව.. මැර කල්ලියත් උන්දැගෙම හෙන්චයියො වෙන්නම ඔන.. මෙක මෙ අහින්සක මුනක් දාගෙන කරන අතුලෙන් දෙන ගෙම් එකක් වෙන්න අති..

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 358 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 431 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site