(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොන්දේසි කඩකරමින් ඉන්ධන අවම තොග පවත්වානොගත් පිරවුම්හල්වලට එරෙහිව නීතිමය පියවර ගනනා ලෙස දැනුම් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාව හරහා ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් 1050 න් 432 ක් පමණක් පසුගිය සතියේ සියලුම නිෂ්පාදන සඳහා අවම තොග පවත්වා ගෙන ගොස් ඇති බවත් අළෙවි නියෝජිතයන් 255 ක් කිසිදු නිෂ්පාදනයක් සඳහා අවම තොග පවත්වා ගෙන යාමට අපොහොසත් වී ඇති බවත් අමාත්‍යවරයා කීය.
අලෙවි නියෝජිතයන් 363 ක් එක් නිෂ්පාදනයක් සඳහා පමණක් අවම තොග තබාගෙන ඇති බවත් අනාවරණය වී ඇති බව කී අමාත්‍යවරයා පැවසුවේ ගිවිසුම් කොන්දේසි උල්ලංඝණය කර ඇති වෙළඳුන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සිපෙට්කෝ වෙත උපදෙස් දුන් බවත්ය.
පසුගිය මස 31 වැනිදා සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමෙන් පසුව ඉන්ධන පිරවුම්හල් අවම තොග පවත්වාගෙන නොයෑම නිසා මෙම මස මුල දින කීපයේදී රට පුරා ඉන්ධන හිඟයක් ඇති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙගොල්ලො නීතිය ක්‍රියත්මක කරන කොට බයයි. ඉන්දන පිරවුම් හල් හිමිකරුවන් මොන පැත්තෙන් සිනහ වෙනවද මන්ද.
අපේ සල්ලිවලින් කාලා මුහුණ දිලිසෙනවා මෙයාගේ...