(සුජිත් හේවාජුලිගේ )
මේ මස 31 වෙනිදා වයස 60 සම්පූර්ණ වන රජයේ නිලධාරීන් කිසිවකුටත් සේවා දීර්ඝ ලබා නොදීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රධාන එහි ප්‍රධානීන් දැඩි ස්ථාවරයක සිටින බව වාර්තා වේ.
මේ වසරේ දෙසැම්බර් මස 31 වැනි දා වයස 60 සම්පූර්ණ වන පාර්ලිමේන්තුවේ නිලධාරීහු 27 දෙනෙක් සේවා දීර්ඝයක් ලබා ගැනීමට මේ දිනවල ලොකු පරිශ්‍රමයක යෙදී සිටිති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවසුවේ සීමිත පිරිසකට සේවා දීර්ඝයක් ලබා දුනහොත් මුළු රාජ්‍ය සේවයම අවුලෙන් අවුලට යෑම වැළැක්විය නොහැකි බවයි.
එම නිසා සීමිත පිරිසකට කිසිසේත්ම සේවා දීර්ඝ ලබාදිය නොහැකි බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපුටාගේ අවසන් අයවැයෙන් විශ්‍රාම ගැන්වීමේ වයස වසර 65 කළා... ඒ තීන්දුවට සිදුවූයේ කුමක්ද?
60 න් නෙමේ, පුළුවන් නම් මෙයාලාව 45න් යවන්න... රජයේ ආයතනයකට ගියහම අපි දන්නවානේ මුන්දැලාගෙන් වැඩක් ගන්න තියෙන අමාරුව... අඩුම ගානේ දුරකථන ඇමතුමකට උත්තරයක් දෙනවාද?
60 අය විශ්රාම යවලා ඒ ඒ තණතුරු සඳහා තරුණ තරුණියන් ට අවස්ථාව දිය යුතුයි. නැත්නම් දියුණුවක් නෑනෙ. වයසට ගියහම පිනක් දහමක් කරගෙන විවේකයෙන් ඉන්න එක කාටත් හොඳයි නෙ. හොරකම් කළා නම් ඒක විතරයි නැති වෙන්නෙ.
ඔව්.. ඒක හරිනම් සියලු රජයේ සේවකයන් 55න් විශ්‍රාම යැවිය යුතුයි. එවිට ලක්ෂ 15ක් අඩුකළ හැකියි.
සියලුම රජයේ සේවකයින් 60 විශ්‍රාම යෑම අනිවාර්ය කිරීම හොඳ තීරණයක්... 60 විශ්‍රාම යන්න බෑ කියලා නඩු මගට එන්නේ තමන්ගේ පුද්ගලික වාසිය තකා මිසක් ජනතාවට සේවය කිරීමට නොවේ... කැපිලා පේන මහජන සේවයක් කරලා තිබේ නම් මහජනතාව ඉල්ලනු ඇත. එවන් නිලධාරින් තවදුරටත් සේවයේ යොදවාගන්නා ලෙස...!
ඒක හොඳයි. පාර්ලිමේන්තුවේ ඉන්න සීයලා ආච්චිලාත් අනිවාර්යයෙන්ම ගෙදර අරින්න. ඒක දැන් මහලු මඩමක් වගේ. කැමති රාජ්‍ය සේවකයින්ට ඉල්ලලා පෙන්ශන් යන්න පුළුවන් විදිහකුත් හැදුවොත් හොඳයි. සේවා කාලය සම්පූර්ණ කළ අයට...
හොඳ තීරණයක්... !
දැනට කරල තියන හොඳම දේ ඔච්චරයි... ඉංග්‍රීසියෙන් කියමනක් තියනවා NO ONE IS INDISPENSABLE කියලා. ඒ කියමන මතක්වුණා...
අවුරුදු 60න් ගෙදර ගිහින් අවුරුදු 80ක විතර වයස අයට ඡන්දෙ දීලා රට පාලනය කරන්න වරම් දෙන්න.
දැඩි ලෙසම අනුමත කරනවා. රාජ්‍ය සේවය ලක්ෂ 15 සිට 07 දක්වා අඩුකළ යුතුයි.
රාජ්‍ය සේවයේ පඩි මදි ජීවත් වෙන්න බැහැ කියලා උද්ඝෝෂණ කරනව, ගෙදර යවන්න හැඳුවාම යන්න බැහැ කියල නහයෙන් අඬනව.
මහජන මුදලින් නඩත්තු වෙමින් මහජනයාම පීඩනයට ලක් කිරීමේ සාපය මුලු මහත් රටම වෙලාගෙන ඇත. දේශපාලකයන් යනු මුව හමයි. අර්බුදයේ සැබෑ නිර්මාණ කරුවන් හඳුනාගෙන හැකි සියලුම ආයතන පෞද්ගලිකකරණය කළ යුතුයි. ජනතාවට මේ මහ සාපයෙන් තවදුරටත් බැට කන්න පුළුවන් කමක් නැහැ. දේශපාලකයනුත් ජනතාවත් දෙපාර්ශ්වයම එකවර විනාස කරන නිලධාරී වාදය ජයවර්ධනය පාලනය විතරය් යම් මට්ටමකට පාලනයට ලක් කළේ.
සමහර වෛද්‍ය වරු නඩු දාගෙන දඟලනවා. තරුණ අය ගොඩක් දක්ෂයි. ඒ අයට තැන දීලා සැමදෙනා 60 න් ගෙදර යන්න. හිටියත් මහජනතාවට අවංකව ලොකු සේවයක් කරාද, පුද්ගලික සේවය මගින් දුප්පත් ජනතාවෙගන් හම්බ කරාද කියන එක හදවතට තට්ටු කරලා දැන ගන්න.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී, මැති, ඇමතිවරුන්ටත් ජනාධිපති, අගමැති වරුන්ටත් මේක බලපානවද?
ව්‍යවස්ථාදායකයෙන් පටන් ගන්න!
මම හිතන විදියටනම් කොයි දේ වුනත් මේ යෝදයෝ කරන ඔය දඩබඩස් ක්‍රමේට කරන්න ගියහම ආයෙත් ඉතින් රිවස් කරන්න වෙනවා. 60න් විශ්‍රාම යවනවානම් ඒක කාලයක් පුරා නිසි දැනුවත්ව තිබීම අවශ්‍යයි කියාලා මට හිතෙන්නේ. මොකද ඕක පාර්ලිමේන්තු මන්ත්රිලට ජනාධිපතිට අදාළ නොවන්නේ. ඒ ගොල්ලෝ වයස නොයන අර දෙවිවරු වගේ කොට්ටශයක්ද? ඒක මිනිස්සු ප්‍රශ්න කරනවා මදි නිසා ඔවුන් සද්ද නැතුව නතුරු දරනවා.
225 1 එකටත් මෙය බලාත්මක කරානං ???
නැවත බලයට එන පාලකයන් දේශපාලකයන් බලපාන විදියට මෙය බලාත්මක කරන්න.
දේශපාලකයින්ද 60 න් යැවිය යුතුයි.
රාජ්‍ය ආයතනයකට වැඩක් කරගන්න ගියාම ලෙහෙසියෙන් වැඩක් කරගන්න බැහැ. පුළුවන් තරම් රස්තියාදු කරනවා. හිතවත් කමට, පගාවට නම් ඕනෑවැඩක් කරයි. පින් පඩිකාරයින් වැඩිපුරම. හරි නම් ඔවුන්වත්, යවන්නයි වටින්නේ...