IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හැකිනම් එම්.සී.සී.යෙන් ඉවත්වන බව රටට කියන්න

 

(නිමල කොඩිතුවක්කු)

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා දිවයිනට පැමිණිමේ අරමුණ එම්.සී.සී. ගිවිසුම අත්සන් කර ගැනීම පමණක් නොවන බවත් එම්.සී.සී. ගිවිසුමට එහා ගිය සෝෆා ගිවිසුම මේ ආණ්ඩුව ලවා අත්සන් කර ගැනීම එහි අරමුණ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද (26) පැවසීය.


එම්.සී.සී. ගිවිසුම නමින් හෝ වෙනත් නමකින් අත්සන් නොකරන බවටත් එම ගිවිසුමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බවටත් හැකිනම් නිල ප්‍රකාශයක් රට හමුවේ කරන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද රණවක මහතා සඳහන් කළේය.

කොළඹ, මාර්ක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

20 වැනි සංශෝධනයකින් රට අණතුරේ හෙලූ රාජපක්ෂවරුන් ඇමරිකාව සහ චීනය අතර බල කඳවුරු දෙකේ ඇති ගැටුමට රට මැදි කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එම්.සී.සී. ගිවිසුම පිළිබඳ බිල්ලන් මැවූ උපවාස කළ පිරිස් මේ සම්බන්ධයෙන් දරණ මතය පිළිබඳ සමගි ජන බලවේගය විමසිල්ලෙන් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

හැකිනම් එම්.සී.සී.යෙන් ඉවත්වන බව රටට කියන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site