
(ඩයනා උදයංගනී)
සිංහල සිනමාවේ කිවිඳිය ලෙසින් හැඳින්වුණු මෙරට සිනමාවේ සම්මානනීය සහ ජ්‍යෙෂ්ඨතම සිනමා නිර්මාණවේදිනියක වන ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
ඇය අභාවප්‍රාප්ත වන විට 87 වැනි වියෙහි පසුවිය.
ලෝක පූජිත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිය වූ සුමිත්‍රා පීරිස් මහත්මිය ලාංකීය සිනමාව වෙනුවෙන් සිනමා නිර්මාණ දායාද කළාය.
ආචාර්ය ලෙස්ටර් සූරීන්ගේ ”සංදේශය” චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂිකාව ලෙසින් 1960 වසරේ සිනමා වරම් ලැබූ ඇය ඉන්පසු සංස්කාරවරියක් ලෙසින් ”ගම්පෙරළිය”, ”දෙලොවක් අතර”, ”රන්සළු”, ”අක්කර පහ”, ”ගොළු හදවත” සහ ”බක්මහ දීගේ” වැනි චිත්‍රපටවලට සම්බන්ධ වූවාය.
“ගැහැණු ළමයි” චිත්‍රපටයෙන් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන ඇය “ගඟ අද්දර”, “යහලු යෙහෙලි”, “මායා”, “සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා”, “ලොකු දුව”, “දුවට මවක මිස”, “සක්මන් මළුව”, “යහලුවෝ” සහ “වෛෂ්ණාවී” වැනි චිත්‍රපට රැසක් අධ්‍යක්‍ෂණය කළාය.
“ගැහැණු ළමයි” ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණයට ද පිවිසි ඇය සිය සැමියා වන ලෙස්ටර් ජේම්ස් සූරීන් සමඟ එක්ව “ගොළු හදවත” ටෙලිනාට්‍යයේ සම අධ්‍යක්ෂණයෙන් ද දායක වූවාය.
සිනමා සංස්කාරවරියක සහ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක ලෙස දෙස් විදෙස් සම්මානයන්ගෙන් ද ඇය පිදුම් ලැබුවාය.
ඉකුත් වසරේ ඇය ගෞරව ආචාර්ය උපාධියකින් ද පිදුම් ලැබූ අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.