
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනියන්ට සිදු වී ඇතැයි පැවසෙන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව එම විමර්ශනයට අවශ්‍ය කෙරෙන ලිපි ලේඛන රැසක් පාර්ලිමේන්තුවෙන් පසුගිය සතියේදී ලබාගෙන ඇත.
කමිටුව පුරා මාස දෙකකට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේදී රැස්වී සිද්ධිය පිළිබඳව දීර්ඝව විමර්ශන පැවැත්විය.
මෙම විමර්ශනයේදී තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ බුද්ධික නවගමුව මහතා සහ එහි අනෙකුත් ප්‍රධානීන් ඇතුළු පාර්ලිමේන්තුවේ විවිධ අංශවල දහයකට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනිණ.
මේ අතර හිරිහැරයට ලක්වූ බව පැවසෙන පැමිණිලිකාර නිලධාරිනියගේ වාර්ෂික දිරි දීමනා පමණක් අඛණ්ඩවම වර්ෂ දෙකක් පරීක්ෂණ අවසන් වනතුරු තාවකාලිකව අත්හිටුවා ඇති අවස්ථාවක සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරීන්ට දිරි දීමනා අඛණ්ඩව ගෙවීමේ පරිපාලනයේ දෙබිඩි පිළිවෙත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සේවකයෝ මවිතය පළ කරති.
එසේම චෝදනාවට ලක් වූ ඇතැම් නිලධාරීන් විමර්ශනය පැවැත්වෙන අතරතුර විදේශ සංචාරවලද නිරතවී ඇතැයි චෝදනා කරන සේවකයෝ සාමාන්‍යයන් විමර්ශනයක් පැවැත්වෙන අතරතුර එසේ විදේශ ගමන් සඳහා අවසර දීමට නීතියේ ඉඩ කඩක් නොමැති බවද පෙන්වාදෙති.
තවද ඕනෑම නිලධාරියකුට හෝ පිරිසකට එරෙහිව බරපතළ චෝදනාවක් එල්ලවන අවස්ථාවක එම නිලධාරීන් වැඩ තහනමට ලක්කර පරීක්ෂණ පැවැත්වීම සාමාන්‍ය ක්‍රමවේදය වුවද එවැන්නක් මෙහිදී අනුගමනය කර නැතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්‍රධානියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ පිළිබඳව කරුණු සොයා බලන බවයි.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිංසන සිද්ධිය: කමිටුව මැතිසබේ ලියකියවිලි අවුස්සයි
නාමල් Wednesday, 12 November 2025 07:44 PM
චෝදනා එල්ල කළ පලියට මිනිසුන්ගේ වැඩ තහනම් කරන්න ගියොත් ආයතනයක වැඩ කටයුතු කරගෙන යන්නේ කොහොමද? මම හිතන්නේ මෙතැනදී පරිපාලනය හරි...?
පාර්ලිමේන්තු සේවක සුමල් Thursday, 13 November 2025 12:24 AM
අනේ අපි නම් මවිතයට පත් වුණේ නෑ.