
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ අටකට ආසන්න වටිනා හෂිෂ් මත්ද්‍රව්‍ය සමඟ සූපවේදියෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු සමඟ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 870 ක් පොලිස් භාරයට ගෙන ඇත.
කළුතර දිසා අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර දකුණ අලුත් පාළම අසලදීය. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41 ක් වන අළුබෝමුල්ල පමුණුගම දිගන තුඩුව පාරපදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් රහට කාල ඉවරයි.
සම්බෝලයක් හරි මැල්ලුමක් හරි හදන්න ගෙනාපු ඒවද කොහෙද.