IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හාල් ගන්න පෝලිමේ

(සනත් ගමගේ)

අම්බලන්තොට වෙළඳ සංගමයේ මෙහෙයවීමෙන් අම්බලන්තොට නගරයේ දී රතු කැකුළු හාල් රජයේ පාලන මිලට ජනතාවට ලබාදීම අද සිදුවිය.

එක් පුද්ගලයකුට හාල් කිලෝ පහක් බැගින් රජයේ පාලන මිල වන කිලෝවක් රුපියල් 220 බැගින් ලබාදීම මෙහිදි සිදුවිය.

හාල් මිලදි ගැනිමට උදෑසන කාලයේ සිටම ජනතාව පෝලිම්වලට එක් වි සිටියහ. සීමිත හාල් ප්‍රමාණයක් ලබාදිම නිසා බොහෝ දෙනකු පෝලීම්වල සිටිය ද හාල් අවසන් වීමෙන් හිස් අතින් යන්නටද සිදු විය.

අම්බලන්තොට නගරය හා ඒ අවට ප්‍රදේශවල රතු කැකුළු හාල් හිඟයක් පවතින අතර ඇතැම් වෙළඳ සල්වල රතු කැකුළු හාල් කිලෝවක් රුපියල් 265 කට තරම් ඉහළ මිළ ගණන් යටතේ අලෙවි කරන බවද පාරිභෝගිකයෝ චෝදනා කරති.



අදහස් (12)

හාල් ගන්න පෝලිමේ

kamal Monday, 06 January 2025 02:17 PM

පුනරුදය දෝරෙ ගලනවා.

:       24       68

Kazi Shajahan Monday, 06 January 2025 02:22 PM

NPP එකට ඇඳගෙන ඉන්න ක්ලීන් සූට් ගලවන දවස වැඩිකල් යන්නේ නැහැ.., කමින් සූන්....

:       21       60

සෙනෙවිරත්න Monday, 06 January 2025 02:25 PM

මේක පුනරුදයේ පෝලිම කියන්න හදිසි වෙන්න එපා. මේක තමයි රටේ යථාර්ථය සැඟවීමේ ප්‍රතිඵලය. වී නිෂ්පාදනය සම්බන්ධයෙන් කව්ද මේ දත්ත දුන්නේ. ඒක නිසයි රටේ දේශපාලන අධිකාරිය නොමඟ ගියේ...!

:       45       30

Ruwan Monday, 06 January 2025 03:12 PM

මැදමූලන වලව්වේ දංකුඩ කාපු වහල් බයියන්ට කැකුළු හාලුත් හොඳ වැඩියි. තණකොළ පුන්නක්කු පෝලිම් නැතුවම දෙන්න ඕනේ...!

:       20       15

සෙනෙවිරත්න Monday, 06 January 2025 05:57 PM

ඇමැතිගේ මල්ලිගේ ගිණුමේ කෝටි විසිහතයි. මහින්දගේ ආරක්ෂකයාගේ වත්කම් කෝටි පන්සීයයි. ඕවා ⁣මාලිමාවේ අය එළවලා පරණ අයම ගෙන්වාලමු. අපිටත් පුළුවන් ඒ තත්වයට එන්න...

:       11       7

පාඨකයෙක් Monday, 06 January 2025 06:32 PM

හිටපු කෘෂිකර්ම ඇමැති රට පුරා කීරිසම්බා වපුරන්න යයි දුන් අනුවණ විධානයේ ප්‍රතිඵල අපි දැන් භුක්ති විඳින්නෙමු. දියවැඩියා රෝගීන්ට මෙන්ම යහපත් සෞඛ්‍යයට කැමැති සියල්ලන්ට සුදුසු සහල් ලෙස වෛද්‍යවරු නිර්දේශ කරන රතු කැකුළු සහල්වල උග්‍ර හිඟයක් පවතී. ලොකුම අභාග්‍යය නම් රතු සහල් වගා කිරීමට කැමැති කුඹුරු හිමියන්ටත් එය නොකළ හැකි තත්ත්වයක් උදාවීමයි. වෙල් යායම එකම වර්ගයක වී වැපිරුවේ නැතිනම්, ගොයම් මැස්සන් හානි කරන බැවිනි. විසඳුමක් ලෙස මෙතෙක් කල් අපගේ වී වෙනත් අයට විකුණා අප වෙළෙඳපොලෙන් රතු කැකුළු සහල් මිලදී ගත් නමුත්, දැන් රතු කැකුළු සහල් නැත. ඊයේ දිනයේ පමණක් මම වෙළෙඳසැල් තුනකට ගියෙමි. ඒ, දියවැඩියාවෙන් පෙළෙන මගේ වියපත් මව සඳහා කුමන වර්ගයේ හෝ රතු සහල් ටිකක් මිලදී ගැනීමටයි. නමුත්, නිවසට පැමිණියේ හිස් අතිනි.

:       12       2

Rata Perata Monday, 06 January 2025 10:26 PM

2048 සෞඛභාග්‍යය උදාවෙනකල් බලාගෙන හිටපු උන්ට දැන් මාස 2 ක් ඉවසන්න බෑ වගෙනේ

:       4       1

Mangala Dissanayake Monday, 06 January 2025 11:15 PM

මේ ආණ්ඩුව පොඩි මිනිහාට, ගොවියට, කම්කරුවට කිසිම සහනයක් තාම දුන්නේ නෑ . ලොකු දේවල් කරන්න කලින් ජීවන වියදම ටිකක් අඩුකරලා අහිංසක මිනිසුන්ගේ බඩ කට පුරවලා හිටිය නම් හොඳයි නේද, නැත්නම් ගෝඨාභයත් වඩා කලින්ම ගෙදර යන්න වෙයි වගේ. දුප්පත් අහිංසක මිනිසුන්ට ඔය සෝබන වචන වලින් වැඩක් නැහැ...

:       0       3

Toni Tuesday, 07 January 2025 06:59 AM

සෙනවිරත්න අපුල්ලනවා අපුල්ලීමක්. ආයේ ලොවෙත් නැහැ. ඕනේ ජරාවක් හෝදා පිරිසිදු කරනවා. ක්ලීන් ශ්‍රීලංකා

:       0       5

Kamal Tuesday, 07 January 2025 07:02 AM

වසරේ හොඳම දෝනිට හිමි සම්මානය හිමි කරගන්නේ... සෙනවිරත්න අපුල්ලන්නෝ...

:       0       5

Sashika Tuesday, 07 January 2025 07:04 AM

ඔහොම වෙලා මදි. හාල් නෙවේ දෙන්න ඕනේ, පුන්නක්කුයි තණකොළයි.

:       0       5

Lalith Tuesday, 07 January 2025 07:06 AM

සෙනවිරත්නට වස්තරේම මලපහ වෙලා, කොත්තුව රහයි කියනවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site