
(ප්‍රසාද් රුක්මල් )
මහියංගණ පගරගම්මන සිට බදුල්ලට කැබ් රථයකින් හිංසාකාරි ලෙස බලපත්‍ර නොමැතිව හොර රහසේ ප්‍රවාහනය කරමින් සිටි එළගවයින් හයදෙනෙකු සමග සැකපිට පුද්ගලයන් සිව්දෙනෙකු අද (16) අලුයම බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බදුල්ල කොට්ඨාස රථ වාහන අංශය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගණ පගරගම්මන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35 ,34, 30,45 වයසේ පසුවෙන සිව්දෙනෙකු යැයි පොලිසිය කීය .
මහියංගණ බදුල්ල මාර්ගයේ අද (16) අලුයම ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් බදුල්ල දුන්හිඳ අබගහඔය ප්‍රදේශයේ දී රාජකාරියේ නිරතව සිටි බදුල්ල කොට්ඨාස රථ වාහන අංශයේ නිලධාරීන් නැවත්වීමට උත්සහ කිරීමේදී එම කැබ් රථය නොනවත්වා වේගයෙන් බදුල්ල නගරය දෙසට ධාවනය වෙමින් තිබියදී පොලිස් නිලධාරීන් පසුපස හඹාගොස් මෙසේ එළගවයින් ප්‍රවාහනය කරමින් සිටි කැබ් රථය අත්අඩංගුවට ගත් බවද පොලිසිය සදහන් කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම සත්ව හිංසනය වෙනුවෙන් පෙනී ඉන්න අයට කියන්න මේ සඳහා විකල්පයක් දෙන්න කියලා. වඳුරන්ට, ඌරන්ට, අලින්ට පමණක් නොවේ.