
(යොහාන් භාසුර)
කොළඹ ජාතික රෝහල ඉදිරිපිට මෙන්ම රට පුරා නීතිවිරෝධී බෙහෙත් අළෙවි කරන බවත් එම බෙහෙත් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති ඒවා බවත් එම අධිකාරියට පැමිණිළි කළ බව ‘මගෙන් රටට සංවිධානයේ’ සභාපති සංජය මහවත්ත මහතා අද (8) පැවසීය.
ලියාපදිංචි නොකළ බෙහෙත් ජනතාව අතරට පත්වීම ඉතාමත් භායානක තත්වයක් බවත් එය වැලැක්වීමට ඖෂධ නියාමන ආධිකාරිය වාහාම කටයුතු කළයුතු බවත් ඒ මහතා සඳහන් කළේය.
ඩබ්ලිව්.ඕ.ආර්. බලපත්‍ර ප්‍රතික්ෂේප කළ සමාගම්වලින් ලබාගත් බෙහෙත් වර්ග 50 ක් පමණ රටපුරා ඇති බවත් ඖෂධ සපයන ආයතන සහ ඖෂධ පිළිබඳව තොරතුරු, තොරතුරු පනත යටතේ ඉල්ලීම් කළ ද ඒවා නොලැබෙන බවත් මහවත්ත මහතා කීය.
ඖෂධ නියාමන අධිකාරියෙන් එවැනි තොරතුරු ඉල්ලා මාසයකට අධික කාලයක් ගතවී තිබුණ ද මේ දක්වා තොරතුරු නොලැබුණු බව කී මහවත්ත මහතා ඖෂධ මාෆියාවට මෙවැනි රාජ්‍ය ආයතනය සේවය කරන නිලධාරීන් ද සම්බන්ධ දැයි දැඩි සැකය තොරතුරු නොලැබීම සමඟ මතුවන බව ද සඳහන් කළේය.
ජනතාවගේ ජීවිතවලට සෘජුවම බලපාන දෙයක් වන බෙහෙත් සම්බන්ධයෙන් තොරතුරු රාජ්‍ය ආයතනයකින් නොලැබීම කණගාටුදායක තත්වයක් බවත් තොරතුරු නොදෙන්නේ නම් සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන ආයතනයේ කෙහෙලිය පරපුරේ ලොකු මහත්තයා කීවා දුටුවේ නැතිද " බාල බෙහෙත් හොරබෙහෙත් කියලා දෙයක් නැහැ කියලා" විශේෂ ප්‍රකාශයක් කළා.
ඒ බෙහෙත් වෙතට රෝගීන් යොමු කරන්නේ රජයේ වෛද්‍යවරුම තමයි