IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


හොර බිඩි නිෂ්පාදන කම්හලක් වටලයි

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල උසාවිය  හන්දිය ප්‍රදේශයේ  පවත්වාගෙන ගිය ව්‍යාජ බීඩී නිෂ්පාදන  මධ්‍යස්ථානයක් වටලා රුපියල් ලක්ෂ පහකට අධික ව්‍යාජ බීඩි සහ ඒ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය ඇසුරුම් රැසක් අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.

බීඩි තොගය සමග පුද්ගලයන් දෙදෙනෙක්  සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

 මීගමුව ප්‍රදේශයේ බීඩි  කර්මාන්ත ශාලාවකවක  හිමිකරුවෙකු   පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව   අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් වැටලීමක් සිදු කර තීබේ

එහිදී රජයට කිසිදු බදු මුදලක් නොගෙවා  වෙනත් සමාගමක වෙළඳ නාමයන් දුරකථන අංක ඇසුරුම්  යොදාගෙන මහා පරිමාණය බීඩී නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙලි වී තිබේ.

මෙම බීඩි තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හරහා දිවයිනේ විවිධ ප්‍රදේශවලට කාලයක සිට බෙදාහැරීම සිදු කර තිබෙන බවත් ඒ සඳහා යොදා  ගන්නා දුම් කොළ වර්ග ඔතන ලද කොළ  ඉන්දියාවෙන් ගෙන්වා තිබෙන බව  පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ

 

 



අදහස් (1)

හොර බිඩි නිෂ්පාදන කම්හලක් වටලයි

රුවන් Monday, 10 February 2025 08:38 PM

බීඩී කොළ වැවෙන ගස් ලංකාවේ වැවෙනවා. ඇයි ඉන්දීයාවෙන් ගෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 15 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 862 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2494 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site