IMG-LOGO

හොර ගල්කෝරියක් වටලා කෝටි හයක යන්ත්‍ර සූත්‍ර අල්ලයි

(ඉන්දිකා රාමනායක)

ගලේවෙල බුලනවැව ගොම්මොට්ටාව රක්ෂිතය තුළ නීති විරෝධීව පවත්වාගෙන ගොස් තිබු ගල්කොරි දෙකක් වටලා රුපියල් කෝටි 6 ට අධික වටිනා වාහන සමග සැකකරුවෝ පස් දෙදෙනෙක් දඹුල්ල විශේෂ කාර්ය බළකාය කඳවුරේ භට පිරිස් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

දඹුල්ල බීට්ටු වන නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් මෙම රක්ෂිතය තුළ සැකකරුවන්  බලපත්‍ර සහිතව ගල් කොරි පත්වාගෙන ගොස් ඇති අතර එම බලපත්‍ර කල් ඉකුත් වු පසු යළිත් අලුත් කර නොමැති බවද විශේෂ කාර්ය බළකාය පවසයි.

බලපත්‍ර අලුත් කිරීමකින් තොරව මෙම ස්ථානයේ ගල්කොරි පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරු මත නිලධාරීන් ඊ මෙම වැටලීම සිදුකර ඇත.

පස් කපන ස්කැවේටර් යන්ත්‍ර හතරක් , ටිපර් යන්ත්‍රයක් මෙම වාහන අතර තිබු බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙම යන්ත්‍ර ආධාරයෙන් කළුගල් හා පස් ඉවත් කරමින් සිටි බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙම ගල්කොරි දෙක දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙක්ට අයත් බවට තොරතුරු හෙළි වී ඇති බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

ප්‍රධාන පාරට මීටර් 200 ක් -300 පමණ දුරින් මෙම ගල්කොරිය පවත්වාගෙන ගොස් තිබු බවද විශේෂ කාර්ය බලකාය පවසයි.



අදහස් (0)

හොර ගල්කෝරියක් වටලා කෝටි හයක යන්ත්‍ර සූත්‍ර අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site