IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


හිරගෙදර ලොකු පුටු මාරුවක්



(සුජිත් හේවාජුලිගේ )

බන්ධනාගාර කොමසාරිස්වරුන් සිවු  දෙනෙකුට සහ වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයෙකුට  වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.එම්.එන්.සී. ධනසිංහ මහතා විසින්  නව රාජකාරි පවරනු ලැබ ඇත .

ඒ අනුව මෙහෙයුම් සහ පාලන බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ බී.එම්.යූ.ජී.ඒ.කේ. බස්නායක මහතා  බන්ධනාගාර කොමසාරිස් පාලන තනතුරට පත් කර ඇත

බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ බී.ඩී.එම්.ජී.බී. දිසානායක මහතා බන්ධනාගාර කොමසාරිස් සැපයුම් තනතුරටත්  බන්ධනාගාර කොමසාරිස් සැපයුම් ධූරයේ මෙතෙක් කටයුතු කළ ආර්.පී.එච්. කුමාර මහතා  මෙහෙයුම්, බුද්ධි හා ආරක්ෂණ බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙසත් පත් කර ඇත.

බන්ධනාගාර කොමසාරිස් පුනරුත්ථාපන තනතුරේ රාජකාරි කළ ජේ.සී. වීරසිංහ මහතා කර්මාන්ත සහ නිපුණතා සංවර්ධන කටයුතු භාර බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස පත්කර ඇත.

කර්මාන්ත විෂයභාර වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ එස්.කේ. පල්ලෙතැන්න මහතා පුනරුත්තාපන කටයුතු භාර වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස පත්කර ඇත

මෙම නව රාජකාරි පැවරීම  අගෝස්තු මස  1 වැනිදා සිට  සිට ක්‍රියාත්මක වේ.


 



අදහස් (0)

හිරගෙදර ලොකු පුටු මාරුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 282 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2119 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1611 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site