
හමීඩියා ආයතනය, ඉන්දිරා පිළිකා භාරය සමගින් පසුගිය වසර කිහිපය පුරාවට පවත්වාගෙන ගිය සහයෝගීතාව තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යමින්, පදනම වෙත පසුගියදා රුපියල් මිලියනයක පරිත්‍යාගයක් සිදු කරන ලදී.
මෙම පරිත්‍යාගය හමීඩියා හි ‘Pink Collection’ ඇඟලුම් නිර්මාණ එකතුවේ නවතම විකුණුම් ආදායම වූ අතර, ‘Pink Collection’ ඇඟලුම් නිර්මාණ එකතුව හමීඩියා ආයතනය විසින් ඉන්දිරා පිළිකා භාර පදනමේ ‘On Wednesdays we wear Pink’ ව්‍යාපෘතියට සහාය දැක්වීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර අලෙවි කරන ලද කාන්තාවන් සහ පිරිමින් සඳහා වූ විශේෂ රෝස වර්ණයේ ඇඟලුම් නිර්මාණ එකතුවකි. මෙය හමීඩියා සමූහ ව්‍යාපාරයේ සමාජ සත්කාර ඒකකය වන My Friend පදනමේ සමාජ වගකීම් පොරොන්දුව යටතේ සිදුකරන ලද මුලපිරීමකි.
මෙම පරිත්‍යාග උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයකු වූ රොෂාන් මහානාම සහභාගි වූ අතර, ඉන්දිරා පිළිකා භාර පදනමේ සභාපතිනිය/ භාරකාර වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක, හමීඩියා ආයතනයෙහි කළමනාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඩ් යන මහත්ම මහත්මීන් ඇතුළුව ඉන්දිරා පිළිකා භාරයේ සහ හමීඩියා ආයතනයේ සාමාජිකයෝ ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
පසුගිය වසරේ හමීඩියා ආයතනය විසින් ඉන්දිරා පිළිකා භාර පදනම සමඟ එක්ව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සිය කාර්ය මණ්ඩල පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සඳහා අධ්‍යාපනික වැඩසටහනක් සංවිධානය කරන ලදී. එමෙන්ම ඉන්දිරා පිළිකා භාරය විසින් පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සඳහා දියත් කරන ලද ‘On Wednesdays we wear Pink’ ප්‍රචාරණ ව්‍යාපෘතියට ද හමීඩියා ආයතනය සහභාගි විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන සමඟ එක්ව දියත් කරන ලද මෙම දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය කාන්තාවන්ට තමන් විසින්ම අසාමාන්‍යතා හඳුනා ගැනීමට දැනුවත් කිරීම සඳහා දියත් කරන ලද TLC (Touch – Look - Check) ව්‍යාපෘතියේ තවත් එක් අංගයකි.
හමීඩියා ආයතනයෙහි කළමනාකාර අධ්‍යක්ෂ ෆවුසුල් හමීඩ් මෙසේ සිය අදහස් දැක්වීය.
“හමීඩියා හි අපි අපගේ කාන්තා ශ්‍රම බළකාය අගය කරන අතර ඔවුන්ගේ වෘත්තීය ප්‍රගතියට සහ ජීවිතය සාර්ථක කර ගැනීමට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඔවුන් සිටිය යුතු බව සෑම විටම අවධාරණය කරනවා. ප්‍රමුඛතම ඇඟලුම් සන්නාමයක් ලෙසින් ‘On Wednesdays we wear Pink’ ව්‍යාපෘතියට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ ප්‍රථම ආයතනය හමීඩියා ආයතනයයි. ඉන්දිරා පිළිකා භාර පදනම සමඟ එක්ව පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ අධ්‍යාපනික වැඩසටහන් තුළින් ඒ පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමට සහ අර්ථවත් සංවාද ඇති කිරීමට හැකිවීම ගැන අපි ආඩම්බර වන අතර ඉදිරියටත් ඉන්දිරා පිළිකා භාර පදනම සමඟ දිගටම කටයුතු කරන්නට බලාපොරොත්තු වනවා.”
595

2025 නොවැම්බර් මස 17
114
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
959
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2564
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
හමීඩියා වෙතින් ඉන්දිරා පිළිකා භාර පදනමට රුපියල් මිලියනයක පරිත්‍යාගයක්
fairoos Wednesday, 11 January 2023 07:09 PM
ඉතාම හොඳයි... හැමෝටම පින්...