
(යොහාන් භාසුර)
අධික වර්ෂාව හේතුවෙන් හානි වූ වගාවන් නැවත ආරම්භ කිරීමට ගොවීන්ට අවශ්‍ය පූර්ණ සහය දීමට තීරණය කළ බව කෘෂිකර්ම, පශුසම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය අද (29) පස්වරුවේ නිවේදනය කළේය.
ඒ අනුව ගොවීන්ට බිත්තර වී ලබාදීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන හැකි ඉක්මනින් දීමට සහ කැඩී බිඳී ගිය වාරි පද්ධතිය හැකි ඉක්මනින් යථා තත්වයට පත් කිරීමට කෘෂිකර්ම, පශුසම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යා කේ. ඩී. ලාල්කාන්ත මහතා උපදෙස් දී තිබේ.
සියලුම දිස්ත්‍රික් ලේකම්වරු සහ කෘෂි සහ වාරිමාර්ග නිලධාරීන් ඇතුළු බලධාරීන් සමග අද පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම තීරණයට එළඹ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd