
(අංජුල මහික වීරරත්න)
හෙද සේවය සඳහා බඳවාගත් 3147 දෙනෙකුට ලබන සෙනසුරාදා(24) පත්වීම් ලිපි ප්‍රදානය කරන බව සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
හෙද සේවා ඉතිහාසයේ මෙපමණ ප්‍රමාණයකට එකවර පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලබන පළමුවන අවස්ථාව මෙය බවත් මෙහිදී හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනකු සඳහා උසස්වීම් ප්‍රදානය කිරීමටද නියමිත බවත් අමාත්‍යාංශය කියයි.
පත්වීම් ලිපි ප්‍රදානය කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව ඇත.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනිකරම වේලි වේලි හිටපු ජ වි පෙ හෙන්චයියන්ට දෙන දේශපාලන පත්වීම්. මම දන්නා කෙනෙකුටත් ලැබෙනවා. එකම සුදුසුකම ඉල්මහ එක්කෙනෙක් වීම. ඔන්න ඔහොමයි සිස්ටම් එක චේන්ජ් වුනේ...
මෙම හෙද සිසුන් පූහුණුවට බඳවා ගත්තේ 2021 දී අවූරුදු 3 පූහුණුව අවසන් කරලා 2024 නොවැම්බර් විභාග වලට පෙනී ඉඳලා පත්වීම් ලැබෙන්නේ 24 දින. විශේෂ ශ්‍රේණියේ තනතුරු උසස්වීම් ලබන අය හෙද සේවාවේ අවුරුදු 25 ක් පමන සේවය කරන අය. මේ කිසිවක් දේශපාලන පත්වීම් නොවේ. නියමිත අධ්‍යාපන සුදුසුකම් ඇති අයට දෙන පත්වීම්...