IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


හදිසි නීතිය පැනෙව්වේ කාර්යක්ෂමව රට ගොඩනගන්න

(අංජුල මහික වීරරත්න)

ආපදාව කළමනාකරණය කර ගැනීම සහ කාර්යක්ෂමව අපේ රට ගොඩනැගීමට ඉවහල් කර ගන්නවා හැරණු කොට වෙනත් කිසිදු මර්දනීය ක්‍රියාදාමයක් වෙනුවෙන් හදිසි නීතිය උපයෝගී කර ගන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.

"අපි මේ වන විට මේ ආපදා තත්ත්වය කළමනාකරණය කර ගනිමින් වේගවත්, කාර්යක්ෂම යළි ගොඩනැගීමක් සඳහා අවශ්‍ය නීතිමය රැකවරණය සහ ප්‍රතිපාදන අවශ්‍යතාව වෙනුවෙන් හදිසි නීතිය පනවා තිබෙනවා. මා මේ රටේ පුරවැසියන්ට එක සහතිකයක් ලබා දෙන්න කැමතියි.

මෙම හදිසි නීතියට අනුකූල වන පරිදි මේ වන විටත් අපි අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කර තිබෙනවා. සියලු සේවාවන් අපි එක් තැනකට කේන්ද්‍ර ගත කොට තිබෙනවා. ඕනෑම අන්ධකාරයක ආලෝකය ඇති බව අප විශ්වාස කරනවා. මේ අඳුරු දිනයන් පහව යන බවත් අප විශ්වාස කරනවා. ඒ නිසා අපි ඒකාවන්ව නැගී සිටිමු. මේ කදුළු සළන පාරාදීසය සුවපත් කරමු. දීප්තිමත් දිවයිනක් ගොඩනගමු යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.

 



අදහස් (5)

හදිසි නීතිය පැනෙව්වේ කාර්යක්ෂමව රට ගොඩනගන්න

Damith Sunday, 30 November 2025 11:50 PM

තවමත් කයිය හරිම විද්‍යාත්මකයි. මාරයි. අති විශිෂ්ටයි. උත්කෘෂ්ටයි.

:       2       0

Lalith Monday, 01 December 2025 01:42 AM

දැන්වත් ඕක කියන එක නවත්වන්න

:       2       0

Hiran Monday, 01 December 2025 02:02 AM

තවත් බුදුපිළිම දෙක තුනක් ගලවමුද? කාලකන්නි

:       2       0

ලාමක ටින් ටින Monday, 01 December 2025 06:19 AM

වැල් බයිලා ගහනවා කියන්නේ ඕකට තමා

:       2       2

Randula Monday, 01 December 2025 08:02 AM

හදිසි නීතිය නෙවෙයි හමුදා නීතිය දාන්න වෙලා තියෙන්නේ. ගෙදර යටවෙලා අස්කර කර ඉද්දි පල්ලෙහා වත්තෙ තියෙන බඩු උස්සන් යන්න එනවා. ඊයේ දවසට විතරක් තුන් පාරක් ආවා. ළඟ ගෙදරක අයියට ඔක්කොම නැතිවුණා. එයාල අමාරුවෙන් පොඩි එකාගෙ සපත්තු දෙකයි උළුවහු දෙකකුත් හොයලා එයාගෙ ගෙදර තිබ්බ. උදේ එනකොට ඒවත් නැහැ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 229 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 282 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1201 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site