
(අංජුල මහික වීරරත්න)
හෙද සේවයේ 3147 දෙනෙක් කොළඹ අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලැබූහ.
හෙද සේවා ඉතිහාසයේ මෙපමණ ප්‍රමාණයකට එකවර පත්වීම් ලිපි ප්‍රදානය කරනු ලබන පළමුවන අවස්ථාව මෙය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙහිදී හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනකු සඳහා උසස්වීම් ප්‍රදානය කෙරිණි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඈයි මේ රටේ පුරවෑසියී මේ දේශපාලකයින්ගෙන් පත්වීම් ගන්නේ….? මේවා බූදලේද…? මම ඈහුවේ ආයුබෝවන් මෙහෙම තමා මේ ගොල්ලෝ ඈහුවේ ඉස්සෙල්ලා… අද කෙරුවාව වෙන එකක්... පච පච…!
ඩොකාලාට පින්සිද්ද වෙන්න අවුරුදු 4 නර්සින් ඩිග්‍රී එක අවුරුදු 3ක් කරා. මේ GMAO එක මේ රටේ අධ්‍යාපනයට මාර හිරිහැරයක්. දැන් KDU එකේ ලංකාවේ ළමයින්ට ඉගෙන ගන්න තියෙන අවස්තාව නැති කරා. සයිටම්... යකෝ දරුවන්ට සුදුසුකම් තියෙනවා නම් ඉගෙන ගන්න අවස්ථා රජයට දෙන්නත් බැරි නම් ඒ ළමයින්ට ඉගෙන ගන්න තියෙන අයිතියවත් දීපල්ලා. කුහක නොවී...
LTTE ඩයස්පෝරා එකෙන් ආපු නියෝගයක්ද? උතුරේ සහ නැගෙනහිර හමුදා ඉවත් කරන්න උප්පර වැට්ටියක්… පැලවත්ත වහල්ලු ඕන දේකට එහෙයි කියයි…. ද්‍රෝහී රෑලක්
ඉතිහාසේ පළමු වතාවට මේ තරම් පිරිසකට පත්වීම් දුන් පළමු අවස්තාව හා හා... ඔය හෙද හෙදියෝ අවුරුදු 3ක් පුහුණු වුනු අය, මාලිමා ආණ්ඩුව ඇවිල්ලත් මාස 6න් අවුරුදු 3 පුහුණුව දීලා පත්වීම් දුන්නාද?
මේ හයමාසෙදී පුහුණු කරපු අය වෙන්නැති...!