IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


හිටපු ජනපති රනිල් බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට

(අංජුල මහීකවීරරත්න, යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

රුපියල් ලක්ෂ 166ක් අවභාවිත කළැයි කියන චෝදනාවක් සම්බන්දයෙන් දැනට රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝගී තත්වයක් හේතවෙන්  කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

අධික රුධිර පීඩනය සහ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් වෛද්‍යවරු මෙම නිර්දෙශය කර ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

හිටපු ජනපතිවරයාගේ සෞඛ්‍ය සම්බන්දයෙන් වෛද්‍යවරුන් නිරන්තරයෙන් අවධානයෙන් සිටින බව ද දැනගන්නට ඇත.

වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව මේ වන විට හිටපු ජනපතිවරයා කොළඹ ජාතික රෝහලට රැගෙන යමින් සිටින බව ද එම ආරංචි මාර්ග කියයි.

එසේම වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත හිටපු ජනපතිවරයාට නිවෙසන් ආහාර ලබාදීමට ද බන්ධනාගාර පරිපාලනය අවසර ලබාදී ඇත.

ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ



අදහස් (29)

හිටපු ජනපති රනිල් බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට

sene Saturday, 23 August 2025 03:54 PM

මා රනිල්ගේ දේශපාලන අනුගාමිකයෙක් නොවේ, නමුත් 2022 රට පත්වී තිබූ අහේනියෙන් බේරා ගෙන ඉදිරි මග සාදා ගැනීමට මග පාදා දුන් කෙනා ලෙස මා ඔහුට ගරු කරමි. ඒ නිසා මෙලෙස හරක් හොරෙක් සේ මාන්චුදමා ගෙන ගොස් සිර කිරීම් ගැන මගේ අදහස අප සියල්ලන්ම ලැජ්ජා විය යුතුයි. කළගුණ ගැන ඉහළින් දොඩමින් මෙවැනි දේ තුළින් අපි අපිම මුලු ලොව ඉදිරියේ දීම නිරුවත් කර ගැනීමක් වැනිය...

:       107       329

බකල ජයා Saturday, 23 August 2025 05:05 PM

ඔන්ලි ෆෑන්ස් වගේ නේද ...?

:       174       41

Pradeep KumaraSaturday, 23 August 2025 06:52 PM

Sene - ඔබ වැනි අය මේ තක්කඩි දේශපාලකයින් වෙනුවෙන් පෙනී සිටිනා නිසා තමයි ඔවුන් කිසිම බයක් සැකක් නැතුව වැරදි කරන්නේ. ඔබට මතකද ටික කලකට පෙර අනුන්ගේ වත්තකින් අඹ ගෙඩි කීපයක් අයිතිකරුට නොකියා කඩා ගත් අම්මෙකුට සිදු වුන දේ. අඹ ගෙඩි කීපයක් කඩා ගත් වරදට ඒ අම්මවත් උසාවි ගෙනාවා. ලක්ෂ 166ක් අවභාවිතා කල කෙනා සුදනෙක් කියලද කියන්නේ. ඔබ කියන විදියට අහේනියෙන් මුදා ගත්තා කියමුකෝ, ඒත් එහෙම කලා කියලා කරපු වැරදි සාධාරණයි කියන්න පුළුවන්ද?

:       185       56

පොඩිඑකා Saturday, 23 August 2025 03:55 PM

මට තේරෙන්නෙ නැති දෙයක් තියෙනවා. රනිල්ගේ නීතිඥයා ඇප ඉල්ලද්දි කිව්වා ලබන සතියේ ඉන්දියාවේ තරුණ සමුලුවකට ප්‍රධාන ආරාධිතයා ලෙස යන්න තියෙන නිසා ඇප දෙන්න කියලා. එහෙම ගියා නම් හරි වැඩේ වෙන්නේ. සමහරවිට ප්ලේන් එකේදීම ප්‍රෙෂරුයි, සීනියි වැඩිවෙන්න තිබුණා. ඉංදියාවේ ඉස්පිරිතාලෙකට තමයි යන්න වෙන්නේ. වෙලාවට රිමාන්ඩ් කලේ...

:       226       97

පාඨකයෙක්Saturday, 23 August 2025 05:47 PM

ඇතැම් විට ඔබට නොතේරෙන දෙයක් පහදා දීමට කැමැත්තෙමි. මෙරට බොහෝ රෝහල්වල පවා දියවැඩියා රෝගියකු වෙනත් ‌ෝගයක් සඳහා ඇතුළත් කළ විට ආහාරයට දෙන්නේ දියවැඩියා රෝගයට සුදුසු ආහාර නොවේ. පාන් නම් සුදු පාන්ය; බත් නම් සුදු බත්ය. රුධිරයේ සීනි මට්ටම ඉහළ ගිය විට රුධිර පීඩනය වැඩි වේ. බන්ධනාගාරයේදී ඊට වඩා වෙනස් තත්වයක් තිබේ යයි සිතීම අපහසුයි. වර්තමානයේදී දියවැඩියාව, හෘද රෝග සහ අධික රුධිර පීඩනය තරුණයන් අතරද බහුල බව වෛද්‍යවරු සාක්ෂි සහිතව ඔප්පු කර තිබේ. එම නිසා එම රෝග තත්වයන්ගෙන් පෙලෙන්නේ මහල්ලන් පමණක් නොවන බව කවුරුත් මතක තබා ගැනීම කාලෝචිතයි. තාරුණ්‍යය හොඳයි, නමුත් එයින් මත් වීම අහිතකරයි.

:       11       71

පොඩිඑකාSaturday, 23 August 2025 07:08 PM

පාඨකයෝ, රජයේ රෝහල්වල දියවැඩියා රෝගීන්ට දෙන්නේ දියවැඩියා රෝගී කෑම වට්ටෝරුවකට අනුවයි. පුළුවනි නම් ඔබ කියන දේ කරන එක රෝහලක් නම් කරන්න...

:       61       17

පාඨකයෙක්Saturday, 23 August 2025 08:36 PM

මා ලියූ දේ නැවත කියවා බලන්න. මා ලියුවේ දියවැඩියාව තිබෙන පුද්ගලයෙක් වෙනත් රෝගයක් සඳහා රෝහල් ගත කළ විට මුහුණපාන තත්වයයි. පුද්ගලික රෝහල්වල මෙම තත්වය පවතින බව අත්දැකීමෙන් දනිමි. ශල්‍යකර්මයන් සඳහා රෝහල් ගත වූ දියවැඩියා රෝගියෙකුට ලබා දී තිබුණේ සුදු බත්ය. මෙතැන නම් පළ කිරීම කතෘ මණ්ඩලය නොකරනු ඇති බැවින් රෝහල්වල නම් ලියා ඵලක් නැත. වකුගඩුවක් බද්ධ කළ ඉන්දියානු තරුණියකට එක්තරා නම ගිය රෝහලකින් ආහාරයට දී තිබුණේ "සොසේජස්"ය. මා සඳහන් කළ අවස්ථා දෙකේදීම වෙනත් ආහාර ලබා දීමට සිදු විය. පුද්ගලික රෝහල්වල නම්, පෝෂණවේදියාට කරුණු කියා විකල්ප ආහාරයක් ලබා ගැනීමේ අවස්ථා ඇත. නමුත් ඒ සඳහා රෝගියාගේ පාර්ශ්වයෙන් ඉල්ලීමක් කළ යුතුය. මම එසේ කර ඇත්තෙමි. එසේ කළ වෙනත් අය ගැනද දන්නෙමි. වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත රනිල් වික්‍රමසිංහ මහතාට සිය නිවසින් ආහාර ගෙන්වා ගැනීමට බලධාරීන් අවසර දුන් පුවතක්ද මෙම පුවත් අඩවියේ වෙනත් තැනක පළ තර තිබුණි. එයින්ද මා ලියූ දේ සනාථ වේ. මේවා ලියන මට කිසිම පක්ෂයක් හෝ දේශපාලනය පිළිබඳව හෝ උනන්දුවක් නැත. මා ලියන්නේ හුදෙක් අනෙක් පාඨකයන්ගේද දැනගැනීම සඳහා පමණි.

:       2       35

කපුරුහාමි Saturday, 23 August 2025 04:13 PM

හිරේට යන්න වෙච්චි එකට ප්‍රෙෂර් එක වැඩිවෙලා? ඉක්මන් සුවය ලැබේවා...!

:       67       36

ගුණරත්න Saturday, 23 August 2025 04:16 PM

එතුමාට ඉක්මන් සුවය ලැබේවා, සියලු චෝදනා වලින් නිදහස් වී සුවසේ විශ්‍රාමික දිවිය ගත කරන්න ලැබේවා

:       48       143

කතරගම දෙයියාSaturday, 23 August 2025 08:13 PM

මං ඒක කරලා දෙන්නම්... ඒත් කෝ ගුණයෝ පූජා වට්ටිය, දෙන්නං කාසි බෑ හොඳේ…!

:       49       6

Amare Saturday, 23 August 2025 04:17 PM

රටේ දුප්පත් ජනතාවගෙන් " කජු " කිලෝ 10ක් මේ සමග එවා ඇත.

:       120       46

sujeeva serasinha Saturday, 23 August 2025 04:26 PM

ඊයේ උසාවියේ තීන්දුව දුන්නා... දිට්ට ධම්ම වේදනීය කර්මය .

:       114       49

RAMA Saturday, 23 August 2025 04:29 PM

කෙහෙළිය ගෙනාපු එහෙත් ටිකක් පොවන්න. වැඩි වේදනාවක් නැතිවම යන්න පුළුවන්. එහෙ ජේ ආර් මාමා බලාගෙන ඉන්නවාලු...

:       107       45

Nammuni Saturday, 23 August 2025 04:30 PM

ජාතික රෝහලෙන් මානසික රෝහලට...

:       103       46

ජිල්බු Saturday, 23 August 2025 05:07 PM

ඒකේ නේවාසිකව දීර්ඝකාලීනව ප්‍රතිකාර කරන්න වෙයි.

:       83       25

පාඨකයෙක්Saturday, 23 August 2025 05:31 PM

ඔබ ඩේලි මිරර් පුවත්පතටද ඔය අන්වර්ත නාමයෙන්ම ලියන බැවින් ඉංග්‍රීසි භාෂාව දන්නා, යම් කීසි මට්ටමකට අධ්‍යාපනයක් ලැබූ අයකු යයි මම උපකල්පනය කරමි. නමුත්, රනිල් වික්‍රමසිංහ මහතාට මානසික රෝහලේ දීර්ඝ කාලීනව ප්‍රතිකාර ගැනීමට සිදු වනු ඇතැ'යි ලිවීමට ඔබ මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයෙක්ද නැති නම්...?

:       14       92

ජිල්බුSaturday, 23 August 2025 06:25 PM

ඩවුන් සින්ඩ්රෝම් ගැනද අහන්නේ?

:       66       12

bbc Saturday, 23 August 2025 05:06 PM

මේ මිනිස්සු දේශපාලනේ කරන ගමන් ලොකු සැප ගත්තා.. රටටත් කෙලවුණා. දැන් ඉතින් මේ නහින දෙහින කාලේ, මේ මිනිස්සු කරපු වැරැදි වරද කරුවන් කරලා, ගෙවල් වලට යවලා යහතින් අන්තිම කාලේ ඉන්න දෙන එක හොඳයි. හිරේ විලංගුවේ දානවාට වැඩිය. ඉඩකඩම්, යාන වාහන අයතා දේපල ඇති නම් ඒවා රාජසන්තක කරන එක කරන්න පුළුවන්..

:       81       45

nimal Saturday, 23 August 2025 05:14 PM

හිටපු ජනපති රනිල් බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට යැවීමට ගත් තීරණය අගයමු...

:       12       38

fairoos Saturday, 23 August 2025 05:16 PM

කොයි තරාතිරම්වල හිටියත් රුපියලකින් හරි රටට වංචාවක් කරලා තියෙනවා නම් දඬුවම් ලැබෙන්න ඕනෑ. අනිත් අයටත් ළඟදීම ෂොට් එක හම්බ වෙයි.

:       69       35

කෙහෙලිය Saturday, 23 August 2025 05:57 PM

හැමෝම ආපහු ගෙදර යන්නේ නෑ..

:       62       18

Asela Saturday, 23 August 2025 06:13 PM

මෙම පාලනය විරුද්ධවාදීන් මර්දනය කරන ආකාරය, විපක්ෂ දේශපාලනඥයන් තම අභිමතය පරිදි අත්අඩංගුවට ගැනීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය හසුරුවන ආකාරය අපි ප්‍රකාශයට පත් කරන්නෙමු. වර්තමාන තත්ත්වය ලොව පුරා පැහැදිලි කිරීම සඳහා මම සංයුක්ත හා ප්‍රවෘත්ති ලිපි ලිවීමට පටන් ගෙන ඇත්තෙමි. මම මගේ මුළු දවසම මේ සඳහා කැප කරමි. පෑනෙහි බලය වඩාත් බලවත් වන අතර මම මෙම ආක්‍රමණශීලී පාලනයට එරෙහිව නැගී සිටිමි. සියලුම ප්‍රවෘත්ති නාලිකා දැනටමත් පරීක්ෂා කර බලන්න.

:       28       125

ට්‍රම්ප් ගොයියාSaturday, 23 August 2025 07:16 PM

හායි මිස්ට අසේල, මාත් ඇමෙරිකාවේ ඉඳන් ඔයාගේ ලිපි රීඩිං. ටැංකූ හොඳේ..!

:       52       12

ප්‍රියන්තSaturday, 23 August 2025 07:26 PM

මිස්ටර් අසේල, ඔයාගේ පහුගිය කමෙන්ට් කියවනකොටම මට නම් තේරිලා තිබුනේ මැන්ටලේ අවුල් කියලා...!

:       51       19

kasun Saturday, 23 August 2025 06:35 PM

මේ වෛරී දේශපාලනය කරන අයගේ අම්මලා තාත්තලා ඔක්කොටම මේ වගේ ICUම යන්න ලැබේවා...!

:       20       50

ruwan Saturday, 23 August 2025 06:36 PM

මේ ජවිපයයි, ඒකෙ ඉන්න 3% මිනිස්සුයි ඔක්කොම මානසික ලෙඩ්ඩු... පුදුම වෛරයකින් ජීවත් වෙන මානසික ලෙඩ්ඩු ටිකක්.

:       25       48

Perera Saturday, 23 August 2025 06:59 PM

ජාතික රෝහලෙන් ... කොහාටද?

:       42       14

ඇන්ඩ්රු Saturday, 23 August 2025 07:48 PM

මෙතන දාල තියෙන සමහර අදහස් තනිකරම සල්ලිවලට රස්සාවට ලියන අයගේ අදහස්. නම් වලිනුත් තේරුම් ගන්න පුළුවන්. ජිල්බු, කපුරුහාමි, විපරමා තමුන්ගේ ඇත්ත නමින් ඉන්නවත් කොන්දක් නෑ.

:       3       47

අකිල Sunday, 24 August 2025 09:06 AM

දශක ගාණක් තිස්සේ රටේ ධනය හොරා කාපු කොළඹ හාමුලට නිතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තම කඩේ යන උන්දල සැහෙන්න කලබල වෙලානේ තමන් ඉන්නේ මොන පන්තියේ ද කියලවත් දන්නේ නැති මිනිස්සු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site