
(රංජිත් පද්මසිරි - සන්ඩේ ටයිම්ස්)
වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති තම බිරිඳගේ ගෞරව ආචාර්ය උපාධි ප්‍රධානෝත්සවය සඳහා සහභාගීවීමට එක්සත් රාජධානිය බලා පියාසර කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය මුදල් රුපියල් ලක්ෂ 166 ක මුදලක් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයන් 50 කගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇතැයි ආරංචි මාර්ග පසුගියදා ප්‍රකාශ කළේය.
ඒ පිළිබඳව විමර්ශනය කිරීමට එක්සත් රාජාධානිය බලා ගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායම එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් 4 කගෙන් පසුගිය සතියේ ප්‍රකාශ ලබාගෙන ඇති අතර එම කණ්ඩායම අද(24) ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. පැමිණීමෙන් පසුව ප්‍රගතිය මැන බැලීම සඳහා වාර්තාවක් ගොනු කිරීමට නියමිතය.
මේ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායමක් පසුගිය සතියේ නීතිපති පාරින්ද රණසිංහ හමුවී තම සේවාදායකයා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳව විමසා බලා ඇත. ජනාධිපති නීතිඥවරුන් වන රෝලන්ඩ් පෙරේරා, අනුජ ප්‍රේමරත්න සහ එරාජ් ද සිල්වා යන නීතිඥ කණ්ඩායම නීතිපතිවරයා හමුවී සාකච්ඡා පවත්වා ඇති අතර, සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න, අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා යන මහත්වරු ද නීතිපතිවරයා සමග එම සාකච්ඡාවට සහභාගී වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායම අද(24) මෙරටට පැමිණීමෙන් පසුව විමර්ශන ප්‍රගතිය පිළිබඳව වඩාත් හොඳ පැහැදිලි කිරීමක් ලබාදීමට හැකිවනු ඇතැයි නීතිපති පාරින්ද රණසිංහ මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතිඥ කණ්ඩායමට පවසා ඇත.
2025 දෙසැම්බර් මස 04
232
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිටපු ජනපති රනිල්ගේ රට සවාරිය ගැන 50කගෙන් ප්‍රකාශ
ජිල්බු Sunday, 23 November 2025 05:56 PM
පරීක්ෂණේට කෝටි කීයක් විතර යයිද? මුන්ගේ හොර හොයන්න අයවැයෙන් වෙන්කරන්න වෙනවා.
තර්ස්ත මාෂල් Sunday, 23 November 2025 07:33 PM
අවරුදු 76 ක් ගස් යටට වෙලා, දෙමව්පියන්ගෙන් පිනට කකා ඉදල දැන් ඉතින් , රට හදන එක නෙමේ , වය්රය පිරිමහනවා ඉරිසියාවත් එක්කම , මොකද ඒ මොලේ මුළු ලෝකෙම පිලිගන්නවා , ගරු කරනවා . මේ රටට ලැබුන සම්පතක් , නොදන්නා දෙයක් අහගන්න ඉතුරුවෙලා ඉන්නේ එච්චරයි .
Nishan Monday, 24 November 2025 04:54 AM
කොහොම හරි රනිල්ව කොටු කරන්න හදන්නේ ඇමරිකාවේ උපදෙස් අනුව වෙන්න ඇති. මොකද රනිල් ඉරාන ජනාධිපතිව ලංකාවට ගෙන්නුවා නේ. අරගලේදී ඇමරිකාන් තානාපතිනිට හීලෑ උනෙත් නෑ. හැබැයි ඔය නීතියම මේ ආන්ඩුවේ නායකයන්ටත් බලපාන බව අමතක කරන්න එපා. මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳන් ජනාධිපති විතරක් නෙවෙයි මැති ඇමතිලත් ලෝක සවාරි ගහනවා රටට ගෙනාපු දෙයක් නෑ...
නාමල් Monday, 24 November 2025 06:24 AM
නඩුව විභාග වෙමින් පවතිද්දී විත්ති පාර්ශ්වයට නීතිපති හමුවී ඒ පිළිබඳව සාකච්ඡා කළහ හැකිද. ඒ කුමන නීතියක්ද?
චින්තක Monday, 24 November 2025 08:29 AM
බලයේ හිටියා නම් තොන්ඩමන්ගේ මගුලට යන්නෙත් රටේ සල්ලි වලින්...