IMG-LOGO

හිටපු ජනපතීන්ගේ තව තටු කැපේ

(සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනාධිපතිවරුන්ට මෙතෙක් ලබා දී තිබූ දුරකතන හතරෙන් තුනක්ම ඉවත් කර ඇත.

මේ අනුව හිටපු ජනාධිපතිවරයකුට දැනට හිමිවන්නේ එක් දුරකථනයක් පමණි.

මේ සම්බන්ධයෙන් අප හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ හිටපු ජනාධිපතිවරයාට මෙතෙක් ලබාදී තිබූ දුරකථන හතරෙන් තුනක්ම ඉවත් කර ඇති බවයි.

එසේම සේවකයන් සංඛ්‍යාවද සීමා කර ඇතැයි පැවසූ එම නිලධාරියා නිල වාහන සංඛ්‍යාවද දෙකකට අඩු කර ඇතැයි ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරුන්ට මෙතෙක් ලබා දී තිබූ විවිධ පහසුකම් අඩු කිරීමට ජාතික ජන බලවේග රජය පසුගියදා තීරණය කළේය. මෙම පහසුකම් මෙසේ ඉවත් කර ඇත්තේ ඒ අනුවය.

 



අදහස් (20)

හිටපු ජනපතීන්ගේ තව තටු කැපේ

CK.Lankaputhra Thursday, 01 May 2025 08:01 AM

මේවා ඉතා වැදගත් තීන්දු තීරණ. මේ අය කෝටි ප්‍රකෝටි පතියන්. මේ අයට අවශ්‍ය නම් එක ෆෝන් එකක් නෙවෙයි දහයක් වුණත් තබා ගත හැකියි. නමුත් මහජන මුදලින් නෙවෙයි. මේ අය රට වැඩදායක වුණ තරමටම අවැඩදායක වුණ අය.

:       0       0

Saththaya Thursday, 01 May 2025 08:07 AM

තටු නෙමෙයි , වෙන මොනවා කැපුවත් , ඔවුන්ගේ පළපුරුද්ද, බුද්ධිය කපන්න බැහැ. එය හොඳට පැහැදිලියි.

:       0       0

Asanga Thursday, 01 May 2025 08:08 AM

මේ අය මහලු මඩමක් හොයලා දාන්න...

:       0       0

Perera Thursday, 01 May 2025 08:08 AM

දැන්නේ මේ අයගේ විශ්‍රාම වරප්‍රසාද ගැන හෙළිවෙන්නේ...

:       0       0

DonDon Thursday, 01 May 2025 08:21 AM

තවත් සිඟිති ආතල් එකක්. කුහක ජෙප්පෝ. මුන් රට හදන්නේ නැහැ.

:       0       0

මෝඩ හුටංලා Thursday, 01 May 2025 08:25 AM

ඉතා හොඳයි. ජනතා සේවය එන්නෙ වැඩකරන්න මිසක් සැප විඳින්න නොවේ.

:       0       0

රනේ Thursday, 01 May 2025 09:58 AM

දැන් නම් අපි දියුණු වෙමින් පවතින රටක් බව තේරෙනවා. සතුටුයි.

:       0       0

පිටරටවැසියා Thursday, 01 May 2025 10:13 AM

දුරකථනම හතරක්? එකක් මුඛේ, අනෙක ..., දෙකක් කණේ වෙන්ට ඇති?

:       0       0

කව්ද බෝයි Thursday, 01 May 2025 10:14 AM

කොල්ලටයි, බල්ලටයි පාවිචියට තිබුණු අමතර දුරකථනත් අයින් කරලා. දැන් ඉතිං ඔවුන්ටත් බොත්තම් ඔබන ජංගම දුරකතනයක් අරගෙන, රීලෝඩ් එකක් දාගෙන තමයි මලක්හරි කඩන්න වෙන්නේ. අනේ අපොයි....

:       0       0

Nihal Thursday, 01 May 2025 10:16 AM

දැනුත් ඔහොමනම්? බලයේ ඉන්නකොට කොහොම සුද්දයක් දෙන්න ඇද්ද...?

:       0       0

වින්සන්ට් කජ්ජා Thursday, 01 May 2025 10:19 AM

පරණ පිනක් ඉහේ කඩාගෙන වැටුණු ජනපතියන්ටත් ඔය වරප්‍රසාද තියෙනවාද? ඒ පිනම මදිද සැනසෙන්න...

:       0       0

prasanna Thursday, 01 May 2025 11:23 AM

තමන්ගේම තටු කපගන්නේ කියලාවත් තේරුමක් නැති හැටි.

:       0       0

සෙනෙවිරත්න Thursday, 01 May 2025 11:28 AM

ඒකත් අනවශ්‍යයි, රටට හොඳට වඩා නරකයි කලේ, ඒකයි මේ කරුමෙ විඳින්නෙ. දැන් තවත් ජනතාවට බරක් නොවී තැන් තැන් වල ගෑනු වගේ කියව කියව ඉන්නෙ නැතිව පොදු මහජනයාට යහපතක් වෙන දෙයක් දැන්වත් කරන්න. ඔතන සමහරු ජනතාවට අඩු නැතිව විහිළු නම් සපයනව.

:       0       0

ranjith Thursday, 01 May 2025 12:40 PM

රට බංකොලොත් වෙලත් මේ මිනිස්සුන්ට කිසිම අනුකම්පාවක් නැතුව මහජන මුදල් කාබාසිනියා කරන හැටි. විශ්‍රාම වැටුප් පමණක් අවශ්‍යයි කියලා ඉල්ලනවානම්, ඒකවත් දෙන්න.

:       0       0

ගුණරත්න Thursday, 01 May 2025 01:11 PM

දැන් පත්වෙලා ඉන්න ජනාධිපතිගේ නම් තටු වැඩෙනවා කියලා අපි දැක්කා... වාහන 3ක් විතරක් තිබ්බ පෙළපාලිය දැන් 10ක් විතර යනවා.

:       4       0

NPP Thursday, 01 May 2025 01:30 PM

ඕක තමයි රටේම බහුතර ජනතාව ඉල්ලන වෙනස. ජයවේවා...!

:       0       2

අරුණි Thursday, 01 May 2025 05:01 PM

කෝ ඉතිං මේ කරන දේවල ප්‍රතිලාභ ජනතාවට නෑනේ. ගිය සැප්තැම්බරයේ ඔලුව උස්සන් හිටිය අපි අද ජීවන බරෙන් ගහෙන් වැටුනු ගොන්නු වගේ ඉන්නවා.

:       28       11

කෞෂිThursday, 01 May 2025 06:18 PM

ඔයා වගේ අය ගහෙන් වැටුනේ නැතත් ඒ වගේ තමයි, අරුණි...

:       3       20

කුකුල් චමින්ද Thursday, 01 May 2025 09:50 PM

අරුණිලා වගේ ගොන්නු ඉන්නකල්, අපිට සැප කණේ.

:       0       3

අජිත් ප්‍රියන්ත Friday, 02 May 2025 07:24 AM

ජනතා මුදලින් ජීවත්වෙන හිඟන්නෝ....ඊළඟ ආත්මෙ රජයේ හරක් ගොවිපලක හරක්ම වෙනවා...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site