IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපීමේ වාර්තාව ජනපතිට

(කැලුම් බණ්ඩාර)

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කපා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බාධාවක් වන බව ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති පත්කළ කමිටුවට නිරීක්ෂණය වී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර ලබාදුන් පොරොන්දුව පරිදි රජයේ වියදම් සීමා කිරීම සඳහා දරණ උත්සාහයේදී හිටපු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සහ ප්‍රතිලාභ කප්පාදු කිරීම සඳහා අවස්ථාවක් තිබෙනවා දැයි සොයා බැලීම සඳහා ජනධිපති අනුර කුමාර දිසානායක මහතා කමිටුවක් පත් කළේය.

හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්‍රතිලාභ කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කපා හැරීමට හෝ අහෝසි කිරීමට නොහැකි බව කමිටුව සොයාගෙන ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(2) උප වගන්තිය යටතේ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එම ධූර දරන තැනැත්තාට පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබන වැටුප් හා දීමනා සහ ඉන් අනතුරුව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ඇත්තේය. පසුව මෙම ව්‍යවස්ථාවට කරනු ලබන සංශෝධනයක්, මෙම ව්‍යවස්ථාව පරිච්චින්න කිරීමක් නැතහොත් ප්‍රතියෝජනය කිරීමක් සහ මෙම ව්‍යවස්ථාවට අනනුකූලවන පසුව පනවනු ලැබූ යම් නීතියක් හෝ ඒ නීතියක යම් විධිවිධානයක් අතීතයට බලනොපාන බවද එහි දැක්වේ.

 



අදහස් (5)

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපීමේ වාර්තාව ජනපතිට

Siraa Thursday, 30 January 2025 02:48 AM

කපන්න නෙමෙයි, එලවලා දාන්න. විශේෂයෙන් යුතු ලෙස ගෙවල් හදා ගෙන, 5000 සල්ලි කොළ ගබඩා කරන ඉන්න මයිනාව එලවන්න. හේර ලිය, සීරාව ඔය ඔක්කොම එලවලා දාන්න.

:       1       4

de silva Thursday, 30 January 2025 07:42 AM

ජනාධිපතිතුමනි 2/3 වැඩි බලයක් තිබෙනකොට අවශ්‍ය නම් ව්‍යවස්ථාව අවශ්‍ය විදිහට වෙනස් කරන්න පුළුවන් නේද? ජනමත විචාරණයකට ගියත් ජනතාවගේ සහයෝගය ලැබෙනවා නේද? එහෙම කළොත් ඔබගේත් මන්ත්‍රී සහ ජනාධිපති විශ්‍රාම වැටුප් කැපෙනවා නේද? ඉස්සර හිටපු ජනාධිපතිවරුත් ඡන්දෙට කලින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වැනි කැරට් අල ජනතාවට දුන්නා. නමුත් දැන් ජනතාව එම කැරට් අල භාරගන්න සූදානම් නැති බව නන්දසේන ජනාධිපතිතුමාට සිදුවුණා ප්‍රශ්නෙන් පැහැදිලි වුණ, ඔබතුමාට පොරොන්දු ඉටු කිරීම හැර වෙන විකල්පයක් නැත. ජනතාව සැදී පැහැදී බලා සිටියි...

:       0       4

Aruna Thursday, 30 January 2025 09:06 AM

බොරු පොරොන්දු දෙන්න ඉස්සෙල්ලා නීතිය මොකද්ද කියලා දැන් නැති මිනිස්සු රටක් කරන්නේ කොහොමද? ගැලරිය පිනවන්න මොනවා කීවත් රටක නීතිය පැවතිය යුතුමය. අන්තිමට කව්ද රැවටිලා තියෙන්නේ....

:       13       12

JayasekaraThursday, 30 January 2025 10:41 AM

එහෙම වුණා කියලා ඡන්දේ දීපු මිනිස්සු සැලෙන්නේ නැහැ. එවැනි උත්සහයකට යන එකම ලොකු දෙයක්. කවුද ඒ වගේ කරන්න හැදුවේ. කවුරුවත්ම නැහැනේ. ඔයවගේ දේවල් වලින් මිනිස්සු ඇන්දුවාගෙන් විශ්වාසේ නැති කරගන්නේ නැහැ.

:       1       3

Suranga Thursday, 30 January 2025 12:34 PM

ළදරුවෙක් මුලින්ම ළදරු පාසලට ඇතුලත්කරනවා. එදා සිට එම දරුවා දෙමාපියන්ගේ අදහසට වඩා පිලිගන්නේ මොන්ටිසෝරි ටීචර්ගේ කියාදීම් පමණයි. දෙවනුව පාසලට ඇතුලත් කළාට පස්සෙ උසස් පෙළ දක්වාම පාසැලේදී උගන්වන ගුරුවරුන්ගේ කියාදීම් පමණක් පිලිගැනීම කරනවා තමන් ඉගෙනුම ලබන විෂයයන් දෙමාපියෝ ඉගැන්වීම කලත් දරුවෝ ඒවා සතයකට මායිම් කරන්නෙ නැහැ. මට ඒක කිව්වෙ ප්‍රසිද්ධ ගුරුවරයෙක් .ඉතින් ලංකාවෙ දේශපාලනයේ දී ඡන්දහිමියන් කටයුතු කරන්නේ එම දරුවෝ වගේම තමයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 27 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2508 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site