
(සුජිත් හේවාජුලිගේ)
හිටපු කතානායකවරයකුගේ මාසික කෑම බිල (ඔහු එම ධූරයේ සිටියදී) රුපියල් ලක්ෂ තුනහමාරක් බව හෙළිවී ඇත.
පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් පැවැත්වූ විගණනයේ සම්පූර්ණ වාර්තාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට වැඩබලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතා විසින් ඉකුත්දා බාර දෙනු ලැබීය.මෙම තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේය.
පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයේම අක්‍රමිකතා පිළිබඳව එමගින් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ඇතැයි කතානායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම වාර්තාව ඉදිරි දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් සම්පූර්ණ විගණනයක් කරන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වැඩ බලන විගණකාධිපතිවරයාට මීට මාස කිහිපයකට ඉහතදී දැනුම්දුන්නේය . ඒ අනුව මෙම විගණන විමර්ශනය පවත්වා එහි වාර්තාව කතානායකවරයාට මෙසේ බාරදී ඇත.
මේ සම්බන්ධයෙන් අප වැඩ බලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මුළු පාර්ලිමේන්තුවම ආවරණය වන පරිදි මෙම විගණනය කළ බවයි.
විගණන වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා කතානායකවරයා විසින් අදාළ අංශ වෙත යොමු කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත. ඒ සම්බන්ධයෙන් කතානායකවරයා නීතිය අංශවලද උපදෙස් ගනු ඇතැයි සඳහන්වේ.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිටපු කතානායකවරයෙක් මාසෙකට ලක්ෂ තුනහමාරක කාලා
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Saturday, 18 October 2025 12:31 PM
ඕකත් කජ්ජක්ද? හිටපු අය ඔක්කෝම සෙට්වෙලා මුළු රටම කාපු එකේ? අනෙක තමයි ඔය හිටපු සෙට්වල ඉන්න හුඟාක් අය උදරය ඉදිරියට නෙරා ඒමේ බෝවෙන රෝගයට ගොදුරුවෙලා තියෙන එක. ඒක සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලටත් හොඳ කරන්න පුළුවන් රෝගයක් නොවෙයි.
Perera Saturday, 18 October 2025 01:49 PM
පොලී මුදලාලි ඔහොම තමයි.
අබා Saturday, 18 October 2025 02:26 PM
IMF ඒක මිලියන 300 ගානෙ ණය දෙන්නේ ඕකට තමයි... කතා නායක හොදට කන්න කියලා.. IMF ප්‍රඤ්ඥප්ත්යේ 4 වන වගන්තියේ 20 වන ඡේදයේ තියෙන්නේ...
de silva Saturday, 18 October 2025 03:09 PM
මට හිතෙන්නේ පොලි මුදලාලි ගැන නෙමේ මේ කතා කරන්නේ අශෝක් රන්වල ගැන...
මැක්ස් Saturday, 18 October 2025 03:35 PM
ඒ කතානායක රසබොජුන් කාලා තනතුරත් කෑවා, රංවල ආචාරිතුමා බොරු බේගල් ආචාර්ය උපාධි ගැන කෙප්ප කියලා, නිල හිස් වැසුම රුයිතෙට ඇඳලා තනතුරේ ගෞරවය කෑවා. වැඩි වෙනසක් නෑ.
C.K.Lankaputhra Saturday, 18 October 2025 04:44 PM
මුඛයෙන් මුදල් සහ අධෝමුකයෙන් කෑම එකවර දෙකෙන්ම පරිභෝජනය කරන්න ඇති. දෙපැත්තෙන්ම පුරවනකොට බන්ඩි ගෙඩිය ලොකු වෙන එක ගැන කවර කතාද.
ගුණරත්න Saturday, 18 October 2025 08:54 PM
ඒ වුනාට නිල නිවාස දෙකක් තියන් එකක් යාලු කොල්ලාට දෙන්න තහනමක් නැහැ ආයිබෝවන්...
Haramanis Tuesday, 21 October 2025 11:49 AM
දැන් සෙට් එකෙත් එහෙමමයි බඩවල් නෙරලා නේද