IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හිටපු එස් එස් පි යළි රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

 ප්‍රකට සංවිධානත්මක අපරාධ කල්ලි නායකයින් ලබා දුන් රුපියල් කෝටි එකහමාරකට අධික මුදල් බැංකු ගිණුම් තුනකට බැර කරවා ගත්තේ යැයි බන්ධනාගාරගත  ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිය   දියණියගේ සහ බිරිඳගේ  බැංකු ගිණුම් වලට  අල්ලස් ලෙස ලබා ගත් මුදල් බැර කර ඇද්ද ? යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග  එස්   බෝදරගම  මහතා හමුවේ කරුණු දක්වමින්  අල්ලස් කොමිසම අද(02) පැවසීය.

මාස අටක් වැනි කෙටි කාලයක් තුළදී   ප්‍රකට සංවිධානත්මක අපරාධ කල්ලි නායකයින්ගෙන්,මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්,පොලිසියට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් හා වෙනත් ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් ලක්ෂ එකසිය හතලිහක මුදලක් බැංකු ගිණුම් තුනක බැර කරවා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කළ සතිෂ් රාජන් හියාරේ ගමගේ සැකකරුට එරෙහි විමර්ශනය කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කළේය.

අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පොලිස් පරීක්ෂක ගාමීණි අබේසිංහ මහතා කරුණු දක්වමින් සැකකරු විසින් අල්ලස් ලෙස ලබා ගත්තේ යැයි කියන තවත් එක්කෝටි දාසය ලක්ෂයකට අධික මුදලක් ඔහුගේ පුද්ගලික බැංකු ගිණුමක තිබී සොයා ගත් බව පැවසීය.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ විමර්ශන නිලධාරියා මෙසේ ද පැවසීය.

එක්කෝටි දාසය ලක්ෂයකට අධික මුදලක් බැර වූ එම බැංකු ගිණුම මීට පෙර අවස්ථාවලදී විමර්ශනය කළ බැංකු ගිණුම් තුනට අමතරව මුදල් බැර කර තිබෙන නව ගිණුමක්, මෙම එක්කෝටි දාසය ලක්ෂයක මුදල ඔහුගේ රියදුරු වන විජේසිංහ සහ පොලිස් කොස්තාපල්වරයකු වන අසිත නම් පුද්ගලයන් දෙදෙනකු විසින් බැර කර ඇති බවට කරුණු අණාවරණය වෙනවා. සැකකරුගේ රියදුරා විසින් අදාල ගිණුමට මුදල් 67 වතාවකුත් පොලිස් කොස්තාපල්වරයා විසින් අවස්ථා තුනකදීත් මුදල් බැර කර තිබෙනවා.සැකකරු බන්ධනාරගාරගත වූ දින රාත්‍රියේ මෙම විමර්ශනයේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන අනුර නානායක්කාර යන අයව පැහැදිලි හේතුවක් නැතිව අක්මීමන පොලීසිය මඟින් පසුගිය අගෝස්තු 14 වැනිදා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධව අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් සිදු කරනවා.

සැකකරු විසින් සාක්ෂිකරුවන්ට සෘජුව හා වක්‍රව බලපෑම් කර ඇති කළ බවට කරුණු අණාවරණය වන බැවින් හා විමිර්ශනය තවමත් සිදු වන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද විමර්ශන නිළධාරීයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රදීප් ජයකොඩි මාතා කරුණු දක්වමින් අල්ලස් කොමිසම විසින් සිය සේවාදායකයාට එරෙහිව එල්ල කරන චෝදනා සාධාරණ නොවන බව පැවසීය.

සැකකරු අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් සුදුදු ඇපයක් මත  මුදා හරින ලෙස ඉල්ලා සිටියේය. දෙපාර්ශවයේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු හට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරමින් ලබන 16 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.  විමර්ශන අවසන් කර එදිනට කරුණු ඉදිරිපත් කරන  ලෙසට අල්ලස් කොමිසමට නියම කළේය.

 



අදහස් (0)

හිටපු එස් එස් පි යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 79 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site